IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නවක මන්ත්‍රීවරු 65 ක් කොළඹින් නිල නිවාස ඉල්ලති

(*** සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට තේරීපත්වුණු නවක මන්ත්‍රීවරුන් 65 දෙනකු කොළඹින් නිල නිවාස ඉල්ලා අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

කොළඹ නිල නිවාස ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කළ පිරිසෙන් බහුතරයක් යාපනය, මඩකළපුව, අම්පාර, බදුල්ල, මොනරාගල හා හම්බන්තොට යනාදී ඈත දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් විසි දෙනකු පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසවලින් ඉවත්ව ගොස් නැති හෙයින් පාර්ලිමේන්තුවට අලුතින් පත්වුණු මන්ත්‍රීවරුන්ට නිවාස සැපයීම බරපතළ ගැටලුවක් වී තිබෙන බවයි.

හිටපු මන්ත්‍රීවරුන්ට එම නිවාසවලින් ඉවත් වන ලෙසට ඉකුත් සතියේදී නැවතත් දැනුම් දී ඇතැයිද නියෝජ්‍ය මහ ලේකම්වරයා කීය.
මේ අතර සිඩ්නි ජයරත්න, එම්. නසීර් යන හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාත් ශාස්තිනී ශ්‍රී ස්කන්ධරාසා යන හිටපු මන්ත්‍රීවරියන් නිල නිවාස බාරදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඊයේ (14) පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සිය බඩු බාහිරාදිය රැගෙන මන්ත්‍රී නිල නිවාසවලින් පිටව ගොස් ඇතත් විධිමත් ආකාරයට ඒවායේ යතුරු බාරදී නැතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වුණු මන්ත්‍රීවරුන්ට නිල නිවාස සැපයීමේදී වැඩිම දුර පදිංචි අයට ප්‍රමුඛත්වය ලබාදෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු ප්‍රකාශ කරති.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නව වැනි පාර්ලිමේන්තුවට  තේරීපත්වුණු නවක මන්ත්‍රී මන්ත්‍රීනියන් සංඛ්‍යාව හැත්තෑ දෙකකි.

 



අදහස් (7)

නවක මන්ත්‍රීවරු 65 ක් කොළඹින් නිල නිවාස ඉල්ලති

Raveendra Tuesday, 15 September 2020 06:11 AM

හිටපු "මන්ත්‍රීයොන්" ටික අදාළ නිවාස බාර නොදීම නිසා මහජන මුදල් වැයකර අලුත් "මන්ත්‍රියන්ට" නිවාස කුලියට ලබාදී සුදුසුද යන්න තේරුම් ගැනුමට පෙර හැකි ඉක්මණින් නීතිමගින් කටයුතු කර එම නිවාස ලබා ගැනුම සුදුසු නොවේද? රජයේ සේවකයකු තමන්ට අදාළ නිල නිවාසය බාරදීමේදී, බාරදීම ප්‍රමාදවීම නිසා ක්‍රියා කරන ආකාරයට ඇයි මේ "පිංගුත්තරයින්ට" ක්‍රියාත්මක කිරීමට නොහැකි? මෙම කාලකන්නින් දිව්‍යලෝකෙන් ආපු හිඟන්නන් නිසාද?

:       0       312

Bamunuarachchi Tuesday, 15 September 2020 06:39 AM

කොහේ හරි බෝඩිං වුණොත් නරකද?

:       0       71

bandara Tuesday, 15 September 2020 06:58 AM

ඔන්න පටන්ගත්තා කන්න ඉල්ලන්න.

:       0       157

sena Tuesday, 15 September 2020 07:52 AM

ඒ කියන්නේ පරණ මන්ත්‍රීවරු ඔක්කොම කොළඹින් ගෙවල් හදාගෙනද? 

:       0       14

siri Tuesday, 15 September 2020 08:19 AM

මන්ත්‍රී නිලනිවාස මදිද?

:       0       7

Asanga Tuesday, 15 September 2020 09:34 AM

රටට බරක් නොවී ජීවත් වෙන්න මොවුන් කවදාද උත්සාහ කරන්නේ?

:       0       128

RaveendraTuesday, 15 September 2020 10:52 AM

උත්තරය කිසිදා නැත. සරලවම කියනවා නම් ශරීර කෘත්‍ය මෙන් ශරීර පිරිසිදු කරගැනීමටද අවශ්‍ය ජලය වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් ගෙවන්නේ අහිංසක මහජනතාවගේ බදුමුදල්වලින්ම වීමම මොවුන් කරගන්නා පාපයකි..

:       0       43

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 52 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1079 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1923 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2144 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1081 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1034 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site