IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පළාත් සභාවලින් කළ ව්‍යාපෘතිවලට භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ලබාදී නෑ

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභාවලින් ඉකුත් කාල සීමාව තුළ සිදුකරන ලද විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 650 ක පමණ මුදලක් මහාභාණ්ඩාගාරයෙන් මෙතෙක් නොගෙවීම නිසා පළාත් සභා දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉකුත්දා හමුවී දැනුවත් කර ඇතැයි පළාත් ආණ්ඩුකාරවරයෙක් ලංකාදිපයට පැවසීය.

පළාත් සභාවලින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් මුදල් යෙදවීම සඳහා අදාළ බිල්පත් මහාභාණ්ඩාගාරය වෙත යොමුකර මාස ගණනාවක් ගතවී ඇතත් මෙතෙක් එම මුදල් භාණ්ඩාගාරයෙන් ලැබී නැතැයි ඔහු කීවේය.

ඌව පළාත් සභාව රුපියල් මිලියන 1070 ක්ද බස්නාහිර පළාත් සභාවට රුපියල් මිලියන 752 ක්ද මධ්‍යම පළාත් සභාවට රුපියල් මිලියන 343 කද දක්වා පළාත් සභාවට රුපියල් මිලියන 493 ක්ද උතුරු පළාත් සභාවට රුපියල් මිලියන 898 ක් ද වයඹ පළාත් සභාවට රුපියල් මිලියන 659 ක්ද උතුරු මැද පළාත් සභාවට රුපියල් මිලියන 536 ක්ද සබරගමු පළාත් සභාව සඳහා 207 ක් සහ නැගෙනහිර පළාත් සභාව සඳහා රුපියල් මිලියන 886 කද වශයෙන් මෙම මුදල මහාභාණ්ඩාගාරයෙන් අයවිය යුතුව ඇතැයි ද ඔහු කීවේය.

පළාත් සභාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඉකුත් දා කොළඹට කැඳවූ බවත් එහිදී සියලුම ආණ්ඩුකාරවරුන් මෙම මුදල් අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.

පළාතේ ප්‍රධාන ලේකම්වරයා මුදල් කොමිසමේ නිලධාරීන් හා මහාභාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන්ද එම සාකච්ඡාවට සහභාගි වූ බවත් එහෙත් මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණු බවත් හෙතෙම කීවේය.

මහාභාණ්ඩාගාරයෙන් ගෙවීමට ඇති මුදල් පවා නොගෙවා තිබියදී පළාත් සභාවල ප්‍රාග්ධන වියදම්වලින් සියයට 10 ක් කපාහරින ලෙස දැන්වීමෙන් මුල්‍ය අර්බුදය උග්‍ර අතට හැරී ඇතැයි ද ආණ්ඩුකාරවරුන් එහිදී පෙන්වා දී ඇත.



අදහස් (5)

පළාත් සභාවලින් කළ ව්‍යාපෘතිවලට භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ලබාදී නෑ

මාරසිoහ Tuesday, 29 October 2019 01:05 AM

මේ උගුලට වැඩියෙන්ම අහුවෙලා ඉන්නෙ සුලු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්. මටත් විශාල මුදලක් අය විය යුතුව තිබෙනවා. සමහර කොන්ත්‍රාත්කරුවන්ගේ ඉඩකඩම් මේ වනවිටත් බැංකු වලට සින්න වෙලා. ආණ්ඩුවේ අදූරදර්ශී වැඩ පිලිවෙල නිසා අපට දිවිනසාගන්නයි සිද්ද වෙලා තියෙන්නෙ. රටක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සිටින කොන්ත්‍රාත්කරුවන් ආරක්ශා කරන එක රජයක යුතුකමක්. ඒත් මේ රජය කරන්නෙ ඔවුන්ව වල පල්ලට ඇදලා දාන එක. ව්‍යාපෘති සාර්ථකව අවසන් කරලා බිල්පත් ඉදිරිපත් කරලා අපි මාස ගනන් බලාගෙන ඉන්නවා. ඒත් කිසිම සතුටුදායක පිලිතුරක් රජයේ බලධාරින්ගෙන් මේ දක්වා ලැබුනෙ නෑ.

:       11       45

Praba Tuesday, 29 October 2019 02:25 AM

රජය කිසි මුදලක් කිසිම අමාත්‍යංශයකට ලබා දෙන්නෙ නෑ. ප්‍රධාන පක්ෂ දෙක මවන සිහින ලෝක දෙකක අප කැමැත්තෙන්ම අතරමන් වෙලා. රටවැසියන් හැටියට අපි මහා මෝඩයි. අපි මීට වඩා හොඳ රටකට සුදුස්සන් නොවෙමු.

:       0       60

muditha Tuesday, 29 October 2019 05:57 AM

පාලකයන්ට ඕවා ප්‍රශ්ණ නෙවේ. අපි පඩි ගෙවන්න ඕනේ. බදු ගෙවන්න ඕනේ.... අපේ සල්ලි වලින්. කොන්ත්‍රාත් කොම්පැනි කුඩා සහ මධ්‍යම ඒවා විනාශ වෙලා. එක්කෝ සල්ලි නැත්නම් වැඩ පටන් නොගෙන ඉන්න ඕනේ... අපේ සල්ලි වලින් ඒ ගොල්ලෝ විවෘත කරනවා.

:       0       0

chandima Tuesday, 29 October 2019 08:14 AM

තව අරය ඇවිත් දහස් ගණන් අරව මේවා හදන්න ගත්තාම කොහොම තියෙයිද?

:       0       0

Bamunuarachchi Tuesday, 29 October 2019 12:34 PM

සල්ලි අච්චු ගහනකම් ටිකක් ප්‍රමාදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 11 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 749 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1375 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1583 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 860 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 806 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site