IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන්ට ඉවත්වන්නැයි දැනුම් දෙයි

(නිමල කොඩිතුවක්කු)
 
විසුම්පායේ පිහිටි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් පිරිසක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් වන ලෙසට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
 
එම ස්ථානයෙන් පිටව යන ලෙසට අදාල ලේකම්වරයා විසින් අද (31) දැනුම් දුන් බව එහි සේවයේ නියුතු මාධ්‍යවේදීන් සඳහන් කරති.
 
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.
 
මේ වනවිට එහි මාධ්‍යවේදීන් 30 ක පමණ පිරිසක් සේවය කරනු ලැබූහ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය වේදීන්ට කිසිඳු ගැටලුවකින් තොරව කටයුතු කිරීමට හැකියාව ඇති බව තවත්  උසස් නිලධාරියෙකු පැමිණ ප්‍රකාශකර ඇතැයි ද වැර්තා වේ.

 



අදහස් (5)

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන්ට ඉවත්වන්නැයි දැනුම් දෙයි

sahan Wednesday, 31 October 2018 02:56 PM

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මේක කියන්න ඇත්තේ ඔය කියන තැන ඉන්න මාධ්‍ය යැයි කියාගන්න පුද්ගලයින්ට වෙන්න ඇති.

:       0       0

sirimal Wednesday, 31 October 2018 02:56 PM

මාධ්‍ය නිදහස දොරේ ගලනවා දැන් හොඳට පැහැදිලියි. මේ වගේ අදූරදර්ශී ක්‍රියාවලින් පත්වෙන්නේ ආණ්ඩුව තවදුරටත් මධ්‍යස්ථ ජනතාවගේ පිළිකුලට පත්වීමයි. මේ අතර 30වෙනිදින මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නියෝගය මත පෙර පැවති රජයේ සිටි ප්‍රබල අමාත්‍යවරුන් හත් දෙනෙකුගේ අමාත්‍යාංශය විශේෂ ජනාධිපති විඝණන සහ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් වටලන ලද බව පින්තුර සහ විස්තර සහිතව අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ කර ඇත. මෙහිදී අධ්‍යාපන, වනජීවී, මුදල් හා ජනමාධ්‍ය, බස්නාහිර සංවර්ධන, ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තුලට ඇතුලු වූ විඝණන නිලධාරීන් එහි තිබූ ලිපිගොනු රැසක් ගෙනගොස් ඇතිබවට වාර්තාවිනි. පැවති රජය යටතේ වංචා දූෂණ සහ අක්‍රමිකතා රැසක් මෙකී අමාත්‍යාංශය තුළ සිදුවී ඇති බවට ජනාධිපතිවරයා වෙත ලිඛිත සාක්ෂි ලැබීමත් සමඟ මෙම හදිසි නියෝගය එතුමන් විසින් ලබාදී ඇති බවත් අදාල ලිපිගොනු අධීක්ෂණය කරමින්, හැකිතාක් ඉක්මණින් වැරදි කළ ඇමතිවරුන්ට උපරිම දඬුවම් ලබා දෙන ලෙස තමන් අදාල වගකිවයුතු ආයතනවලට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපතිවරයා පැවසු බවත් ඒ වාර්තාවලින් හෙළි කර ඇත. මතකයිනේ ෆොන්සේකා හිරේ යවලා කාපු පරිප්පුව?

:       148       380

SamanthaThursday, 01 November 2018 03:45 AM

සිරිමල්ට හොඳටම රිදිලා වගේ.

:       76       137

Amila Wednesday, 31 October 2018 03:36 PM

ගිය ආණ්ඩුව කාලෙ තිබුණු නිදහස සමහර මාධ්‍ය කොහොමද භාවිතා කරේ කියලා රටම දන්නවනේ..? මාධ්‍යයටත් ඔන වුනේ මහින්දනේ. දැන් ඉතින් ඉල්ලන් කෑවා වගේ තියෙයි. හැබයි ලංකාව වගේ රටක සැර පරුෂ නායකයෙක්ම තමා හරියන්නේ...

:       0       0

ajith Wednesday, 31 October 2018 04:04 PM

මේක මාධ්‍ය නිදහස ගැන කටයුත්තක් නෙමේ. ගිය ආණ්ඩුව අපේ සල්ලිවලින් කරපු ප්‍රචාරක ආයතනයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 49 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 166 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 479 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 379 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 284 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 725 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site