(ඉන්දිකා රාමනායක)
රට පුරා ඇති සියලුම නීතිවිරෝධී ගිනි අවි බාර දෙන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප‍්‍රකාශයට පත්කර තිබූ සතියක සහන කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ලද ගිනි අවි 200 ක් පොලිස් ස්ථාන වෙත බාර දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ලබාදුන් නියෝගය අනුව ආරක්ෂික අමාත්‍යාංශය විසින් ගිනි අවි බාර දීම සඳහා පෙබරවාරි 5 සිට 12 දක්වා පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබුණි.
ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමට අනුව බෝර 12 වෙඩි බෙහෙත් තුවක්කු 137, බෝර 16 වෙඩි බෙහෙත් තුවක්කු 15 ක්, ද්විත්ව බැරල් තුවක්කු 2 ක්, රිපීටර් වර්ගයේ තුවක්කු 5 ල රයිෆල් 6 , රිවෝල්වර 7, පිස්තෝල 8 හා සහ තවත් ගිනි අවි 20 ක් මෙසේ පොලිස් ස්ථාන වෙත බාර දී තිබු බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පොදු සමා කාලය තුළ දී වලංගු බලපත්‍ර නොමැතිව හෝ බලපත්‍ර අලුත් කර නොමැතිව භාවිතා කරන ආයුධ භාර දුන් අයට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මහජන ආරක්ෂාව සහතික කිරීම සහ එවැනි අනවසර ආයුධවලින් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙලෙස ගිනි අවි පොදු සමා කාලයක් ලබා දී තිබුණි.
පොදු සමාව කාලය තුළ ආයුධ භාර දුන් අයට නව බලපත්‍ර ලබාගැනීමට සහ පරණ බලපත්‍ර නැවත අලුත් කිරීම් සඳහා ආයුධ පොලිසියට බාර දුන් දින සිට මාස තුනක සහන කාලයක් ලබා දෙනු ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම කාලය සැළකිල්ලට නොගෙන තවමත් නීති විරෝධී ලෙස ආයුධ සඟවාගෙන සිටින අය ඉදිරියේ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබාගෙන සිටින අය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂික අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
1916 ගිනි අවි ආරක්ෂ අණ පනතේ අංක 33 හි විධිවිධාන යටතේ බලපත්‍ර නොමැතිව ආයුධ ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එය දඩ ගැසීමකට හෝ සිර දඬුවම් විඳීමකට හෝ මෙම දඬුවම් දෙකටම හෝ යටත් වන වරදක් වේ.
වලංගු බලපත්‍රයක් නොමැතිව ආයුධ බාර නොදුන් අය, එය ඔවුන්ගේ පළමු වරද නම්, ඔවුන් රුපියල් 10,000.00 ට නොවැඩි දඩයකට හෝ අවුරුදු 5 කට නොවැඩි සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් වනු ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව
මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ
මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .
දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගිනි අවි බාර දෙන්න තිබූ පොදු සමා කාලයේ අවි 200 ක් බාර දෙති
ROHAN DAYADARA PARIS Tuesday, 18 February 2020 05:01 PM
ගිනි අවි, පුපුරන දෑ , අත්බෝම්බ වැනි නීතිවිරෝදී සියල්ල රජයට බාරදිය යුතුමයි එසේ නොකළොත් තරාතිරම නොබලා දැඩි දඩුවම් දියයුතුයි එහෙම නැතුව රට හදන්න බැ ...... !!!