IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දැරියක් මැරෙනතුරු වේවැලකින් පහරදුන් සැකකාරියන් දෙදෙනාම රිමාන්ඩ්

(කවිතා සුබසිංහ)

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීමට යැයි පවසමින් නව හැරවිදි දැරියකට සිහිසුන් වන තුරු වේවැලකින් පහරදී මරණයට පත් කිරීමේ සිද්ධියට අදාල සැකකාරියන් දෙපල ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (01) වැනිදා නියම කළාය.

මොහොමඩ් ෆාරුක් ලයිලා ෆලීඩා සහ ෆාතිමා රිස්ෆා නැමැති සැකකාරියන් දෙපලක් මෙලෙස රිමාන්ඩ් ගත විය.

දෙවැනි සැකකාරිය වන ෆාතිමා රිස්ෆා නැමති මරණකාරියගේ මව විසින් පළමු සැකකාරිය වන ලයිලා ෆලීඩා නැමැත්තියගේ නිවසට අවුරුදු 09 යි, මාස දෙකක් වයසැති දැරිය රැගෙන ගොස් ඇති බවත්, එම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසමින් එය පලවාහැරීමට වෙවැල් 07 ක් කැඩෙන තුරු පහරදී අති බවත් මීගහවත්ත පොලිසිය අධිකරණය වෙත පැවසීය.

අමානුෂික ලෙස පහර කෑමට ලක් වු දැරිය සිහිසුන් වීම නිසා දැරිය රාගම රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් දැරිය රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බවත් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

දැරියගේ පී.සී.ආර්. වාර්තා ලැබී නොමැති බැවින් එම වාර්තා ලැබීමෙන් පසුව මරණ පරීක්ෂණ වාර්තා ගොනු කිරීමට කටයුතු කරන බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර සිද්ධිය සම්බන්ධ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීමට සහ පස්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඉදිරි නඩු දිනයේ දී ඉදිරිපත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය පොලිසිය වෙත නියෝග කළාය.

දැරිය⁣ට පහර දුන් බව කියන වේවැල් 07 ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

මීගහවත්ත පොලිසිය විසින් පැමිණිල්ල මෙහෙය වන ලදී.



අදහස් (10)

දැරියක් මැරෙනතුරු වේවැලකින් පහරදුන් සැකකාරියන් දෙදෙනාම රිමාන්ඩ්

fairoos Monday, 01 March 2021 01:25 PM

දෙන්නටම මරණ දඬුවම දෙනු...!!!

:       2       17

Nuwan Monday, 01 March 2021 02:05 PM

මුස්ලිම් අයත් දේවාල කරනවද?

:       1       16

SheriffTuesday, 02 March 2021 08:17 AM

අන්ධ විශ්වාසවලට ජාති, ආගම් නැත. තවද ඇමෙරිකාව වැනි බොහෝම දියුණු රටවල පවා අන්ධ විශ්වාස වලට වහල් වූ සැලකිය යුතු පිරිසක් දැකගත හැකිය.

:       0       2

පිටිගල මිලානෝ Monday, 01 March 2021 02:17 PM

අනුරාධපුරේ නානා අක්කා අපිට දෙන පහරවල් කාටවත් පේන්නේ නැද්දෝ..?

:       1       23

BamunuarachchiSaturday, 06 March 2021 04:27 AM

කස පාරවල් කාලා බේරුණොත් ඇති.. මිථ්‍යා මත පස්සේ යන අයට අන්තිමට ලැබෙන්නේ පස්සට පයින් පාර තමයි.

:       0       0

wicky Monday, 01 March 2021 03:53 PM

රිමාන්ඩ් නෙමෙයි.. මේක මිනීමැරුමක්... ඒ නිසා මිනීමැරුමකට දෙන දඬුවම දෙන්න ඕනෑ.

:       0       1

Mohammed Monday, 01 March 2021 03:56 PM

වාර්තාකරුවන්ට ඔබ ආදර්ශයකි. ස්තූතියි කවිතා සුබසිංහ මාධ්‍යවේදීනියට.

:       0       0

Nihal Monday, 01 March 2021 07:59 PM

ඥාණක්කා රටේම මිනිස්සුන්ට කෝටු පාර දෙනවා.

:       0       0

jasvar Tuesday, 02 March 2021 05:54 AM

දෙන්නටම මරණ දඬුවම දෙනු...!!!

:       0       1

hesa Wednesday, 03 March 2021 08:54 PM

"දැරියගේ පී.සී.ආර්. වාර්තා ලැබී නොමැති බැවින් එම වාර්තා ලැබීමෙන් පසුව මරණ පරීක්ෂණ වාර්තා ගොනු කිරීමට කටයුතු කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය." මේ කියන්නේ.. වයස අවුරුදු 9ක (අනික මැරුන) දැරියකගේ pcr පරීක්ෂණ මොනවට බලනවද..? ඒ මරණයත් කොරෝනා ගිණුමට බැර කරන්නද..? මරණයට පත්වෙන සෑම කෙනෙක්ම කොරෝනා ලෙඩෙක් වෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 8 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 714 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1311 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1508 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 837 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 781 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site