IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ක්‍රීඩා පුහුණුකරුවන් 3850ගේ පත්වීම්වලට ගුරු සංගමයේ විරෝධය

(විනීතා එම්  ගමගේ)
         
අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වීම මූලික සුදුසුකම සේ සළකා බඳවාගත් ක‍්‍රීඩා පුහුණුකරුවන් 3850දෙනෙකුට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත්වීම් ලබාදීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි. 
         
මෙම පිරිසට පත්වීම් ලබාදීම අද (12) අරලිය ගහ මන්දිරයේ දී සිදු කරන බවත් එම බඳවා ගැනීම් නීති විරෝධී යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා යැවූ බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
         
මෙම බඳවා ගැනීම් ජාතික මට්ටමින් සිදුකර ඇතැයි පැවසූ ස්ටාලින් මහතා 20,000 කට අධික තරුණ පිරිසකගෙන් මෙම පිරිස බඳවා ගෙන ඇත්තේ තරඟ විභාගයක්වත් නොපවත්වා සම්මුඛ පරීක්ෂණවලින් පමණක් යැයි ද කීය.
         
ඔවුන්ට ඇති එකම සුදුසුකම සේ සළකා තිබුණේ දිස්ති‍්‍රක් මට්ටමින් පාසල් කී‍්‍රඩා තරඟයකින් තෙවැනි ස්ථානය ලබා තිබීම බවත් මේ වනවිට මේ පිරිසට පුහුණුවකුත් ලබා දී ඇති බවත් ගුරු සංගම් ලේකම්වරයා සඳහන් කළේය. 
 
අද දිනයේ ඇති ප‍්‍රධානතම අවශ්‍යතාවය වන්නේ  ලක්ෂ 45ක් වන සිසු දරුවන් පිරිස පාසල් යැවීම සඳහා මව්පියන්ට ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබාදීම වුවත් එය වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ මේ කටයුත්ත යැයි ද හෙතෙම කියා සිටියේය.



අදහස් (8)

ක්‍රීඩා පුහුණුකරුවන් 3850ගේ පත්වීම්වලට ගුරු සංගමයේ විරෝධය

Piumi Sunday, 12 May 2019 09:00 AM

ඒක අසාධාරණ වැඩක්.. අපි කැම්පස් ගිහිනි ඩිග්‍රි ගන්නවා. පැත්තක ඉන්න අයට රජයේ රැකියා දෙනවා. අපේ රටේ දියුණුවක් නැත්තේ වංචාව නිසයි.

:       114       8

JayanthaSunday, 12 May 2019 09:38 AM

උපාධි ගත්තට රැකියාවට උවමනා සුදුසුකම් නැත්නම් ඒ උපාධියෙන් එම රැකියාවට කිසිම වැඩක් නැත. ඉන් ළමයින්ට කිසුදු පලක් නැත. රැකියා දිය යුත්තේ එම රැකියාවට අදාල Selection Criteria මත විය යුතුය.

:       0       4

ඇසිලින් නැන්දාSunday, 12 May 2019 01:08 PM

පියුමි කෙල්ලේ ඔයාගේ උපාධිය ක්‍රීඩා උපාධියක් නම් පත්වීමක් දෙන්න තිබුණා. ඔයාට පුළුවන් ක්‍රීඩාව මොකක්ද? උපාධියට ඔක්කොම කරන්න බැහැ. පාරේ පිකටින් කිරීම කඳුලුගෑස් වලට මුහුණදිම ක්‍රීඩා නොවෙයි.

:       3       70

Piumi Sunday, 12 May 2019 09:06 AM

ඒක අසාධාරණ වැඩක්. අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ඒ වගේ වංචා වැඩ නිසා.

:       11       4

මහින්ද Sunday, 12 May 2019 09:16 AM

ක්‍රීඩා ඉගෙන ගත්තොත් අධ්‍යාපනයට බාධා වෙනවා. ඉගෙන ගත්තොත් ක්‍රීඩා බැරිවෙනවා. උසස්පෙළ ප්‍රතිඵල අඩු වුනත් ක්‍රීඩා සහතික ඇත්නම් විශ්ව විද්‍යාලවලටත් ගන්නවා. පක්ෂ කණ්නාඩියෙන් බැලුවම ඔහොම පේනවා.

:       1       18

Jayantha Sunday, 12 May 2019 09:17 AM

මට නම් මේ පත්වීම් වල කිසිම වැරද්දක් පෙන්නේ නැත. අපොස සා පෙ කියන්නේ තරගකාරී විභාගයක්. එයත් සමග සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග සහතික පත් ඇත්නම්, ක්‍රීඩා ගුරුවරයෙක් වන්න එය අවම සුදුසුකමක් හැටියට වර්ගකීරීම ඉතා සාධාරන බව මාගේ හැගීමයි. ඒ දවස්වල සහ මෑත කාලේ සාමාන්‍ය පෙළ නැති ක්‍රිකට් හෝ රගර් ක්‍රීඩා කල අය‍ට පුද්ගලික සේවයේ හෝ රජයේ සේවයේ උසස් තනතුරු දෙනකොට කවුරුත් කතා කරේ නැහැ. දැන් බලන්න ධම්මික රණතුංග, අසන්ත ද මෙල් සාමාන්‍ය පෙළ නැතිව සංස්ථා වල සභාපති වෙලා ඉන්නවා කවුරුවත් ඒවා ගැන කතා කරනවද. මේ ගමේ ගොඩේ ඉන්න ළමයින්ට රස්සාවක් දෙන්න හදනකොට ඔක්කොම නීති දානවා.

:       1       32

Sunil Gamage Monday, 13 May 2019 02:57 AM

දේශපාලන හා නිලධාරීන් විසින් සිදුකරන අයතා පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයන් සහමුලින්ම අවසන් කර ජනතාවට සාධාරණ හා යුක්තිසහගත ලෙස රැකියාවක් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු ය.

:       0       0

Bamunuarachchi Monday, 13 May 2019 01:56 PM

පාසලේ ක්‍රීඩා දවසට දුවලා 3වෙනි ස්ථානය තිබීමත් ඕ ලෙවල් වැඩ 6 සමත් වීමත් ඩිග්‍රියක් ගන්නවා වගේද? කොච්චර වටිනවාද? හම්බයින්ගේ ඡන්දයට සිංහලයා පාවාදීම ගැන පුදුම වෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 30 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 304 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 325 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 244 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 439 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2200 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site