IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රූමස්සල වනජීවී අභයභූමියේත් ගස් කපා අඩි 40 ක පාරක් හදන්න යයි



(සිරංගිකා ලොකුකරවිට)

රූමස්සල වනජීවී අභයභූමියට අයත් ප්‍රදේශයේ ගස් කපා හෙළි පෙහෙළි කර රූමස්සල හරහා අඩි 40ක පාරක් ඉදිකරන බවට ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පිරිසක් එම ප්‍රදේශයේ අද (02) නිරීක්ෂණ චාරිකාවක‍ නිරත වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් සම්බන්දව මාධ්‍යවේදීන් විසින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙම චාරිකාව සංවිධානය කර තිබිණ.

මෙම චාරිකාවේදී ගස් කපා හෙළි පෙහෙළි කර ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න මහතා පැවසීය.

පසුගිය දිනවල පලවූ මාධ්‍ය වාර්තා වලින් අනාවරණය කර තිබුණේ උණවටුනේ ඉදිවෙමින් පවතින හෝටලයක අවශ්‍යතාව අනුව ඉදිකිරීමට යෝජිත මාර්ගයක් සඳහා රූමස්සල සාම චෛත්‍යයට පහලින් කැලේ කපා හෙළි පෙහෙළි කර ඇති බවයි. පසුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණේ එම ප්‍රදේශය හරහා අඩි පාරක් ඇති බවත් එම අඩි පාර දෙපස ගස් කපා විනාශ කර නොමැති බවත්ය. ගස් කපා දමා ඇත්තේ යාබද ඉඩමකට ප්‍රවේශ මාර්ගයක් සඳහා බවත් එහි සඳහන් කර තිබිණි.

එම මාධ්‍ය නිවේදනය සම්බන්දව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් පසු සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් අද (02) සවස මෙම ක්ෂේත්‍ර චාරිකාව සංවිධානය කර තිබිණ.

රූමස්සල වනජීවී අභයභූමියේ සීමා මායිම් ආසන්නයෙන් ම වැටී ඇති අඩි පාර දෙපස තැන තැන ගස් කපා දමා ඇති ආකාරයත්, එම අඩි පාරේ සිට සාම චෛත්‍යය දෙසට අඩි 05ක පමණ ගස් වැටියක් ඉවත් කර යෝජිත අඩි 40 මාර්ගයේ පළලට සමාන වන පරිදි තවත් අඩි 30ක පමණ ප්‍රමාණයක් ගස් කපා හෙළි පෙහෙළි කර ඇති ආකාරයත් එහිදී මධ්‍යම පරිසර අධිකාරියෙන් පැමිණි නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.

රූමස්සල ජන්ගල් බීච් දෙසට  යන මාර්ගයෙන් හැරී යන පීල්ල පාර නම් අඩි පාර ආරම්භයේ සිටම පුළුල් කරමින් සිටින ආකාරයත් ඒ අසළ කළු ගල් කඩා ඉවත්කර ඇති ආකාරයත් එහිදී දක්නට හැකිවිය.

 

ඒ අවස්ථාවට පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් ඇතුළු නිලධාරීන් මීට සතියකට පමණ පෙර එම ස්ථානයට පැමිණෙන විට එම ගස් කපා දමා ඇත්තේ පුද්ගලික පදිංචිකරුවකුගේ නිවසට යාමට යැයි ග්‍රාම නිලධාරීවරයා පැවසූ බවයි. නමුත් එම නිවස කුඩා ලෑලි නිවසක් වන අතර එය අනවසර පදිංචිකරුවකුගේ නිවසක්යැයි චෝදනා කරමින් අසළ ඇති ජපන් සාම චෛත්‍යයේ නායක හිමියන් ‍පොලිසියට පැමිණිල්ලක් ද යොමු කර තිබිණ. එවැනි කුඩා නිවසක පදිංචි පවුලකට අඩි 40 ක් විශාල මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාව කුමක් දැයි මාධ්‍යවේදීන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කියා සිටියේ මේ එළි කිරීම සිදුකර ඇත්තේ සාම චෛත්‍යයට අයත් ඉඩමෙන් බවයි.

කෙසේ වුවද අභයභූමියේ සීමාවේ මායිම් සළකුණු අනුව එම ගස් ‍කපා එළි පෙහෙළිි කර ඇති ප්‍රදේශය අභයභූමියේ ප්‍රේරණ කලාපයට අයත්වන බවත් කිසිසේත්ම එළි පෙහෙළි කළ හැකි ප්‍රදේශයක් නොවන බවත් එහිදී කරුණු අනාවරණය විය. ඒ අනුව සහකාර අධ්‍යක්ෂ ප්‍රේමරත්න මහතා කියා සිටියේ මෙම කරුණු වාර්තා කර එම කොටස එළි පෙහෙළි කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.  

 



අදහස් (10)

රූමස්සල වනජීවී අභයභූමියේත් ගස් කපා අඩි 40 ක පාරක් හදන්න යයි

Nuwan Tuesday, 02 March 2021 03:04 PM

මේ වගේ පරිසර හානියක් අර ගල විදපු සුද්දන්වත් කළේ නැහැ.

:       2       38

kapilaTuesday, 02 March 2021 09:12 PM

සුද්දා ගල විද්දේ නැත්නම් තාම ගමන පයින්.

:       3       5

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 March 2021 04:59 PM

රූමස්සල කියන්නේ ඖෂධ වලින් පිරුණු වනාන්තරයක්.. බොහෝ වටිනා ඖෂධ පැළෑටි වලින් සමන්විත මේ මහා වනබිම රැකගැනීමට බුද්ධිමතුන්ගේ මැදිහත්වීමට කාලය පැමිණ ඇති බව පෙනේ..

:       0       10

ලුම්බිණි Wednesday, 03 March 2021 03:59 AM

නීතිය ක්‍රියාත්මක කරන කොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි...

:       0       9

සෙනෙවිරත්න Wednesday, 03 March 2021 05:02 AM

මට හිතෙන්නේ මේක ⁣කවුරුත් දැන දැන බබා පාට් දාන වැඩක්, අරලිය හාල් කරන ඩඩ්ලි සිරිසේන මහත්මයා හදාගෙන යන හෝටලයට දැනට උණවටුන වැල්ලේ දේවාලය මාර්ගය පටු බැවින් රූමස්සල බෝවිස්ටාව හරහා මාර්ගයක් ඉදිකිරීම වෙන්න ඕන අන්තිමට ඕක කෙරෙයි. මේක ගාල්ල නගරයට නෙපෙනුුණාට උණවටුන වංගුව අසල මුහුද විවෘත වන තැනට පේනවා වැල්ල දේවාලය පැත්තෙන්, විශාල ආයෝජනයක් පාරවල් හොඳට නැතිව මොකටද? ඒක නිසා මේ මාර්ගය දීම වරදක් ලෙස සලකන්න බැහැ.

:       5       9

දිමුත් Wednesday, 03 March 2021 05:30 AM

සහකාර අධ්‍යක්ෂකතුමා ඔච්චර කල් බුදියාගෙනද හිටියේ...?

:       0       13

69lakshaya Wednesday, 03 March 2021 06:04 AM

මොකක්ද මේ ජෙප්පොයි, ටොයියොයි පරිසර විනාශයක් ගැන කෑ ගහන්නේ? කැලෑවල් එළිකරලා හෝටල් හදලා, පාරවල් හදලා ලංකාවේ ආර්ථිකේ දියුණු වෙන බව මේ අයට තේරෙන්නේ නද්ද?

:       19       5

Kamal KoyralaWednesday, 03 March 2021 10:30 AM

69 ලක්ෂයේ අය හදපු වරායවල්, ගුවන්තොටුපළවල්, අධිවේග මාර්ග, නෙළුම් කුළුණු විකුණපු ඉඩම් ටික මදිද සංවර්ධනයට..? කැලෑ එළිකරලා කරන්න යන සංවර්ධනය මොකක්ද?

:       0       3

nihal Wednesday, 03 March 2021 08:45 PM

69 ලක්ෂය. නමින් ලියන්නේ කවුද? තමුන් අර ඔක්සිජන් කන්නද කියපු කල්ලියේ කෙනෙක්ද?

:       0       0

sharm warn Thursday, 04 March 2021 03:43 AM

මේ තරම් කාලකණ්ණි පාලකයෝ ඉන්න රටක්.. තව කොහේහරි දැක්කොත් කියන්න. මම කිව්වේ නැද්ද පරිසර අධිකාරියේ ඉන්න ලොක්කන්ගේ වැඩ අපි දන්නවා කියලා. මිනිස්සු ඝෝෂා කළොත් විතරයි එයාලගේ පඬුපුල් ආසන ටිකක් සීතල බැහැලා වෙනසක් දැනෙන්නේ. අඩි 40 ඇතිද දන්නේ නැහැ..? පොලොන්නරුවේ අගමැති ඩඩ්ලි මාමාට ජයවේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 86 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 128 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 402 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 169 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 318 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 712 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site