IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


කෝටි 11 රත්‍රං තොගයක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව  නිලධාරීන් පිරිසක් විසින් යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේ 14 දා රාත්‍රියේ මුර සංචාරයේ යෙදුණු අවස්ථාවේදී සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය වී එය වැඩිදුර පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැක සහිත ඩිංගි යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර තිබේ.

ඒ අනුව, නාවික හමුදා යාත්‍රාව මගින් එම සැක සහිත යාත්‍රව පසුපස හබා ගොස් එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගනු ලැබීමෙන් පසුව යාත්‍රාවේ කළ සෝදිසි මෙහෙයුමේදී මෙම රත්‍රං සහිත පාර්සලය සොයා ගැණිනි.

එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක රන් කැබිලි වශයෙන්  තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 11 කට අධික  වෙතැයි නාවික හමුදාව ගණන් බලා ඇත.

නාවික හමුදා බාරයට ගන්නා ලද සැකකරුවෝ 27 වන වියෙහි පසුවන අතර, මාදගල් ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.

රත්ත්‍රන් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

නාවික හමුදා බාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක ප්‍රමාණය හා සැකකරුවන් දෙදෙනා සමඟ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත බාරදීමට නියමිය.



අදහස් (0)

කෝටි 11 රත්‍රං තොගයක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 506 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 120 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 78 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 708 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 765 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1326 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site