IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජූලම්පිටිය අමරේ චූදිතයා වූ කටුවන ද්විත්ව ඝාතනයේ සාක්ෂි විභාගය අවසන්

(චන්ද්‍රසේන ගමගේ)
 
කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී  පවත්වනු ලැබූ  ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී සිටි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අද(17)  තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැණුනු අතර  නඩුවට අදාළ සාක්ෂි විමසීම අද(17) දින අවසන් කළේය.
 
2012 වසරේ ජුනි මස 15 දින සවස පැවති ජවිපෙ රැළියට වෙඩි තබා එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන්(18) යන දෙදෙනා ඝාතනය කර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට  බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ තිබුණේ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේට වන අතර ඔහුට විරුද්ධව වු චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය 2016 පෙබරවාරි මස 29 දින සිට විභාගයට ගෙන තිබුණි.
 
තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා අද(17)  මෙම නඩුව විභාගයට ගත් අතර එහිදී ඝාතනයේ සැකකරු වූ ගීගන ගමගේ අමරසිරි සාක්ෂි ලබා දුන්නේය. ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ලබන මස 04 වැනි දින දක්වා නඩුව කල්තැබූ අතර එදිනට සාක්ෂි සටහන් පිළිබඳව විමර්ශනයක් කිරීමට නියමිතය.
 
ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකු වන අතර පසුව නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු අධිකරණයට භාර වූයේය. අදාළ ඝාතනය සම්බන්ධයෙන් 2012 වසරේ ජුනි මස 22 දින වලස්මුල්ල අධිකරණයේදී හදුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවති අතර එහිදී සාක්ෂිකරුවෝ තිදෙනෙකු විසින් ජූලම්පිටය අමරේ හදුනා ගැනීමට සමත් වූහ. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් කටුවන ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු ලෙසට ජූලම්පිටියෙ අමරේ නම් කරන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබිණි.
 
විත්තිකරු වෙනුවෙන් අද දින තංගල්ල මහාධිකරණයේ පෙනී සිටියේ නීතිඥ අජිත් ප්‍රසන්න මහතා වන අතර පැමිණිල්ල මෙහෙයවනු ලැබූවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා විසිනි.



අදහස් (7)

ජූලම්පිටිය අමරේ චූදිතයා වූ කටුවන ද්විත්ව ඝාතනයේ සාක්ෂි විභාගය අවසන්

Don Monday, 17 June 2019 04:05 PM

මහින්දගේ ප්‍රධාන ගෝලයෙක් තමයි ජූලම්පිටියේ අමරේ. එදා තංගල්ලේ බන්ධනාගාරයේදී සියලුම නිලධාරීන් ඔහුගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගෙන ඉන්නවා කියන ආරංචියට මහින්ද ඇවිත් කතාකළ සැනින් ඔහු මීයෙක් වගේ වලිගෙන් අමුඩේ ගහගෙන කීකරු වෙලා සටන අවසන් කළා. ප්‍රධාන ජේලර් ලලිත් හේමචන්ද්‍ර මහතා ඉක්මනින් රෝහලට යවා ජීවිතය බේරුවා.

:       213       274

Chanak los angelesMonday, 17 June 2019 09:23 PM

ඒ වුනාට මහින්ද දැන්නම් ජනතාව ඉදිරියේ හැසිරෙන්නේ කිසිදෙයක් නොදන්නා බබෙක් වගේ නේද ?

:       47       105

de silva Monday, 17 June 2019 06:18 PM

2012 වෙච්ච මිනීමැරුමට තවම සාක්ෂි කැඳවනවා , නඩුව අහලා ඉවර වෙනකොට තව අවුරුදු 10වත් යාවී , ඊට පස්සේ වැරදි කාරයා වුනොත් ඇපිල් කරලා තව අවුරුදු 10 විතර නඩුව නැවත අහන්න පුළුවන් , මෙයාගේ වයසත් එක්ක බලනකොට නඩු කටයුත්ත ඉවර වෙනකොට මෙයට ස්වභාවික මරණයක් ලැබිලා තියෙන්නේ පුළුවන්.

:       165       204

senaTuesday, 18 June 2019 04:16 AM

ඒක තමා දඩුවම. ජීවිත කාලයම හම්බ කරන ඒවා නඩුවලට වියදම් කරනවා. අන්තිම වෙද්දී කරලා තියන්නේ හම්බ කරපු ඔක්කොම වියදම් වෙලා මැරිලා යන එක විතරයි.

:       16       2

C.K.Lankaputhra Tuesday, 18 June 2019 01:21 AM

ද සිල්වා මහත්තයෝ, අපේ රටේ එහෙම තමයි. සමහර කාලවලට උඩතියන නඩු යට යනවා, යට තියන නඩු උඩ එනවා. හිරේ ගියත් නිදහස් වෙනවා, නිදහසේ හිටියත් හිරේ යනවා. අපි කාට හරි ඡන්දෙත් දානවා.

:       11       13

දිමුත් Tuesday, 18 June 2019 04:24 AM

එවකට හිටපු පාලකයෝ වැඩගත්ත අය තමයි.

:       12       56

Lasika Tuesday, 18 June 2019 04:48 AM

මෙ ඝාතන සිදුකරලා තියෙන්නෙ 2012දි, නමුත් නඩු විභාගය ආරම්භ කරල තියෙන්නෙ 2016දි, නඩුව විභාගයට ගන්න එච්චර පමාවුනේ ඇයි කියලා තේරුම්ගන්න පුලුවන්ද?

:       36       113

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 337 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 203 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 338 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 785 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1455 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 247 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site