IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


නොමිලේ බෙදන්න නිකුත් කළ පොත්-සාප්පුවක අලෙවියට තියලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගමුව නගර සභාව මගින්   අඩු ආදායම්ලාභී පවුල්වල පාසල්  දරුවන්ගේ  පාසල් අධ්‍යාපනය  සඳහා නොමිලේ  බෙදාදීම සඳහා නිකුත් කරන ලද පොත්පත් 298 ක් මීගමුව නගරයේ පොත් සාප්පුවක  විකිණීමට තබා තිබියදී  ඊයේ (21) සවස   එම පොත් සාප්පුවේ හිමිකරු සමඟ මීගමුව  පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා පැවසීය.

මීගමුව නගර සභාවේ  ලාංඡනය ඇතුළත් පොත් පත්  මීගමුව නගරයේ  සාප්පුවක අලෙවි කිරීමට තිබෙන  බවට  මීගමුව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ වන විට නාගරික මන්ත්‍රීවරයෙක්  සහ නාගරික කොමසාරිස්වරිය විසින් මේ  සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

එම  පොත්පත් තොගය අලෙවි කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද  තොරතුරු ලැබී ඇතැයිද  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

නොමිලේ බෙදන්න නිකුත් කළ පොත්-සාප්පුවක අලෙවියට තියලා

ඔබේ අදහස් එවන්න

දියත

අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 560 1

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 275 2

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 573 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


ග්‍රාම නිලධාරින් ලෙඩවෙන බව කලින්ම කියයි
2024 මැයි මස 04 350 0

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක


රටේ ජනගහනය අඩුවෙලා
2024 මැයි මස 04 1661 10

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා


මාවුස්සාකැලේ පතුලටම හිඳේ
2024 මැයි මස 04 1063 0

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 475 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1923 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1695 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site