IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තුන්ඹිකුලම ඇතින්නියන් මැරුණේ විස ශරීර ගතවී බව හෙළි වෙයි

(ඉන්දිකා රාමනායක)

හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හය දෙනා සහ අලියා  මියගොස් ඇත්තේ විෂ වර්ගයක් ශරීරගත වීමෙන් බවට සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි සංචාර සංවර්ධන, වනජීවි හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය  ජෝන් අමරතුංග මහතා පැවසීය.

කුමන විෂ වර්ගයක් ශරීරගත වී ඇති ද, ඒවා  ශරීරගත කර ඇත්තේ කුමන අයුරින් ද යන්න   රස පරීක්ෂක වාර්තාව මගින් ඉදිරියේ හෙළි වනු ඇතැයි ද  අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව  කියා සිටියේය.

ඇතින්නියන් හය දෙනාගේ සහ  අලියාගේ සිරුරු   ඉකුත් (27) දින  සොයාගෙන තිබුණි.  

මරණයට නිශ්විත හේතුව අනාවරණය කර ගැනීම සඳහා ඔවුන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ කමිටුවක් ද පත්කර ඇත.



අදහස් (6)

තුන්ඹිකුලම ඇතින්නියන් මැරුණේ විස ශරීර ගතවී බව හෙළි වෙයි

suranga Wednesday, 09 October 2019 11:05 AM

මේ දවස් වල අලින්ට අපල . මෙහෙ 7යි . තායිලන්තේ ඇල්ලකින් වැටිලා 10 යි

:       0       0

සේනක Wednesday, 09 October 2019 11:50 AM

මේවා නිධන් හොරුන්ගේ වැඩක් වෙන්න ඕනෑ...

:       0       0

Jaya Wednesday, 09 October 2019 12:51 PM

මෙච්චරයි අඩුවකට තිබ්බේ... දැන් ඇතුණුත් වස දීලා මරනවා.

:       1       2

Chandana F Wednesday, 09 October 2019 03:37 PM

කමිටු නෙමේ.... වරදකරුවන් හොයන්න. තව වසර කීපයකින් ලංකාවේ අලි සම්පත ඉවරයි. කාලකන්නි දේශපාලකයෝ මේවට වගකියන්න ඕනෑ.

:       0       114

soma dubayi Wednesday, 09 October 2019 04:03 PM

මේක ගෝඨාගේ වැඩක්...

:       214       0

රවින් Thursday, 10 October 2019 12:58 AM

දේශපාලලාගේ කියමන්නේ? රස පරීක්ෂක වාර්තාව එනකන් ඉවසනවාද? නැතිනම් පිළිගන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 72 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 279 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 712 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 170 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 219 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1718 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site