(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)
ඉන්දියාවේ සිට ඩිංගි යාත්‍රාවකික් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 144 යි ග්‍රෑම් 400 සමඟ ධීවරයකු පලෙයි තාලෙඅඬි වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.
මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත ලැබුණ තොරතුරක් මත පලෙයි පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා සහිත ඩිංගි යාත්‍රාව අත්ඩංගුවටගත් බව පැවසීය.
යාත්‍රාවේ තිබී විශාල පොලිතින් මළු හතරක් තුල මෙම කේරළ ගංජා ආරක්ෂිත ලෙස සඟවා තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ සැකකරු ධිවර කටයුතු සඳහා මුහුදු යන මුවාවෙන් ඉන්දියාවට ගොස් කේරළ ගංජා රැගෙනවිත් ඇති බවත් එම කේරළ ගංජා මාළු ප්‍රවාහනය කරන අයුරින් විවිද ප්‍රදේශවලට රැගෙනයාමට සූදානම්කර තිබූ බවට තොරතුරු අනාවරණයවූ බවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරු පලෙයි , වත්තිරායන් දකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 පුද්ගලයකු වේ.
සැකකරු හා කේරළ ගංජා තොගය කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූපය- සිතුම් චතුරංග)
(ඡායාරූපය - රොමේෂ් මධුශංක)
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෝටි දෙකක කේරළ ගංජා සමග ධීවරයකු අත්අඩංගුවට
kusal Monday, 30 March 2020 05:54 AM
මෙව්වා තමයි ධීවරයින්ගේ වැඩ... මත්ද‍්‍රව්‍ය, අවි ආයුධ ප‍්‍රවාහනය...
Kumari Monday, 30 March 2020 08:47 AM
පව් අහිංසකයා...