IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සීඅයිඩීයට ලබාදෙයි

(ඉන්දිකා රාමනායක)

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් වෑන් රථයක රඳවාගෙන ඇයට තර්ජනය කිරීමේ සිද්ධියට අදාල තොරතුරු ස්විස් තානාපති කාර්යාලය විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එම තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් සීසීටීවී කොට්ඨාසයේ සහය ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම නිලධාරිනිය පැහැරගත් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අය බවට තනාපති කාර්යාලයේ නිලධාරිනියට දැනුම් දී ඇතැත් පරීක්ෂණ නොමග යැවීම සඳහා සැකකරුවන් ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර ඇති බවට පවසන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 



අදහස් (27)

තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සීඅයිඩීයට ලබාදෙයි

ලුම්බිණි Saturday, 30 November 2019 12:06 AM

අපට අපේ නොවෙන අපේම අතීතයක් තිබුණා.

:       1907       589

manjula weerarathna Saturday, 30 November 2019 12:40 AM

හොඳයි..

:       10       585

Batangala Saturday, 30 November 2019 01:15 AM

මේවා පිළිබඳ නිවැරදි තොරතුරු දැන්ම එළිවෙන්නේ නැහැ. එම නිලධාරිනිය ගැන සුවිස් තානාපති කාර්යාලය කරුණු සොයාගනීවී. එහෙත් සත්‍ය ජනතාවගෙන් හැමදාමත් වහන් කරන්න උත්සාහ ගනීවි...

:       3675       880

Sunil Saturday, 30 November 2019 01:25 AM

ඒක අශෝභන හා අනවශ්‍ය ක්‍රියාවක්. යුක්තිය ඉටුවන්නේ කෙසේදැයි බැලීමට මුළු රටම බලා සිටී.

:       23       1100

ගීතානි Saturday, 30 November 2019 01:36 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, අල්ලයි කියල තමයි බය...,

:       1906       439

ලක්ශාන් Saturday, 30 November 2019 01:38 AM

මානව කිමිකම් ගැන තියෙන මූලිකම රටේ තානාපති කාර්යාලවලටත් මෙහෙම නම්... අනේමන්දා, අපේ රට...

:       2018       230

සමන්ත Saturday, 30 November 2019 05:15 AM

මේ පට්ට බොරු. දැන් මේ වෙනකොට ඒ බව ඒ අය දන්නවා. හෙට අනිද්දාට උත්තර ලැබෙයිලු.

:       381       2231

ranaSaturday, 30 November 2019 09:35 AM

කළු කපුටා සුදු වනතුරු?

:       15       72

anuraSunday, 01 December 2019 04:34 AM

නියඟයෙන් වියළී හිටිය අයට කෙළපිඩක් ලැබිලා.

:       1       8

SL Saturday, 30 November 2019 05:49 AM

ලංකාවේ නිලධාරින් හොරෙන් රට පන්නපු එකටත් එකතු කරලා එලවන්න ඕනේ...

:       2065       219

ranaSaturday, 30 November 2019 09:34 AM

ණයට කන සිංහලයාගේ මෝඩ, උද්දච්ච කතා.

:       1946       267

kamaniSaturday, 30 November 2019 10:43 AM

ඔබ හරි ..!!! මිනීමරු, දූෂිත,.. ඉතිහාසය නැවතත් ඇවිල්ලද?

:       2031       487

samiraSaturday, 30 November 2019 01:04 PM

මේවාට නෙගටිව් කමෙන්ට්ස් දමන ගෝත්‍රිකයින් ළඟදීම තමන් කළ වැරදිවලට ගෙවනු ඇත.

:       67       762

jagathSaturday, 30 November 2019 10:57 AM

මේ වගේ බහුතරයක් ඉන්න නිසා බොරු දේශප්‍රේමීන්ට පුළුවන් හොරකම් කර කර බලයේ ඉන්න. අනිවාර්යයෙන්ම මේ වීරවංසගේ ගෝලයෙක් වෙන්න ඕනෑ. මේ අයට තේරෙන්නේ නැහැ. ආර්ථික සම්බාධක වගේ දෙයක් දැම්මොත් සාමාන්‍ය ජනතාවට මොනවගේ බලපෑමක් වෙනවද කියලා...

:       1837       273

GuneSunday, 01 December 2019 04:29 AM

මොළේ උඩ ඉඳගෙන මේක නේද ලිව්වේ?

:       0       1

KANDEPOLA Saturday, 30 November 2019 08:52 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයාට පොලිස් දෙපාර්තමේන්තුවේ අවසරයක් නොමැතිව ස්විට්සර්ලන්තයට පලායාම ස්විස් තානාපති කාර්යාලයේ අනුදැනුමක් නොමැතිව සිද්ධ වෙන්න බෑ. එසේ කිරීමට තානාපති කාර්යාලය ලබා දුන් අනුබලයට එරෙහිව එල්ල වෙන චෝදනාවෙන් ගැලවීමට, අවධානය වෙනතක යොමු කිරීමක් විදියට රඟදක්වපු නාට්‍යයක් තමයි මේ පැහැර ගැනීම...

:       532       2284

yamuna Saturday, 30 November 2019 01:10 PM

තානාපති කාර්යාලය දන්නවා. ඒ වගේම මේ රටේ සිදුවන මැරකම්, මිනීමැරුම් ඔක්කොම ඒ අයට වාර්තා වෙනවා. " මාව මරන්න ආණ්ඩුව ලැහැස්තිවෙනවා. මෙන්න සාක්ෂි... මේ වැරදිකාරයින්ව සාක්ෂි ඇතිවම අධිකරණයට අල්ලලා දුන්නේ මමයි. දැන් ඒ අය රටේ පාලකයන් වෙලා.. මමයි, මගේ සහෝදර නිලධාරීන් 700 ගණනකගෙන් පලිගන්න හදනවා. මට ඔබේ රටේ ආරක්ෂාව අවශ්‍යයි..." කිව්ව ගමන් ඒ අය වහාම විමර්ශනය කරලා වීසා ලබාදෙනවා. එ්ක ඉතාම සාමාන්‍ය දෙයක්...

:       1204       232

NuwanSaturday, 30 November 2019 02:17 PM

බොරු කියන්න එපා හලෝ.. ඔච්චර ලේසියෙන් වීසා දෙන්නේ නැහැ.

:       318       872

සමන්තSaturday, 30 November 2019 08:16 PM

එක් එක් අය බොහෝවිට අදහස් ඉදිරිපත් කරන්නේ තම තමන්ගේ දැනුමේ සහ දේශපාලන පක්‍ෂයකට ඇති කැමැත්ත අනුවයි. ඒකේ ඇති වැරැද්දක් නෑ. ඒ වුණත් ජාතික තලයේදී යම් කිසි ආයතනයක් හෝ පුද්ගල කණ්ඩායමක් නීතිරීති නොතකා වැරැද්දක් කරනවා නම්, ජාත්‍යන්තර මට්ටමෙන් රට, ජාතිය හෑල්ලු වෙන විදියට වැඩ කරනවා නම්, ඒක මේ එක කණ්ඩායමක හෝ පක්‍ෂ, විපක්‍ෂ ප්‍රශ්නයක් නෙමේ. රටේම ප්‍රශ්නයක්. ඒ නිසා මෙතන බයිලා ගහන්න එපා...

:       0       53

Appuhami Saturday, 30 November 2019 11:23 AM

මේක පරාජිතයින්ගේ නාට්‍යයක්...

:       497       2070

Tharindu PereraSaturday, 30 November 2019 07:23 PM

අප්පුහාමිනේ ඉතිං. ආයෙ ‌වෙන ‌මොන කතාද?

:       0       1

Deepal Nirosh Saturday, 30 November 2019 02:18 PM

සිද්ධියක් වුණා. දැන් විධිමත් පරීක්ෂනයක් කරලා සත්‍ය රටට වඩා ලෝකයාට හෙළි කළ යුතුයි. මොකද මේ සිද්ධිය රටට කෙසේ වෙතත් ලෝකයාට බරපතල සිද්ධියක්. පාස්කු දින ප්‍ර‍හාරයට වඩා...

:       2       425

සෑම් Saturday, 30 November 2019 04:58 PM

අනිවාර්යයෙන්ම මෙම දේශීය ස්විස් තානාපති නිලධාරිනියට ඇමති, නියෝජ්‍ය ඇමති හෝ රාජ්‍ය ඇමතිකමක් ප්‍රධානය කර හෝ කෝටි 50ක දීමනාවක් ඉල්ලා දී ළඟදීම රජා විසින් ස්විට්සර්ලන්ඩ්වලට කෙලවනු ඇත. කොහොමද ටිකිරි මොළේ?

:       1       0

අනුර Saturday, 30 November 2019 05:34 PM

දන්නේ නැතිනම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න. මව්බිමේදී එවැනි වීසා එකක් ගන්න හරිම අමාරුයි. නමුත් මේ පොලිස් නිලධාරියාගේ කේස් එක සාක්ෂි ඇතිවම ඒ අයට වැටහී යන්න ඇති. ඔබ ප්‍රංශයට ගොස් රිෆියුජි වීසා ඉල්ලලත් ලැබුණේ නැත්තේ ඔබ බොරු කේස්එකක් ඉදිරිපත් කළ නිසා බව මම දන්නවා.

:       0       0

Vikasitha Saturday, 30 November 2019 07:56 PM

වීසාවක් ගන්න ස්විට්සර්ලන්ඩ් වලට අනිවාර්යයෙන්ම ලියුමක් ගෙන්න ඕනෑ රස්සාව කරන තැනින්... නිවාඩු අනුමත වෙලා කියලා. මම යුරෝපයේ රස්සාව කරන නිසා දන්නේ. ඒ වගේම මම යුරෝපයේ රටවල්වලට කිහිප සැරයක් ඇවිත් තියෙන නිසා දන්නේ. එහෙම නැතිව ටුවරිස්ට් වීසා දෙන්නේ නැත. ඉතින් මේ මනුස්සය CID එකට නොදන්වා රට පැන්නා කියන්නේ වීසා ලැබිලා තියෙන්නේ වෙන ක්‍රමයකට.

:       0       5

andrew Sunday, 01 December 2019 03:06 AM

ඔය බොරු සාක්කි කාරයින්ට තලලා එළවලා, නඩු ටික විසිකර, ඡන්දය දීපු අයට ලෙව කන්න කටු ටිකක් දීලා, අපි රටේ සම්පත් ටික ආදරයෙන් බලාගමු.

:       0       1

Rajakaruna Sunday, 01 December 2019 03:41 AM

ආධාර කපා හරින්න. එතකොට සත්‍යය හෙළිවේවි නිකන්ම..

:       4       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 128 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 436 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 344 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 263 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 670 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1339 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site