(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම යටින් හදිසියේ විශාල ජල කාන්දුවක් ඇතිවීමත් සම පුත්තලම මන්නාරම පැරණි මාර්ගයේ ගමනාගමන කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දැමූ බව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා අද(10) පැවසීය.
මෙම ජල කාන්දුව ඉකුත් 9 දින සවස ආරම්භ වී ඇත.
පසුව පුත්තලම නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පානිය ජලය ලබාදීමේ ව්‍යාපෘතියට ජලය ලබා ගැනීම සඳහා වසර කිපයකට පෙර මෙම සපත්තු පාලම හරහා කලාඔය දිගේ ගඟේවාඩිය කලපු තිරයට ගලා ගිය ජලය හරස් කරන ලදී.
එම ජලය ලබා ගැනීමට ක්‍රොස්වේ සපත්තු පාලම දොරටු යොදා එය නවීකරණය කෙරිණි.
ඉහළ නිලධාරින් හා වාරි මාර්ග නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රාදේශීය ලේකම්වරයා කීය.
මේ හේතු නිසා විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු පුත්තලම එළුවන්කුම මාර්ගය ක්‍රොස්වේ නාවික හමුදා කඳවුර ආසන්නයෙන් නැවත දැනුම් දෙනතුරු වසා දමන බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
මෙම ස්ථානය නිරීක්ෂණය සඳහා පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ. මාර්ගය වසා දැමීමත් සමග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවට ලක්වී ආපසු ගමන් කරන ආකාරයද දැක ගත හැකි විය.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වහයි