IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ත්‍රස්ත ප්‍රහාරයෙන් දරුවන් අහිමි වු පියාගේ පෙත්සම සළකා බැලීම කල් යයි

( තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ )

පාස්කුදා ප‍්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම මෙම මස 21 වැනි දින මේ සම්බන්ධ අනෙකුත් පෙත්සම් දෙක සමඟ කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08)  නියෝග කළේය.
 
බුද්ධි අංශ මඟින් දැනුම්වත් කර තිබියදීත් සිදුවූ ප‍්‍රහාරය මඟින් මිනිස් ජීවිත අහිමි වූයේ පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන් නිසි රාජකාරී යුතුකම් පැහැරහැරීම හේතුවෙන් බව සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.
 
මෙම පෙත්සමෙහි වග උත්තරකාර පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නොතීසි බාර දෙන ලෙසද අධිකරණය පෙත්සම්කරුට නියෝග කළේය.
 
ප‍්‍රසන්න ජයවර්ධන , මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
 
වැල්ලම්පිටිය සමන් නන්දන තිරිමාන්න මහතා විසින් ගොනු කරනු ලැබු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
පළමු පෙත්සම්කරු බෞද්ධයෙකි.ඔහුගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා කොච්චිකඬේ පල්ලියේ පූජාවට සහභාගී වූහ.ඒ අතර බෝම්බ ප‍්‍රහාරයට ලක්වීමෙන් දරුවන් දෙදෙනා මරණයට පත්විය .
 
මෙම තත්ත්වය පිළිබඳන බුද්ධි අංශ මඟින් පූර්ව දැනුම් දීමක් දී තිබියදීත් වගඋත්තරකරුවන් පියවර නොගැනීමෙන් අපරාධ නඩු විධාන සංග‍්‍රහය සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධමය වරදක් සිදු කර ඇත.
 
එබැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධමය නඩුවක් පැවරීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් දෙදෙනා සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

 

 

 



අදහස් (11)

ත්‍රස්ත ප්‍රහාරයෙන් දරුවන් අහිමි වු පියාගේ පෙත්සම සළකා බැලීම කල් යයි

du Wednesday, 08 May 2019 12:21 PM

මෙය කළයුතුම දෙයක්... කවර හෝ පුද්ගලයකු තම වගකීම් පැහැර හැරියාද..?

:       0       316

d.upulWednesday, 08 May 2019 05:13 PM

මේ දෙන්න විතරක් නොවෙයි මහ එවුනුත් වගඋත්තර කරුවන් කළ යුතුයි, මේක තමයි මෑත ඉතිහාසයේ සිදුකළ මහා පාවාදීම...

:       0       111

Nuwan Wednesday, 08 May 2019 12:37 PM

අන්න හරි මේ තියන නීතියේ ආධිපත්‍යය අසාධාරණයට, දුකට පත්වූ ජනතාවට ක්‍රියාකරන හැටි බලාගන්නත් එක්ක රටම දැනගන්න මොකද්ද අපේ නින්දිත නායකයන් අපට කලේ කියලා? අනිත් අයත් නඩුදාන්න තියෙන්නේ මේ වගේ... ඔබට උත්තමාචාරය.. දිවි අහිමි වූ දරුවන්ට නිවන් සුව පතමි..

:       0       431

almeida Wednesday, 08 May 2019 01:41 PM

කොහොමද ලොක්කෝ දෙන්නා මේකෙන් හැලුනේ? පහත් තැනින් වතුර ටික ගලා යයිද?

:       0       184

Hafeel Wednesday, 08 May 2019 03:39 PM

ජනාධිපතිත් වගඋත්තරකරුවන් හැටියට නම් කළයුතුයි. ආරක්ෂක, නීතිය හා සාමය පිළිබඳව ඇමති හැටියට සිය වගකීම් ඉටුකළේ නැහැ...

:       0       94

Raveendra Wednesday, 08 May 2019 01:45 PM

පළමුව ජීවිත අහිමි වූ ඔබගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මෙන්ම තම බලලෝභය, රාජකාරිය පැහැර හැරිය නිවටයින්ගේ බූරුතීරණ නිසා අහිමිවූ සියලුම අහිංසක මිනිසුන් වෙනුවෙන් අපගේ අවංක කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. මෙම විනාශය පිළිබඳව දැනගෙනත් ඒ සඳහා නිසි පියවර නොගත් සියලුම පාදඩයන් (225 ක් වූ රිලව් රෑන ඇතුළුව) අනියම් ලෙස මිනිස් ජීවිත විනාශ කිරීමට උදව් කිරීමේ වරදට දඬුවම් ලැබේවා.. යන්න සියලුම පුරවැසියන්ගේ එකම ප්‍රාර්ථනයයි. එමෙන්ම සියලුම ලාංකිකයන් ගරු අධිකරණය මෙම කාලකන්නින් හට නිසි දඬුවම් ලබාදෙයි... යන බලාපොරොත්තුව ඇතුව ඇස් අයාගෙන බලා සිටින බවත් දැන්වීමට කැමැත්තෙමු. (දියවන්නා ඔයේ රිලා හාමිලාට මෙම අදහස් කියවීමට හැකි වේවා!!!)

:       0       97

Nilanthi Wednesday, 08 May 2019 02:25 PM

ශාන්ත අන්තෝනි මුනිතුමා දරුවන් ආරක්ෂා කර දේවී...

:       114       0

ranjith Wednesday, 08 May 2019 03:40 PM

මහජන මුදලින් වැටුප් ගනිමින් රටේ පාලනයට එන අයගේ වගකීමක් රටේ ජනතාව ආරක්ෂා කිරීම එම කටයුත්ත නොකර මිනිස්සු මේ විදියට මරාදාන්න එදා දුන්නු එක වරදක්... එමනිසා මේකට වගකිව යුත්තන්ට අධිකරණයෙන් නිසි දඬුවම් ලබාදිය යුතුය. එහෙම වුණොත් පමණි. ඉදිරියේදීවත් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පෞරුෂත්වයක් තියෙන නායකයන් බිහිවේවි...

:       0       37

Sumith Wednesday, 08 May 2019 03:44 PM

බුද්ධිමත් තීරණයක්...

:       0       28

sas Thursday, 09 May 2019 03:01 AM

සමන් නන්දන තිරිමාන්න මහතා ගැන ඇත්තේ නිර්භීත, නිවරදී තීරනයක්.

:       0       0

nilu Monday, 13 May 2019 02:40 AM

දරුවන් දෙදෙනාම අහිමි වූඔබට දැනෙන සදාකාලික වේදනාව, පීඩාව , මානසික ආතතිය සියල්ල මට හොදින්ම වැටහේ. ඒ මන්ද මාද එකම දරුවා අහිමි වූ මවක් නිසා වෙනි. ජීවත් වන මොහොතක් පාසා සිත දැවෙන තරම දන්නේ අපිම පමණයි නේද? ඔබ කරන්නට යන ක්‍රියාවලිය තුලින් ඔබට කිසියම් සාධාරණයක් කෙසේ වෙතත් මදකට හෝ සැනසීමක් ලැබේයයි සිතනවා නම් එය අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 51 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1061 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1897 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2129 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1070 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1026 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site