IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨා ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කර ගත් බව බැසිල් කියයි

(නාලක සංජීව දහනායක)

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වනවිට ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කරගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අද (8) පැවැසීය.

එමෙන්ම ඇතැමුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැඩි බියක් දැක්වුවද ඔහු දරුණු පාලකයකු නොවන බවත් කීය. අල්ලසට දූෂණයට එරෙහිව දැඩිව කටයුතු කරන ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළමනාකරණයෙහි ඉතාමත් දක්‍ෂයකු යැයිද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ කිංස්බරි හෝටලයේදී අද (8) පැවැත්වූ මධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියවසම් යන මහත්වරු ද සහභාගී වූහ.

ඡායාරූප - ඉෂාන් සංජීව    



අදහස් (19)

ගෝඨා ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කර ගත් බව බැසිල් කියයි

athura Thursday, 08 August 2019 07:15 AM

අල්ලසට, දූෂණයට දැඩිව කටයුතු කරනවා නම් පටන් ගන්න ඕනෑ තමන්ගේ ගෙදරින්මනේ. මොකද බැසිල් මහත්මයා සියයට දහයේ කොමිස් ගත්ත එක ප්‍රසිද්ධ කාරණාවක් නොවැ...

:       558       1086

Prabha Thursday, 08 August 2019 08:43 AM

ඒක ගෙදර අයට අදාළ නැහැ. අදාළ වෙන්නේ සාමාන්‍ය ජනතාවට පමණයි.

:       7       361

ධනුෂ්කThursday, 08 August 2019 09:53 AM

අල්ලසට, දූෂණයට එතුමා විරුද්ධ නම් ඔබතුමාලා එතුමා ගෙනෙන්නට ඔච්චර පොරකන එකක් නෑ...

:       0       8

mohan Thursday, 08 August 2019 07:37 AM

අල්ලස, දූෂණයට විරුද්ධ බව බැසිල් මහත්තයට දෙවියන්ගේම සරණ තමයි.

:       38       443

sirimal Thursday, 08 August 2019 07:41 AM

එතකොට ඔබතුමා තවම අස්කරගෙන නැද්ද? අල්ලසට දුෂණයට තදින් විරුද්ධ වෙනවානම් වැඩේ පටන්ගන්න තියෙන්නේ පවුලේ අයත්, ලඟින්ම ඉන්න කට්ටියත් ගැන පරික්ෂා කරලා තමයි.

:       2       457

wimal Thursday, 08 August 2019 08:39 AM

ගෝඨාභය කියන්නේ හොඳ දැක්මක් තියන හොඳ ගතිගුණ තියන මනුස්සයෙක්. නිකන් මිනිස්සුන්ට බැනලා අදහස් දාන බූරුවන් ගොඩක් ඉන්නවා. එයාලට කියන්නේ රටක් හරියට පාලනය කරලා මාලිගා 10 හැදුවත් කමක් නැහැ මගේ අදහස නම්. ඉස්සර රජවරු රාජ්‍ය දේපලින් තමයි. දැන් තියන නටබුන් ඔක්කොම. ඉතින් මොකද වෙන්නේ ජාතියක් ගොඩනගලා ඉන්න ගෙයක් දොරක් හදාගත්තාම... දැන් ඉන්න එවුන් මේ අවුරුදු 4 ටම ඔක්කොම වැනසුවේ. බැංකුවල හොරසල්ලි කාරයින්ට ජාතියක් ජම්මයක් නැහැ. ඔවුන් පිටින් අාව එවුන් එක්ක කලවම් වුණු අය. ගෝඨාභය එන එක නවත්වන්න බැහැ. කාටවත් හැංගෙන්න තැන් හොයපල්ලා... ගොන්හරක්...

:       1651       485

ධනුෂ්කThursday, 08 August 2019 12:12 PM

මාලිගා නෙමේ ඊට වඩා දේවල් හැදුවත් කමක් නෑ තමන්ගේ පුද්ගලික ධනයෙන්.

:       0       6

siriThursday, 08 August 2019 05:13 PM

වචන භාවිතාවෙන්ම තේරෙනවා දැන උගත්කම සහ ගතිගුණයේ තරම. වහල්භාවයෙන් මිදී කල්පනා කලොත් ඔහොම හිතෙන එකක් නැහැ.

:       0       6

සෙනෙවිරත්න Friday, 09 August 2019 01:10 PM

මෙතුමා කියාවි පෙර රජවරු වංගෙඩියේ දාලා දරුවන් කොටවපු එකා, උල හිඳුවපු එක හොඳයි කියලා අම්මා, අප්පගේ සොහොන් මහජන මුදලින් හදපු එක හොඳයිද? ඊළඟට නැන්දම්මාගේ, මාමණ්ඩියගේ සොහොන් හදාවි..

:       0       1

මල් කාන්ති Thursday, 08 August 2019 08:41 AM

ඒ වුණාට ඔයා කියන ඒවා විශ්වාස කරන්න බැහැනේ.. ඔයත් ඇමෙරිකන් පුරවැසියෙක්නේ අනේ...

:       22       295

Mahee Thursday, 08 August 2019 08:54 AM

බැසිල් ගෝඨාව වර්ණනා කරන්නේ නැත්නම් මොකා ඒ වැඩේ කරන්නද නේද? තවත් හොඳයි කිව්වා නම් මං වගේම මගේ සහෝදරයත් දුෂණයට නහුතෙටම විරුද්ධයි කියලා...

:       122       484

ජයන්ත මිලානෝ Thursday, 08 August 2019 09:35 AM

ඒ කියන්නේ ගෝඨා තමයි ජනාධිපති අපේක්ෂකයා. එතුමා කියන දේ හරි, ඕවට තමයි කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා...

:       2       458

Prabha Thursday, 08 August 2019 10:11 AM

ඝෝටා අපේක්ෂකයෙක් නම් ඇයි ඒක නොකියන්නේ?

:       0       1

Chanak los angelesThursday, 08 August 2019 08:14 PM

ලංකාව ඇන්දුවාට ඇමරිකාව අන්දන්න බැහැ. පුරවැසිකම පැත්තකින් තියමුකෝ. රටේ කර තිබෙන දූෂණ, අපරාධ වෙනුවෙන් නඩු පැවරී තිබෙන පුද්ගලයෙකුට කිසිම නාම යෝජනාවක් බාරදීම බාරගැනීම රටේ පවතින නීතිය අනුව සම්පූර්ණයෙන්ම තහනම්නේ...

:       0       1

athuraFriday, 09 August 2019 04:17 AM

නැකතට කියන්න නොවැ ඉන්නේ. ගියපාර මැකෝගේ පස්සෙන් ගිහිල්ලා කොලේ බාරදුන්නා වගේ මේ පාර මේසෙ යටින් ගිහිල්ලත් බාරදෙන්න ඉඩ තියනවා.

:       0       0

ravi Thursday, 08 August 2019 10:45 AM

මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ තියන නඩු ටික ඉවර කරගන්නේ කොහොමද කියලා

:       0       1

kamal Thursday, 08 August 2019 12:54 PM

අනේ ඇමෙරිකාවට හොඳ කාලේ ආවා වගේ ලංකාවට කවදා හොඳ කාලයක් එයිද?

:       0       39

Chanak los angeles Thursday, 08 August 2019 02:56 PM

ලංකාවේ ඉන්න අය මේ බොරු පිළිගනීද නැද්ද කියා නොදනිමි. අපි නම් දන්නවා අහෝසි කරගෙන නැහැ කියලා .

:       0       2

ටි ඉන්දික Friday, 09 August 2019 06:32 AM

මේ තරම් වහල් මිනිසුන්ද මෙරට සිටින්නේ. නින්දිතයි...

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 102 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 326 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 113 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 110 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 104 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 36 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site