IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එ.ජා කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ එකමුතුව සහ ප්‍රජාවන් අතර විශ්වාසය නැවත ගොඩ නැගීමට කාලය එළැඹ ඇතැයි ද ඒ සඳහා දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සහ ප්‍රජා නායකයන් ඇතුළු සෑම සියලු දෙනාම එක්සත්ව කටයුතු කළ යුතු යැයි ද මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ජාති ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයකුගේම ආරක්ෂාව සහ ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ද එම කාර්යාලය කියයි. 

මෙරටට ප්‍රදේශ කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඒ බව කියා සිටී.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාව තුළ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය කොළඹ කාර්යාලය ඒ සම්බන්ධයෙන් මහත් ඕනෑකමකින් සහ සැලකිල්ලෙන් පසුවන බවද එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්ව ඇත.

“ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ වත්මන් තත්ත්වය උග්‍ර අතට හැරීම වැළැක්විය යුතුයි. සියලු දෙනා එක්ව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ ඉතා සුළු පිරිස සහ වෛරී ප්‍රකාශ කළ අයට අනුබල දුන් දේශපාලනඥයන්, ආගමික නායකයන් සහ අනෙකුත් නායකයන් හෙළා දැකිය යුතුයි.

තිරසර සාමය පවත්වාගෙන යෑම සඳහා එකමුතුව වෛරය ප්‍රතික්ෂේප කිරීමේ ඉතා වැදගත් සංධිස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ සිටී. රට අනාරක්ෂිත කරන සහ ප්‍රචණ්ඩත්වය අනුබල දෙන වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වැළැක්වීමට සෑම පුරවැසියකු සතුවම වගකීමක් තිබේ. වෛරී ප්‍රකාශ මගින් තවදුරටත් අසමඟිය ඇති කරන අතර දැනට තිබෙන නොසන්සුන්තාවට තවදුරටත් වැඩි කරමින් බිය ඇති කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම සහ සෑම ප්‍රජාවකගේම අයිතිවාසිකම්වලට ගෞරව කරමින් සියලු දෙනාට සමානව සලකන්නැයි හදිසි නීතිය තම රාජකාරීවල ආරක්ෂක අංශවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් සහ ඒවාට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.” 

055

 



අදහස් (3)

එ.ජා කාර්යාලයෙන් නිවේදනයක්

Cisco Tuesday, 14 May 2019 10:51 AM

එජා සංවිධානය මතුපිටින් කියන දේ ඉතාමත් වැදගත්. අප ජනවර්ග වශයෙන් කා කොටා නොගත යුතුය. ඔවුන් මෙය කීමට පෙර රටේ පූජක පක්ෂය සහ උගත්, බුද්ධිමත් පිරිස මේ ගැන උපදෙස් දී ඇත. මේ එන්නේ කසකරු බව තේරුම්ගෙන හදවතට නොව බුද්ධියට තැන දී මේ දේශපාලුවන් නමැති අම්බරුවන්ට අසු නොවී සාමය පවත්වාගෙන යන්න. ඊට පසුව එන්නේ එජා සංවිධානයේ සාම සාධක හමුදාව නමැති පෙරහැර බවත් මෙය ගතේ සවියෙන් නොව බුද්ධියෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් බව මතක තබාගන්න.

:       0       0

ගල්කටස් Tuesday, 14 May 2019 10:57 AM

ඕක හැම ජාතියකටම වලංගු විය යුතුයි. සිංහල අයට විතරක් ඔය බණේ කියලා වැඩක් නැහැ. වහා බයුර්දීන් අත්අඩංගුවට ගන්න.. එතකොට වැඩේ නිකම්ම ඉවරයක් වෙයි.

:       0       0

Bamunuarachchi Tuesday, 14 May 2019 10:50 PM

ඔහෙලා නම් කියයි.., අපිනේ දන්නේ කෙරුවාවල් ටික.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 48 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 165 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 479 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 378 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 284 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 719 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site