IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කසිප්පු විසවී අයෙක් මරුට - 10 ක් රෝහලේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

බාදුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් කසිප්පු පානය කළ පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් අද (02) පස්වරුවේ රෝහල් ගත කර ඇති අතර එම ස්ථානයෙන්ම කසිප්පු පානය කළ බව කියන 52 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තේමුල්ල ප්‍රදේශයේ වත්තක තිබී සොයා ගත් බව පොලිසිය පැවැසීය.

කසිප්පු පානය කිරීමෙන් පසු එම පුද්ගලයන්ට වමනය සහ පාචනය යන රෝග ලක්ෂණ මතුවී ඇති බවත් ඉන් පසුව ඔවුන් රෝහල් ගත කළ බවත් පොලිසිය පැවැසීය.

රෝගී වූ  තිදෙනෙකු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට මාරු කර යැවූ අතර සෙසු පිරිස මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.



අදහස් (9)

කසිප්පු විසවී අයෙක් මරුට - 10 ක් රෝහලේ

සාරසී Saturday, 03 August 2019 01:13 AM

ලොකු දෙයක්... වැඩේ ඉක්මන් වුණා එච්චරයි. වසනේ බොන්න යන්නේ දැනගෙන.

:       14       72

Suranga Saturday, 03 August 2019 03:21 AM

වෙසක් පෝයට කසිප්පු 100%ක් නතර කළාකියා, හිටන් කිව්වා නේද?

:       0       2

jayath Saturday, 03 August 2019 04:19 AM

කසිප්පු පෙරීමේ සාම්ප්‍රදායික ක්‍රමයේ ඇති තාක්ෂණික දෝෂ නිසා "ඊතයිල්" මධ්‍යසාරය වෙනුවට මීතයිල් මධ්‍යසාරයත් එනවා. මීතයිල් නිසා මුලින්ම දෘෂ්ටික ස්නායුව හානිවෙනවා. ඊළඟට ශරීරගතවූ ප්‍රමාණය අනුව මරණය හෝ සදාකාලික දුබලතා... මේක ඉන්දියාව, අපි වගේ රටවල සුලබයි. මේකේ අසිරිමත් දේ තමයි මීතයිල් විෂවීමකදී රෝහලේදී දෙන්නේ ඊතයිල්..! තේරෙන භාෂාවෙන් කියනවා නම් සාමාන්‍ය මධ්‍යසාරය...

:       0       49

Dayan Saturday, 03 August 2019 04:29 AM

කසිප්පු ගහලා විස වෙලානම් ආණ්ඩුවේ ඉස්පිරිතාලවල බෙහෙත් කිරීම නුසුදුසුයි. කසිප්පුවලට බදු ගෙවන්නේ නෑනේ. ආණ්ඩුවට හොරෙන් කරන වැඩක්නේ... බෙහෙත් කරන එකත් ආණ්ඩුවට හොරෙන්ම කරගත යුතුයි.

:       6       42

shan Saturday, 03 August 2019 05:10 AM

මුන්ට බෙහෙත් කරන්න මහජන බදු මුදල් ලබාගැනීම වහාම නතර කරන්න. ඒ සඳහා මුන්ගේ ගෙවල් වලින් හෝ කසිප්පු විකුණපු කෙනාගෙන් අවැසි වියදම් ලබාගන්න.

:       7       74

sampath Saturday, 03 August 2019 05:36 AM

ලංකාවේ නිෂ්පාදනය කරන සීනිවලින් වැඩිහරියක් යොදා ගන්නේ කසිප්පු නිෂ්පාදනයටයි. ඒ වගේම මේ කසිප්පු නිපදවීමේදී තත්ත්ව පාලනයක් කළ නොහැකි නිසා විෂ රසායනික හැදෙනවා. උදාහරණයක් විදියට මෙතනෝල් වගේ දේවල්... එ්ත් මේ ඇල්කොහොල් හෙවත් කසිප්පු හොද ඉන්ධනයක්... දේශීයව නිෂ්පාදනය කළොත් ඉන්ධන ප්‍රශ්නයට හොඳ විසඳුමක් හොයන්න පුළුවන්.. ඒ සඳහා දේශීයව අපතේ යන පලතුරු යොදා ගන්නත් පුළුවන්. තව දුරටත් කියනවා නම් සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන මොලීෂ් කියන එකත් ඇල්කොහොල් බවට පත් කරලා ඉන්ධනයක් ලෙස යොදාගන්න පුළුවන්...

:       1       31

RaveendraSaturday, 03 August 2019 07:24 AM

සම්පත් මයාවෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. එනමුත් අපේ කසිප්පු අරක්කු හෝ මොනයම් හෝ ලෝදිය බීමට ඇති ලොල්කම හා බීමෙන් පසු නොහොඹිනා ලෙස හැසිරීමට වැඩිදෙනෙකුගේ ඇති නිවට වීරත්වය නිසා මෙය රටේ දියුණුවට යොදා ගැනීම කෙරෙහි උනන්දු වේද? අවංකව හොඳින් නිරීක්ෂණය කරන්න පිං කමක් ,මළගෙයක්, වෙනත් උත්සවයකදී බොන්න නොදී සිටීමේදී එයට අදාල මිනිසුන් හට, නිවට බේබද්දන්ගෙන් අසන්නට ලැබෙන සුන්දර වචන ගොන්න... බීලා නිවට විරයන් සේ අදාළ අවස්ථාවලදී අශෝභන ලෙස හැසිරුණු අයගේ නොහොබිනා ක්‍රියා කලාප අප මෙන් ඔබද ඕනෑතරම් දැක තිබෙනවා නොවේද..? එබැවින් නූතන සමාජයේ වැඩි දෙනෙකු බේබද්දන් වීමෙන් ඇතිවන්නේ ඔබගේ වැදගත් අදහස් ක්‍රියාත්මක කිරීමට වඩා බේබද්දන්ගේ නිවට අදහස් ක්‍රියාත්මක වීම නොවේද? තවද ශාන් මගේ වටිනා අදහස් රජයක් හැටියට බියනොවී ක්‍රියාත්මක කරන්නේ නම් මෙවන් බේබද්දන්ට හොඳ පිළිතුරක් එමගින් ලබාදිය හැකිය.

:       0       88

Rane Saturday, 03 August 2019 12:04 PM

ප්‍රමිති සහතිකයක් දෙන්න බදු ගහන්න ණය දෙන්න පාලන මිලක්, මිල සුත්‍රයක් දාන්න. (තහනම් කරන්න එපා... මේක ප්‍රාදේශීය, දේශීය කර්මාන්තයක්...)

:       8       3

jayath Sunday, 04 August 2019 02:45 AM

සීනි වලින් සාමාන්‍ය ප්‍රමාණයක් කසිප්පු නිෂ්පාදකයන් ගන්නවා තමයි. නමුත් "වැඩිහරියක්" ගන්නේ මහා පරිමාන බීම, බිස්කට්, වගේ නිෂ්පාදකයන්... ලංකාවේ ක්‍රියාකාරී තත්වයේ තියෙන්නේ සීනි කම්හල් 3යි. මේ තුනේම සීනි හැදුවම ඉතුරුවෙන අතුරු ඵලය - නැත්නම් "මො ලැස ස්" කියන එක මධ්‍යසාර නිෂ්පාදනයට ගන්නවා. දැනට මේ රටේ තියන තත්වය අනුව... සීනි හදන එක එතරම් ලාභ නැහැ. වියදම යන්තම් හරි පියවෙන්නේ ඔය අතුරුඵලයයි. මධ්‍යසාර වලට විකුණන හින්දා.. මේ එතනෝල් වාහන දුවන්න ගන්න පුළුවන් තනිකරම ගන්න බැහැ. පොසිල ඉන්ධන සමග මිශ්‍රණයක් තමයි ගන්න වෙන්නේ... නමුත් තාක්ෂණික ප්‍රශ්න තියනවා. බ්‍රසීලය මේ වැඩේ ලොකුවට කරන රටක්... මොකද එහෙ සීනි හදන්නේ බීට්වලින්... උක්වලින් නෙමෙයි. උක් වියදම් අධිකයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 30 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 303 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 320 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 244 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 437 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2192 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site