IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


පැෆරල් නව නීති හදයි

(විනීතා එම් ගමගේ)

ජනාධිපතිවරණවල දී අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීම සඳහා නීති ගෙන ඒමට යෝජනා සහිත කෙටුම්පතක් සකසා රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය කියයි.

විශේෂයෙන් ඇප මුදල වැඩි කිරීම, සියයට එකක් වත් ඡුන්ද නොගන්නා අපේක්ෂකයන්ට දඩ මුදලක් නියම කිරීම, අවුරුද්ද පුරා ක‍්‍රියාකාරි දේශපාලනයේ නොයෙදුණු පක්ෂවලින් අපේක්ෂකයන්ට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදීම, පළාත් පාලන ආයතන, පළාත් සභා හා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් නැති පක්ෂවලින් අපේක්ෂකයන්ට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදීම වැනි කරුණු තම කෙටුම්පතට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (25) පැවසීය.

අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන පක්ෂයක අවම වශයෙන් එක් නියෝජිතයෙක් හෝ පාර්ලිමේන්තුවේ සිටීම මෙන්ම පළාත් පාලන ආයතනවල ද නියෝජිතයින් අවම වශයෙන් 20 ක් වත් සිටීම අත්‍යවශ්‍ය කරුණක් සේ සැලකීම අවශ්‍ය යැයි ද හෙතෙම කියා සිටියේය.

මෙවැනි නීති ගෙන නොආවොත් ඉදිරියේ දී අති විශාල පිරිසක් ජනාධිපතිවරණවල දී ඉදිරිපත් වන බවත් එය නිදහස් හා සාධාරණ මැතිවරණයකින් තම අපේක්ෂකයා තෝරා ගැනීමට බාධාවක් වන බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

තම සංවිධානය සකස්කරන කෙටුම්පත ඉදිරියේ දී රජයට බාරදීමට බලපොරොත්තු වන බවත් මේ සම්බන්ධව නීති සකසන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

පැෆරල් නව නීති හදයි

Chandima Monday, 25 November 2019 12:21 PM

කවුද සූත්තර පුංචද මේ නීති ගෙනෙන්න කිව්වේ? ස්වාධීන පුද්ගලයෙකුට පක්ෂයක් පිහිටුවාගෙනවත් තරඟ කරන්න අවස්ථාව නැති කරන්නයි යන්නේ...

:       7       232

අතුල Monday, 25 November 2019 01:15 PM

මේවා හරි පසුගාමී යෝජනා. කල යුත්තේ මැතිවරණ කටයුතු ඩිජිටල් කිරීම නොවේ ද ?

:       33       39

chandima Monday, 25 November 2019 04:26 PM

කවුද මේ පැෆරල්? කොහෙද තියෙන්නේ? කවුද සාමාජිකයෝ? කවුද එකේ නිලධාරීන් පත්කරන්නේ? ජනතාවට එකේ වැඩ වලට හවුල් වෙන්න අවස්ථාවක් තියෙනවද? රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නැතිනම් නීති පද්ධතියට වෙනස්කම් කරන්න යෝජනා ගෙනෙන්න මේ සංවිධානයට තියෙන අයිතිය මොකක්ද? ජනතාවගෙන් නොවිමසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ගේනවා වගේ රටේ නීති රීති වලටත් මේ සංවිධානයේ යෝජනා වලට අනුව වෙනස්කම් කරනවද? අද සාමාන්‍ය පුරවැසියෙකුට තමන්ගේ අදහස් නියෝජනය කිරීමට ස්වාධීන අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ඇති වරම් අහිමි කර තිබෙනවා මදිවට ජනාධිපති තනතුරට ඉදිරිපත් වීමට ඇති මං ඇහිරිමටද යන්නේ? තමන්ගේ පක්ෂයේ නායකයා තෝරා ගැනීමට හෝ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීමට පක්ෂ සාමාජිකයින්ට අවකාශ නැති පක්ෂ වලට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ දෙද්දී, ස්වාධින අපේක්ෂකයන් සීමා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී යයි මේ සංවිධානය සිතන්නේද? ජනාධිපතිවරණයට තිහක් බැරිනම් සියයක් ඉදිරිපත් උවත් මේ සංවිධානයට ඇති රුදාව කුමක්ද? මොවුන් කටයුතු කරන්නේ කා වෙනුවෙන්ද?

:       20       0

sharm warn Tuesday, 26 November 2019 03:25 AM

මම නම් කැමතියි. මොකද අපි රටේ මුදල් කන තව එක ව්‍යාපෘතියක් තමයි මැතිවරණ කියන්නේ. අවශ්‍ය ගණනට වැඩ අපේක්ෂකයන් ඉදිරිපත් කරන එකෙන් සිදු වෙන නාස්තිය කොච්චරද ? මුදල්, කාලය මේ හැම දෙයක් ම.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 561 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 130 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 82 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 755 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 819 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1441 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site