IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ඥානසාර හිමිට පොදු සමාව දීම වැරදි පුර්වාදර්ශයක් සැපයිය හැකියි‘‘

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම වැරැදි පූර්වාදර්ශයක් සපයනු ඇති බවත් එමඟින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පරීක්ෂණය ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙළේ පරීක්ෂණවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවත් ප්‍රජාතත්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමෙන් විශේෂයෙන්ම ආරක්ෂක අංශ ද සම්බන්ධ දේශපාලනමය සංවේදීතාව සහ දේශපාලන අවධානය ඉහළ පරීක්ෂණවලට සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බාධා එල්ල වනු ඇති බවත් එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
 
 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් වැරැදිවලට දඬුවම් නොලැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් කරන බවත් එපමණක් නොව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් යුක්තියේ පිහිට පැතීම අධෛර්යමත් කරන බවත් එම සංවිධානය සඳහන් කරයි. 
 
 සිරකරුවකුට සමාව දීම සඳහා ජනාධිපතිවරයාට අයත් බලය අධිකරණ විනිශ්චය ක්‍රියාවලියකට යටත් බවත් අපරාධකරුවකුට සමාව දීමට පෙර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවිය යුතු බව එම සංවිධානය කියයි. එහෙත් මේ දක්වා එවැනි කිසිදු වාර්තාවක් ඉදිරිපත් වී නැතැයි ද එම සංවිධානය පවසයි.
 
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් අධිකරණ තුළ එවැනි තර්ජනාත්මක ආකාරයෙන් හැසිරීමට හැකි බව මහජනතාවට ඒත්තු ගන්වන බව ද එම සංවිධානය කියයි. 
 
පාර්ශව කිහිපයක්ම, විශේෂයෙන්ම ඇතැම් ආගමික නායකයන් බුද්ධ ශාසන අමාත්‍යවරයා හරහා ගලගොඩඅත්තේ ඥානසාරි හිමියන්ට ජනාධිපති සමාව දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව දැනගන්නට ලැබී තිබෙන බවත් අපරාධකරුවකුට සමාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු නෛතික හැකියාවක් බුද්ධ ශාසන අමාත්‍යවරයා නැති බවත් එම සංවිධානය පෙන්වාදෙයි. 
 
 ඥානසාර හිමියන් බුදු දහමට විශාල සේවයක් කර ඇති බවත් එබැවින් උන්වහන්සේට ජනාධිපති සමාව දිය යුතු බව ඇතැම් පාර්ශව පෙන්වා දී ඇති බවත් කියන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයන්ගේ සංගමය ඥානසාර හිමියන් බුදු දහමට පටහැණිව රට තුළ ආගමික සහ වාර්ගික එකමුතුවට තර්ජනයක් වන අයුරින් ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇති බවත් කියයි.
 
 අධිකරණයට අපහාස කිරීම, 

සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම යන චෝදනාවලට අමතරව ඥානසාර හිමියන්ට තවත් චෝදනා රැසක් තිබෙන බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 
 
 055

 



අදහස් (34)

‘‘ඥානසාර හිමිට පොදු සමාව දීම වැරදි පුර්වාදර්ශයක් සැපයිය හැකියි‘‘

කල්ප Wednesday, 30 January 2019 02:25 PM

එහෙනම් උසාවියට ගල්ගපු අයව ඇතුළට දාන්න. ප්‍රභාකරන් හිටියා නම් හොඳයි කියපු කාන්තාව ඇතුළට දාන්න.

:       697       1283

jayasekraThursday, 31 January 2019 03:48 AM

කල්ප.....වටිනා මසුරන් කියමනක්....!!.....රට ජාතිය බුද්ධ ශාසනය වින කරන්න අපේම අයගේ පුදුම අමාරුවක් තියෙන්නේ..

:       0       1

sampathFriday, 01 February 2019 09:59 AM

ඇයි අර වතු මාර්ෂල් කියන කෙනා ඊයේ කියුවේ ප්‍රභාකරන්ටත් වතු මාර්ෂල්කම දෙන්න කියලා...

:       0       1

කල්ප Wednesday, 30 January 2019 02:29 PM

වැලේ වැල් නැති නීතිඥයෙක්නේ ඔහොම කියන්නේ.. කෙනෙකුට කඩේ ගිහිල්ලා මස්කට්ටක් බලාපොරොත්තු වන පොරක් මෙයා...

:       635       1005

නිහාල් Wednesday, 30 January 2019 02:35 PM

මහබැංකු හොරුන්ව ඇතුලට දාලා... මගනැගුමෙන්, රූපවාහිනී නාලිකා වලින් සිරිලිය ගිණුමෙන්.., සුනාමි හොරුන් ඇතුලට දානවා නම් ලසන්තව, තාජුදින්ව මරපු අයව ඇතුළට දානවා නම්, ඇතුලෙම තියන්න .

:       110       516

ravi Wednesday, 30 January 2019 02:38 PM

මේ.. කරලා තියන වැරදිවලට, සමාව දුන්නොත් ... පැටව් ගහන්න පටන් ගනීවි ඉවරයක් නැතුව ..!

:       728       591

BamunuarachchiSunday, 03 February 2019 04:50 PM

කියන්නකෝ කරලා තිබෙන වැරදි මොනවද කියලා? නිකන් ලිස්සලා යන කතා නොකියා. කරලා තිබෙන වැරදි සිංහල ජාතිය වෙනුවෙන් කරපුවා... ඒවා තව දහස් ගණනින් කළාට සිංහල අපේ කිසිම විරුද්ධත්වයක් නොමැත...

:       0       0

shan saudi Wednesday, 30 January 2019 02:50 PM

මේ උඩ බුරන්නේ එක එකාගේ ඩොලර් වලට මොවුන්ට ඕනේ විදිහට වැඩ කරන්න ගියොත් රට ගොඩ ගන්න වෙන්නේ නැහැ.

:       0       1

BamunuarachchiSunday, 03 February 2019 09:27 AM

ඔය රට ගොඩනගලා තිබෙන්නේ ලස්සනට... හලෝ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන්න සිටින හාමුදුරුවන්ට අපහාස කළොත් සතර කොටසකට ඉරලා වහලේ හතර කොනේ එල්ලනවා. ඔහේලාගේ ආගමේ ඕනෙම දේකට බැනගත්තාට අපිට කමක් නැහැ.

:       0       1

parakkrama Wednesday, 30 January 2019 03:29 PM

මේ සමාව පොදු සමාවක්ද? නැතිනම් විශේෂ සමාවක්ද? අධිකරණයට අපහාස කිරීම නිසා නියම කරන ලද දඬුවම වෙනුවට සමාව දීම, අනාගතයේදී එවැනි අපහාස වෙනුවෙන් ගන්නා වූ අධිකරණ හා නෛතික ක්‍රියාමාර්ගයන්ට අනිටු අයුරින් බලපෑම් ඇතිකර විය හැකි වැරදි පූර්වාදර්ශයක් වනු නොඅනුමානයි. නීතිය හා අධිකරණය හෑල්ලුවට ලක්වීමත්, නිර්භයව අධිකරණය ඉදිරියේ තර්ජනාත්මකව හැසිරීමත් අනාගතයේදී දැකගත හැකි වනු ඇත...

:       0       1

ජයන්ත මිලානෝ Wednesday, 30 January 2019 05:12 PM

කතාව ඇත්ත ,මෙතුමාගේ හැසිරීම බෞද්ධාගමට නිගාවක්.විශේෂයෙන්ම චීවරධාරීන්ගෙ හැසිරීම සංසුන්ව තිබිය යුතුයි .ශාන්ති දායක වචනයකින් අදිපතීන්ගෙ කෝපය උවත් සංසිදවුව හැකිය්.මෙතුමාගේ වාග් විලාසය අනෙක් අයෙකු කෝපාවිෂ්ඨ කිරීමක්.

:       0       1

Bamunuarachchi Wednesday, 30 January 2019 06:16 PM

එහාකොට ගොනවෙල සුනිල්, සොත්ති උපාලි, දම්මික අමරසිංහට ජනාධිපති සමාව ලැබීම නරක පූර්වා දර්ශයක් නොවෙයිද? ඒකාලේ ඕව කීවද වලිගෙ රෝල්කරලා කකුල්දෙක අස්සේ ගහගෙන සද්ද නැතුව හිටියේ. අනේ මුන්වගේ නීතිඥයෝ. ජනාධිපතිට ඒකාලේ බෝම්බ ගැසූ අර ත්‍රස්තයා නිදහස් කිරීම නරක පුර්වාදර්ශයක් කීවාද?

:       0       148

නිමල් Wednesday, 30 January 2019 06:25 PM

රටේ උත්තරීතර අධිකරණයට ගරු කරන්න!!.

:       0       0

rienzie Wednesday, 30 January 2019 07:54 PM

සිරකරුට උචිත ජම්පරය කෝ එතකොට?

:       0       0

chandima Wednesday, 30 January 2019 08:42 PM

එතකොට ඔය නිදොස්කොට නිදහස්කරන කට්ටිය නිසා වැරදි ආදර්ශයක් එන්නේ නැතිද?

:       0       0

banda Wednesday, 30 January 2019 10:53 PM

මෙයා එලියට දානවනම් සියලුම හිරකරුවන් නිදහස් කරන්න වේවි .

:       0       0

ලුම්බිණි Thursday, 31 January 2019 12:50 AM

ඥානසාර හිමියන්ට සමාව දෙනවා නම් සුළු වැරදි වලට හිරේ ගිහින් ඉන්න දහස් ගණන් මිනිසුන්ටත් සමාව දිය යුතුයි.

:       0       0

rocky Thursday, 31 January 2019 02:17 AM

"මහා සංඝ රත්නය " රටේ නීතියට අවනත නොවිය යුතුය කියලා හිතනවා නම් එ්ක බුදු දහමට පටහැනි මෝඩ මතයක්. ඒ නිසා කිසිසේත්ම සමාව දිය යුතු නැහැ. සංඝ මාෆියාවක් අපේ රටට වුවමනා නැහැ..!

:       0       0

Amila Thursday, 31 January 2019 02:36 AM

ඊලග චන්දයට පෙර ආන්ඩුවට මෙයාව ඕන වී ඇත. ඔවුන්ගේ අරමුන මහින්දගේ චන්ද පදනම විනාශ කිරීමට යලි භාවිතා කිරීම මිස වෙන දෙයක් නොවේ. 2005 රනිල්ට, 2010 පොන්සේකට සහ 2015 වක්‍රව උදව් කරේද පොදු අපේක්ශකයාටය.

:       0       0

wijaya premadarshana Thursday, 31 January 2019 04:22 AM

වරදක් වී අැත්නම් නීතිය කාටත් ෙපාදුයි රටක යහපැවත්මට සැමට සාධාරණත්වය හිමිවිය යුතුයි

:       0       0

සමන්ත Thursday, 31 January 2019 05:06 AM

ලංකාවේ අධිකරණයට අපහාස කරපු එකම පුද්ගලයා මේ ස්වාමීන් වහන්සේම විතරද? මම හිතන්නේ මේ මනුස්සයා මෙච්චර දවසක් නිදාගෙන ඉදලාද කොහෙද.. අනේ මේ වගේ නීතිඥයන් ඉන්න කම් රටකට හරි යයිද..

:       94       432

Chanak los angelesThursday, 31 January 2019 06:32 AM

ඔව්නේ.. එකම කෙනා මොහු තමයි.. නඩුව විභාග වෙමින් තිබු නඩුශාලාවට බලෙන් ඇතුළු වෙලා විනිසුරුතුමාට කියලා තිබුනේ සුද්දගේ නීතියට අපි භය නැහැ. පුලුවන්නම් අපිව හිරේට දාපල්ලා කියලා... මීට පෙර රටේ කව්රු හරි ඔහොම දෙයක් කර තිබෙනවාද? එහෙනම් ඒ කව්ද?

:       0       0

BamunuarachchiSunday, 03 February 2019 09:19 AM

ඔය වැඩේ කරන්න ඔබට පුළුවන්ද? සුද්දගේ කොඩිය බිමදාලා පාගපු හාමුදුරුවරු හිටියා මේ රටේ ඕවත් වැඩද හලෝ? ඕවා නිවටයින්ට කරන්න බැහැ. දැන් උසාවිවල තෝල්ක වැඩේ කරන්නේ කළු රෙද්දෙන් ඔලුව වහගත්ත අයලු.

:       0       0

Lal Thursday, 31 January 2019 05:26 AM

වෛද්‍යවරයෙක්ගේ දියනියක් දූෂණය කළ වරදට හිරගෙට ගිය මදාවියෙකුට එක්තරා ජනාධිපතියෙක් සමාවදී පසුව මුළු දිවයිනටම බලපාන සාමදාන විනිසුරුකමකුත් පිරිනැමුවා. එදා එයට විරුද්ධව කවුරුවත් කටඇරියේ නැහැ. මොකද මේ ස්වාමීන්වහන්සේ මිනීමරලද, මංකොල්ලකාලද, මත්ද්‍රව්‍ය විකුණලද, ත්‍රස්වාදික්‍රියාකරලද? ජනාධිපතිගේ ප්‍රතිචාරය පිළිබඳ සිංහල බෞද්ධයින් අවධානයෙන්...

:       0       0

tikiri Thursday, 31 January 2019 05:28 AM

එතකොට යුධ හමුදාව නීති විරෝධී ආයුධ භාවිත කළා කියලා, කවදාවත් යුද්ධ භූමියට නොගිය අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කොට, ඒ වට දඬුවම් නොදී හිටියාම එ්ක වැරදි ආදර්ශයක් වෙන්නේ නැතිවෙයිද? එකෙන් ලංකාවට කිසිම බලපෑමක් වෙන්නේ නැතිවෙයිද? දේශද්‍රෝහීන්ට මුලින්ම දඬුවම් ලබාදෙන්න.

:       0       0

indra Thursday, 31 January 2019 07:11 AM

බෝම්බ ගහලා කිසිම වරදක් නැතිව මරපු මිනීමරුවන් ජනාධිපති සමාව ලැබුවා.. අපේ හාමුදුරුවන් මොනවද කරලා තියෙන්නේ? සමාව නොදුන්නොත් නම් ජාතික අපරාධයක්... දඬුවම් දෙන්න ඕන අය එළියේ.. මේවටද කියන්නේ නඩුකාරවරුන්ගේ අපක්ෂපාතී තීන්දු කියලා...? හරිම කණගාටුයි...

:       0       0

sudesh Thursday, 31 January 2019 07:21 AM

‘‘ඥානසාර හිමිට පොදු සමාව දීම වැරදි පූර්වාදර්ශයක් සැපයිය හැකියි‘ මෙය කිසිම පදනමක් නැති ප්‍රකාශයක්...

:       0       0

Bandara Thursday, 31 January 2019 07:41 AM

"ප්‍රජාතත්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන්ගේ සංගමය " කවදා කවුරු අටවගත්තු සංවිධානයක්ද මේ..

:       0       0

ase Thursday, 31 January 2019 09:00 AM

අද පිරිත් ටිකක් කියන්න හාමුදුරුවෝ නැහැ , මොන ද අප්පා මේ ?

:       4       0

Anada Friday, 01 February 2019 09:29 AM

මේ ගොල්ලන් තරුණ පරපුර විනාශ කරන කුඩු සිද්දීක්ව නම් එළියට ගත්තා කිසිම හිරිකිතයක් නැතුව.. සල්ලි දෙනවා නම් අසුචි වුණත් කාවි...

:       0       1

sampath Friday, 01 February 2019 09:56 AM

මහා අපරාධයක් කරලා තියන්නේ අරහමුදා සෙබළු සිය ගාණක් මරලා කෝටි ගාණක් රජයට පාඩු කරපු කොටි අවුරුදු 5කට හිරේ දැම්මා නම් මුන්වහන්සේ අධිකරණයට අපහාස විතරක්නේ කලා කියන්නේ... දවස් 5ක් හිරදඬුවම් දුන්නම මදිද...?

:       0       0

විශ්වා Sunday, 03 February 2019 01:04 PM

ඥාණසාරට හිමි නොකියන්න හිත නොදෙන්නේ අනේ මට විතරද?

:       107       0

BamunuarachchiSunday, 03 February 2019 04:55 PM

ඔව්, පව්කාරයින්ට එහෙම හිතෙනවා. සිංහල ජාතිය ගැන බුද්ධාගම ගැන හිතන අපි ඥාණසාර හාමුදුරුවන්ට කතා කරන්නේ අපේ හාමුදුරුවන් කියලා. ඒ අපේ හාමුදුරුවෝ සිංහල ජාතිය, බුද්ධාගම වෙනුවෙන් කරන්න යන ඕනෙම දේකට එකතුවෙන අදහසින්... එකතු වුණාම අපි අනිකා දකින්නේ ප්‍රභාකරන් සිංහලයා දිහා බලපු විදිහට...

:       0       0

Bamunuarachchi Sunday, 03 February 2019 05:02 PM

අප්පා ? ඒ කව්ද? අප්පලා ඉන්නේ දෙමලුන්ටනේ. පප්පලා ඉන්නේ පෘතුගීසි අයට වෙන්න ඇති... සිංහල අපිට ඉන්නේ තාත්තා. තවටික දවසකින් සිංහල බෞද්ධයාට පාංශුකුලේට හාමුදුරුකෙනෙක් හොයාගන්න බැරිවෙනවා.. මිනියත් ටොපියක් වගේ ඔතලා වළදාන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 126 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 433 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 340 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 262 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 667 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1330 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site