IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාධ්‍ය මර්දනය ගැන විමර්ශනයට මානව හිමිකම් කොමිසම සැරසෙයි

බිඟුන් මේනක ගමගේ 

මාධ්‍යවේදීන්ගේ ඝාතන හා අතුරුදන්වීම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු පවතී නම් ඒවා ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කිරීමට සූදානම් යැයි එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය තම සංවිධානයට පැවැසී යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අපරාධවලට ලක්වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනවලට යුක්තිය ඉටුකිරීමට මැදිහත් වන්නැයි ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයන් පසුගිය 29 වැනිදා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් මුණගැසුණු අවස්ථාවේදී ආචාර්ය දීපිකා උඩගම මහත්මිය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදන්වීම් හා පැහැරගෙනයාම් ගැන දන්නා වැදගත් තොරතුරක් වේ නම් [email protected]     යන විද්‍යුත් ලිපිනයට හෝ කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අංක 96, බර්නාඩ් සොයිසා මාවත, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයට යොමු කරන්නැයි එහි කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා එම නිවේදනයෙන් ඉල්ලා සිටී.

ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදුකරන අධ්‍යයනයකින් සැකැසූ සංක්ෂිප්ත වාර්තාවක් ද මානව හිමිකම් කොමිසමට බාරදුන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ඇති බාධා, අධිකරණ පද්ධතියේ ගැටලු, දේශපාලන කැපවීමක් නොමැතිවීම, ආරක්ෂක හමුදා සහ අතුරු හමුදා සම්බන්ධකම්, මාධ්‍ය පාරිභෝගිකයන්, සිවිල් සමාජය හා ආයතන හිමිකාරින් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීම වැරැදිකරුවන්ට දඬුවම් කිරීමට බලපා ඇති ප්‍රධාන දුර්වලතා හැටියට එම අධ්‍යයනයේදී හඳුනාගෙන ඇතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

 



අදහස් (0)

මාධ්‍ය මර්දනය ගැන විමර්ශනයට මානව හිමිකම් කොමිසම සැරසෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 0 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 55 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 169 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 484 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 382 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 288 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site