IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ත්‍රස්තවාදය වැළැක්වීමට ගෙන ආ යුතු නීති පිළිබඳව ශ්‍රීලනිපයෙන් යෝජනා 11ක්

(ඩයනා උදයංගනී)

           

ත‍්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ගෙන ආ යුතු නීති රීති පිළිබඳ යෝජනා 11ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුවේ සභාපති මලිත් ජයතිලක මන්ත‍්‍රීවරයා වෙත අද (14) බාරදී තිබේ.

ත‍්‍රස්තවාදය මැඩලීම, නැවතත් ත‍්‍රස්තවාදයක් බිහිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සාමාජීය හා සංස්කෘතික වෙනස්කම් කිරීමට කඩිනමින් නීති රීති ගෙන ආ යුතුව ඇති බැවින් ශ්‍රී.ල.නි.ප මන්ත‍්‍රී කණ්ඩායම එක්වී සාකච්ඡා වාර හයක් පමණ පවත්වා මෙම යෝජනාවලිය සකස් කළ බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

රටේ නීති රීති, රෙගුලාසි සම්මත කිරීම පිළිබඳ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට වුවත් වර්තමානයේදී ත‍්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමේ ප‍්‍රමාදයක් සිදුවන බව පෙනී යන බැවින් මෙම යෝජනාවලිය සකස් කළ බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 7 දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතීන් හා ආගම් අතර මිත‍්‍රත්වය වර්ධනය කරමින් නව ත‍්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය පරිදි ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට අදාළ නීති රීති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම යන ශීර්ෂයෙන් යුතුව මෙම යෝජනාවලිය සකස් කර ඇති බව කී මන්ත‍්‍රීවරයා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුව කැඳවා මෙම නීති රීති ඉක්මණින් සකස් කරන ලෙස ඉල්ලා සිටින බව ද කීවේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය සමාලෝචනය කර ජාති හා ආගම් ලෙස බෙදී ඇති අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම, විදේශ ගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය දරුවන් මෙරට සංස්කෘතික හා සාමාජීය රටාවන්ට අනුගත කිරීම, මෙරටට පැමිණ ජාතික, ආගමික, සංස්කෘතික දේශන හා අධ්‍යයන පර්යේෂණ, වැඩමුළු පවත්වන්නන් විශේෂ පරීක්‍ෂණයකට ලක්කිරීම, ජාතික ආරක්‍ෂාවට හා සාමකාමී පැවැත්මට හානිකර වූ ෆුල්ෆේස් හෙල්මට්, බුර්කා වැනි ඇඳුම් තහනම් කිරීම, ජාති, ආගම්, කුල පදනම් කරගෙන දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම, ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව පොදු නීති රීති ගෙනඒම, ජාති හා ආගම් අනුව අමාත්‍යාංශ ඇතිකිරීම වෙනුවට එක් ප‍්‍රධාන ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම පිළිබඳ නීතියක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ආදිය වෙනුවෙන් නීති සම්පාදනය කළ යුතු බව එම යෝජනාවලියේ දක්වා ඇතැයි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කීවේය.

එමෙන්ම විවිධ රටවලින්, සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ කවර අරමුණු වෙනුවෙන්ද යන්න නිසි අධීක්‍ෂණයට හා පාලනයට ලක්කිරීමටත්, අන්තර්ජාල තොරතුරු හා මුහුණු පොත් මගින් සිදුකරන සාපරාධී තොරතුරු පාලනය සඳහා නීති සම්පාදනය කිරීමත් කළ යුතු බවද එයට ඇතුළත් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.



අදහස් (11)

ත්‍රස්තවාදය වැළැක්වීමට ගෙන ආ යුතු නීති පිළිබඳව ශ්‍රීලනිපයෙන් යෝජනා 11ක්

sirimal Tuesday, 14 May 2019 01:43 PM

ඊට කලින් පක්ෂය දියවී යන එක වැළැක්වීමට ගෙන ආයුතු නීති සහ එම නීති ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ යෝජනා පෙළක් ගෙන ආවොත් හොඳයි නේද? ප්‍රතිවාදීන් දැන් රට ගිණිතියලා හරි බලයට එන්නයි උත්සාහය. ඒක පරද්දන එක නම් ලේසි වෙන එකක් නැහැ.

:       0       0

saliya Tuesday, 14 May 2019 01:51 PM

12 වන යෝජනාව දයාසිරිට පොලිසිය බාර දීම....

:       0       0

පුරවැසියෙක් Tuesday, 14 May 2019 01:53 PM

ඉතාම හොඳ යෝජනා 11කි. නමුත් මෙයට තව එකක් එකතුකර ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන තුළදී දේශපාලන වැඩසටහන් සහ දේශපාලකයන් දේශපාලනය කතා කිරීම සහ භික්ෂූන්වහන්සේලා දේශපාලනය කටයුතු කිරීම නැවැත්වීම... 12වැනි යෝජනාව යෝජනා කරමි.

:       0       0

warnasinghe Tuesday, 14 May 2019 02:02 PM

විදේශ රටවලින් ලැබෙන මුදල්වලින් කරන ඉඳි කිරීම් ශ්‍රී ලාංකික අනන්‍යතාවට සරිලන සේ ඉදිකිරීමටත් නීති සැකසිය යුතුයි.

:       0       0

JP Tuesday, 14 May 2019 02:11 PM

අපි ශ්‍රී ලාංකික නම් එක නීතියක් තියෙන්න ඕනේ... එහෙම නැත්නම් සිංහලයින්ට එක නීතියක්, මුස්ලිම් අයට එක නීතියක්, දෙමළ අයට තවත් නීතියක්, මෙහෙම වුණාම අපිට ලාංකික කියන්න බෑ. අපිව බෙදලා තියෙන්නේ මේ නීති නිසා... අපි හැමෝටම එක නීතියක් තිබුණු දවසට මේ ප්‍රශ්න නැතිව ඉන්න පුලුවන් වෙයි..

:       0       0

ranjith Tuesday, 14 May 2019 02:15 PM

බොහොම හොඳ යෝජනාවලියක්.. ඇත්තටම විපක්ෂය කටුතු කළ යුත්තේ මේ විදියට හැමදේම විවේචනය කරමින් බලය ගන්නම හිතාගෙන ඉන්නවට වඩා රටට ප්‍රයෝජනවත් යමක් කිරීමයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. ආණ්ඩුවත් ජන කොටසක ඡන්ද ටිකට කෑදරකමේ රට පාවා දෙනවා නම් එ්ක අවාසනාවක්...

:       0       0

Aris Tuesday, 14 May 2019 03:24 PM

ජාතින් අතර සහජීවනය ඇති කිරීමට වැදගත්ම කරුණු යෝජනා මාලාවට ඇතුලත් කරලා නැහැ. එක විවාහ නීතියක්, පවුලක ළමයි සීමා කිරීමට නීතියක්, ජාතීන් අනුව හුදෙකලා ගම්මාන ඇති නොකිරීමට යෝජනාවක් වගේ දේවල්...

:       0       0

thushara Tuesday, 14 May 2019 05:12 PM

පොලීසිය අල්ල ගන්න අන්තවාදීන්ව බලපෑම් කරලා නිදහස් කරගෙන යන එක ඕකේ නැද්ද?

:       0       0

athula Tuesday, 14 May 2019 07:08 PM

ඔව් ඒ වගේම මෙවැනි අපරාධ වලට සම්බන්ධ වන සියලු දෙනාගේම ප්‍රජා අයිතිය අනිවාර්යයෙන්ම අහෝසි කළයුතුයි සහ සියලු දේපළ රාජසන්තක කළයුතුයි...

:       0       0

asoka siriwardana Wednesday, 15 May 2019 12:17 AM

මේ අයගේ යෝජනා වැඩක් නොවේ. මේ ත්‍රස්තවාදය ඔක්තෝබර් 26 වෙනිදා හටගත් විප්ලවයේම කොටසකි. කරුණාකර රට ගිනි තියන්න අර අඳින්නේ නැතිව මේ අයට රට කරන්න ඉඩ දෙන්න. අායෙත් රටේ පාලනයක් ගන්න ඕනෑනම් ඒ මේ යෝජනා ඉදිරිපත් කරන්න ඡන්ද කාලෙට. වෙන රටවල් එහෙමයි කරන්නේ. මොකද මේ ඉස්පාසුවක් නැත්තේ? බලලෝභයා එතරම් හොඳ දෙයක් නොවේ. ධර්මාශෝක රජුගේ කතාව නොදන්නවාද? කරුණාකර ඉවසන්න පුරුදු වෙයල්ලා. වයසට යන එක වෙනම දෙයක්. රටේ සල්ලි ටික කාබාසිනියා කරන්න එකඑකාගේ තරගේ. ජනතාව බබ්බු නෙමෙයි දැනගනිල්ලා.

:       0       0

Sinhalaya Wednesday, 15 May 2019 02:55 AM

දැන් පරක්කු වැඩියි. තුවාලේ ඔඩුදුවලා ඉවරයි. තියෙන්නේ උඩින්ම කපා දමන එකයි. නැතිව සංහිඳියාවෙන් හොඳ කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 24 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 856 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1578 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1796 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 939 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 883 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site