IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දණ්ඩනීති සංග්‍රහයේ එන වැරදි සම්බන්ධ දඩ මුදල් වැඩිකෙරේ

(ඩයනා උදයංගනී)
 
දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 
                                                                           
ඇතැම් පනත්වල සහ ආඥාපනත්වල අඩංගු විධිවිධාන උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් එම උල්ලංඝණය කිරීම් වැළැක්වීම සඳහා කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බැවින් ඒ පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද මේ වන විට පත් කර තිබේ.
                                                                           
එම කමිටුවේ නිර්දේශ මත දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරාළ මහත්මිය විසින් ඉදිරිපත් යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
                                                                           
රට තුළ සාපරාධී ක‍්‍රියාකාරකම් පිළිබඳ සිද්ධීන් අති විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් ඊට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ කාලීන අවශ්‍යතාවයක් ඇති බව අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.



අදහස් (6)

දණ්ඩනීති සංග්‍රහයේ එන වැරදි සම්බන්ධ දඩ මුදල් වැඩිකෙරේ

Cadic-AUS Wednesday, 28 August 2019 11:05 AM

අහිංසක ජනතාවට බදුමුදල් වැඩි නොකර අපරාධ කරුවන්ගෙන් සල්ලි අරන් එ්කෙන් ඔයාලා සැප වින්දාටනම් කමක් නැහැ වගේ තලතා මැඩම්... ඔහොම යමු.. ඔහොම යමු.. රට තව ටික කාලෙකින් නැත්තටම නැති වෙයි. අපිට ඉන්න වෙන්නේ මෙහෙ තමයි හැමදාම..

:       286       78

රවින් Wednesday, 28 August 2019 11:19 AM

කාලෝචිතයි. දරුණු ගණයේ අපරාධකරුවන් බොහෝම ලිහිල් දඬුවම් වින්දා... එළියට ඇවිත් අර කළාට වඩා තුන්හතර ගුණයක් දරුණු වැඩ අනිකුන් ලවා කරවනවා. අහුවුනොත් එකම වරද ආධාර හා අනුබලදීම කියලා ඇඟ බේරාගන්නවා.

:       0       130

Nuwan Wednesday, 28 August 2019 12:00 PM

අතීසාරේට අමුඩේ ගැසීමක්...!

:       128       18

BamunuarachchiFriday, 30 August 2019 01:22 AM

අමුඩේ නම් තව හොඳයි මේ ගොල්ලෝ ගහගන්නේ පොල් මුඩ්ඩක්. ඇද්ද එකා නාගන්නනවා

:       0       0

අතුල Wednesday, 28 August 2019 12:21 PM

මොනවා වැඩිකළත් වැඩක් නැහැ. නීතිය සැමට සාධාරණ නැත්නම්... ඒකෙන් වෙන්නේ අර අඹ ගෙඩියක් හොරකම් කරපු කෙනා ජීවිතාන්තය දක්වා හිරේට දාන එක විතරයි.

:       0       36

Amila Wednesday, 28 August 2019 12:25 PM

ඒ වගේම රථවාහන දඩමුදල් ක්ෂණිකව ගෙවීමේ ක්‍රම ඇති කරන්න. එවිට මිනිස්සුන්ගේ කාලය නාස්තිවීම අඩු වෙනවා වගේම රජයට දඩ මුදලුත් ක්ෂණිකව ලැබෙනවා. ඒ වගේම පගා දීලා මාරුවෙන්නෙත් නෑ. මොකද මිනිස්සු ඒකට පෙලඹෙන්නේ මේ වෙන රස්තියාදුව නිසා බොහෝ වෙලාවට.. ඇප් එකකින් ගෙවන්න, වෙබ් අඩවියෙන් ගෙවන්න, කාර්ඩ් පත භාවිතයෙන් ගෙවන්න.. මොබයිල් ක්‍රම හරහා ගෙවන්න වගේම ඕනෑම කොමියුනිකේෂන් එකකින් ගෙවන්න වගේ ක්‍රම ගේන්න පුලුවන්. ඒවගේම පොයින්ට් ක්‍රමයකුත් හදන්න. රටක් විදියට දියුණු වෙන්න ඕනෑ නම් වැඩ ඉක්මන් කරන්න ඕනෑ එහෙම නැත්තම් වෙන්නේ සෝමාලියාව, අෆ්ගනිස්තානයත් අපිව පහුකරන් යන දවස වැඩි ඈතක නෙමේ...

:       2       127

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 54 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 55 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 85 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 711 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 654 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 305 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site