IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ 2 ක් ඉල්ලූ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

(ආරියරත්න රණබාහු)

රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව ලැබෙමින් තිබියදී තවත් අතිරේක දීමනාවක් ලෙස රුපියල් ලක්ෂ දෙකක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාවකට අත්සන් කිරීම තමා ප්‍රතික්ෂේප කළේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) කොළඹදී පැවැසීය.

යම් යම් ප්‍රශ්න මතුවන්නේ මෙවැනි දේවල්වලට තමාගේ අකමැත්ත පළකිරීම නිසා යැයිද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා එම අදහස් පළකළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද  (06) පස්වරුවේ පැවැති උත්සවයක් අමතමිනි.

ශ්‍රී ලංකාවට පිළිගත් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

 ‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වරප්‍රසාද සහ අයිතිවාසිකම් අසීමිතයි.

අද උදෙන් කැබිනට් මණ්ඩලයේදී මේ ගැන වාද විවාද වුණා මන්ත්‍රීවරුන්ට අතිරේක දීමනාවක් දීම සඳහා රජය පැත්තෙන් යෝජනාවක් ගෙනාවා මම කිව්වා කැමති වෙන්න පුළුවන් කමක් නැහැ කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප් සහ දීමනාවන්ට අමතරව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න තමයි ඒ යෝජනාව ගෙනත් තිබුණේ. ඒ සඳහා මට ලොකු බලපෑමක් කළා.

මම කිව්වා මට නම් කැමති වෙන්න බැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දැනට මාසිකය රුපියල් ලක්ෂ 4 කට වැඩිය ලැබෙනවා තවත් රුපියල්  ලක්ෂ දෙකක අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බැහැ කියලා මම අත්සන් කළේ නැහැ.

ඉතින් ඒ වගේ ඒවා නිසා තමයා යම් යම් දේවල් ගැන ප්‍රශ්න මතුවන්නේ‘‘ යැයි ජනාධිපතිවරයා කීය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (25)

මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ 2 ක් ඉල්ලූ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

ධම්ම Tuesday, 06 August 2019 01:57 PM

දැන් අපට ඔහොම කිව්වට, පස්සේ අත්සන් කරයි. එහෙම කරලා ඒකටත් සමාවට කාරණයක් කියයි.

:       0       186

RaveendraWednesday, 07 August 2019 05:29 AM

මේ හැලිවඳුරන් 225 ත් අර අන්තරේ ඉන්න නිවටයන් හැතිකරේ වගේ දියව් දියව් කියාගත්ත ගමන්මයි. නොදකින් පෙරේතයන් ටික...

:       0       5

chandima Tuesday, 06 August 2019 02:24 PM

දැන්නේ දන්නේ ලක්ෂ හතරක් මන්ත්‍රී කෙනෙකුට ගෙවනවා කියලා. ඒ කියන්නේ ලක්ෂ හතරේ එව්වා දෙසිය විසි පහක්. බුදු අම්මෝ ලක්ෂ 900 ක් මාසෙකට පඩිය. තව රාජ්‍ය ඇමතිකම්, ව්‍යාපෘති ඇමතිකම් අරව මෙව්වා දුන්නම තවත් වැඩි පඩියක්. වාහන දීමනා, කාර්යමණ්ඩල දීමනා , විදේශ සංචාර, සෞඛ්‍ය පහසුකම්, ඔව්ව මෙව්වා දුන්නහම කොහෙද රටක් ගොඩ ගන්නේ. ඔය සේරටම අමතරව කොමිස් ගැහිල්ල. අපොස උසස් පෙළ වත් සමත් නැති කෙනෙකුට මේ ගාන ගෙවනකොට ඒ අය කියන කියන පැත්තට අත උස්සන එක පුදුමයක්ද? රට අනාතයි, පව් මැද පෙරදිග ගිහින් දුක් විඳලා රටට සල්ලි හම්බ කරන මිනිස්සු. අන්තිමේ ඒ සල්ලි සේරම සුරලා අරගෙන රටේ මිනිස්සුන්ගෙත් බදු වැඩි කරලා තමයි මේ සේරම ගෙවන්නේ. අන්තිමේ මහා මිටීමක් තියල මාධ්‍යය කාරයොත් වට කරගෙන බඩ ඉරිඟු වලට සත පහක් වැඩිපුර ගෙවනවා කියනවා. අහිංසක මිනිස්සු අර කියන ලක්ෂ හතරේ පඩි ජීවිතේට අහලවත් නැති නිසා සත පහත් මාර වැඩිවීමක් කියල සතුටින් විසිර යනවා.

:       2       186

BamunuarachchiWednesday, 07 August 2019 01:56 AM

හා හා එහෙම කියන්න එපා වහල්ලු හැරෙන්න රටේ මෝඩයෝ ලක්ෂ 62 අනුමැතිය දීලා තිබෙනවා.

:       87       25

athuraWednesday, 07 August 2019 04:14 AM

අනේද කියන්නෙ බමුණු මෝඩ වහල්ලුත් ඕකට අනුමැතිය දීල තියෙන්නෙ ඒකනේ එකෙක්වත් මීක් කියන්නෙ නැතුව ඉන්නෙ.

:       15       23

BamunuarachchiWednesday, 07 August 2019 07:38 AM

මෝඩයෝ කිව් ගමන් athura ට තරහ යනවා. ඇත්ත කිව්වාම තරහ ගන්න එපා...

:       3       0

athuraWednesday, 07 August 2019 09:37 AM

මෝඩය කිව්වාම තරහ යන්න දෙයක් නැහැ බමුණා... මොකද මම දන්නවා මට වැඩිය මෝඩයන් ඔයාගේ ලක්ෂ 58 ඇතුලේ ඉන්නවා...

:       0       2

BamunuarachchiWednesday, 07 August 2019 12:18 PM

"මට වැඩිය මෝඩයන්" ... ඒ ටික කියැවුණා නම් ඒ ඇති...

:       2       0

athuraWednesday, 07 August 2019 01:04 PM

ඔව් මට වැඩිය මෝඩයන්. ඒ කියන්නේ ඔයා වගේ මෝඩ වහන්සේලාට බමුණා...!!!

:       0       3

wije Tuesday, 06 August 2019 04:26 PM

මේ අයට ලක්ෂ 4ක් මාසෙකට හම්බවෙලත් තවත් ලක්ෂ දෙකක් ඉල්ලනවද තුන්වේල කන්න නැති මිනිස්සු කීදෙනෙක් මේ රටේ ඉන්නවද.

:       0       68

චමින්දWednesday, 07 August 2019 01:11 AM

සහතික ඇත්ත. දැනට රටේ නිපදවන වැවිලි භෝග සියල්ලේම මිළ දරාගත නොහැකි ලෙසට බැහැලා. තේ, පොල්, කුරුඳු, ගම්මිරිස් වැනි දේ වගා කරන්නන් අන්ත අසරණ වෙලා ඉන්නේ. එවැනි වගා කරුවන්ගේ දරුපවුල් ජීවත් වෙන්නේ කාලාබීලා නොවෙයි ලෙවකාල කියන්නත් පුළුවන්. නමුත් සමහර අයට එහෙමත් කරන්න බැරිතරම්. මෙම වගා බෝගවල අස්වැන්න නෙලන අයට ජීවත්වෙන්නම ක්‍රමයක් නැති තරම්. එහෙම තියෙද්දී මොවුන් 226 ත් ඒ අයගේ පවුල්වල අයත් සුරසැප විඳිනවා. දැන්වත් පක්ෂ භේදයෙන් තොරව රටට හානිවෙන කිසිත් නොකරන අසරණ ජනයා ගැන මනා අවබෝධයක් ඇති දේශමාමකයෙක් රටේ නායකත්වයට පාර්ලිමේන්තුවටත් එවැනිම අයව පත්කරමු.

:       0       4

akila Tuesday, 06 August 2019 04:28 PM

මම හොඳට බලලා තියනවා රටේ ආර්ථිකය කොච්චර අගාදයකට වැටිලා තිබ්බත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කෝටි ගණන් වියදම් කරලා අලුත් කාර්යාල වලට යන්න, අලුත් දීමනා දෙන්න යෝජනා එනකොට අපේ රටේ දෙවෙනියට ඉන්න එක්කෙනාගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ .

:       1       126

Nimal Tuesday, 06 August 2019 04:41 PM

චන්ද කාලේ කිට්ටු වෙනකොට දේශපාලක උතුමන්ලාට කොහොමටත් ජනතාවගේ අමාරු කම් වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා. එදාට තමා පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ගතමනා ගැනත් මතක්වෙන්නේ.

:       0       36

Mahee Tuesday, 06 August 2019 08:34 PM

අපි ජනාධිපතිතුමාට බනිනවා තමයි. එත් විධායක බලතලවලිනුත් බාගයක් විතරක් තියාගෙන මෙවැනි වැඩ වලක්වන එක ගැන නම් ඔබතුමාට ස්තුති කරනවා. එක අතකට 19 වැනි එක නොගෙනාව නම් හොඳයි කියලත් හිතෙනවා මේවා දකින කොට.

:       1       71

kule Tuesday, 06 August 2019 08:44 PM

අපරාදේ පාර්ලිමේන්තුවේදී ඕකට අත උස්සන අයව බලාගන්න බැරුව ගියා

:       0       2

dare Wednesday, 07 August 2019 01:27 AM

නාගානන්දගේ ව්‍යවස්ථාව අවශ්‍ය වන්නේ මේවා නැවැත්වීමටයි.

:       25       103

සාගරිකා Wednesday, 07 August 2019 01:46 AM

පුළුවන් කමක් තියෙනව නම් අර ලක්ෂ 4 ත් අඩු කරන්න. පාර්ලිමේන්තුවෙ ඉන්න කිසි කෙනෙක් ඒ වගේ මුදලක් ලබන්න සුදුසු උගත් කමක් හෝ වටිනාකමක් නෑ. නිකම්ම නිකම්මු ටිකක්.

:       0       21

කුමාර Wednesday, 07 August 2019 06:58 AM

පාර්ලිමේන්තු යවන්නේ අපිමනේ...

:       0       1

mahinda Wednesday, 07 August 2019 02:49 AM

ඉදිරි ඡන්දෙදි මේ 225 ම ගෙදර යවලා තවත් කට්ටියකට 400000ක් ගන්න හදලා දෙමු

:       0       3

tna Wednesday, 07 August 2019 03:05 AM

අනේ මදි මේ අයට තව ලක්ෂ 5ක් වත් වැඩි කරන්න. හොද මොළ 225 ක් නේ

:       0       15

thilakasiri Wednesday, 07 August 2019 03:09 AM

ජනපතිගේ බොහෝ වැඩ මට අල්ලන්නේ නැති උනාට මේ වැඩේ නම් හොදයි. මංගල සමර වීර ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති ඇමති මන්ත්‍රී රාජ්‍ය නිලධාරීන් හා රජයේ සේවකයන්ට ඒ ඒ මට්ටමේ හැටියට හැකිපමණ බෙදාගැනීම නිසා ඉන් මෙපිට අසරණ ජනතාව පිඩනයට පත්ව එදා වේල කන්න විදිහක් නැතිව ගෙවල් කුලී, ලයිට් බිල්, වතුර බිල්, ලෙඩට දුකට ළමයින්ගේ ගමන්ගාස්තු ඇතුළු අධ්‍යාපන කටයුතු, ඇදුම් පැළදුම් ඇතුළු එකී නොකී මෙකි විය පැහැදම් කරගත නොහැකිව කරත්තෙට අහු වූ කජු ලෙල්ල වගේ තෙරපෙනවා. ඉතින් එයාලගේ ඡන්දෙ නම් මේ ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ.

:       1       73

කර්තිනි මාස් රහීම් Wednesday, 07 August 2019 03:49 AM

රටට සේවය කරන්න නම් ලක්ෂ 225 වත් එක අයකුට ඕනේ !

:       0       15

sandy123 Wednesday, 07 August 2019 06:30 AM

චෑ ලක්ෂ 4ද? අපිට කොස් ඇට කන්නවත් මදි....

:       0       1

d Wednesday, 07 August 2019 06:46 AM

ජාතික ලැයිස්තුවට උපාධිය අනිවාර්ය කරන්න.

:       0       1

Perakum Wednesday, 07 August 2019 09:10 AM

මේ කට්ටිය අපිට කරන සේවයට තව ලක්ෂ 4ක් දුන්නත් මදි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 26 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 92 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 88 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 33 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 789 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site