අප්‍රේල් 15 වැනිදා දක්වා සියලු සංචාරක වීසා අත්හිටුවීමට ඉන්දීය රජය අද(12) තීරණය කර තිබේ.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව බලධාරීහු පැවසූහ.
වයිරසය ව්‍යාප්තව පවතින රටවල් 7ක සිට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනයට යොමුකරන බවද ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෝවිඩ් -19 ලෙස හැඳින්වෙන මෙම වයිරසය වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීමත් සමඟ බොහෝ රටවල් එය ව්‍යාප්තවීම වැළැක්වීමේ කඩිනම් පියවර ගෙන තිබූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත.
හෙට(13) සිට මෙම සංචාරක වීසා අත්හිටුවීම ආරම්භ කරන බව ඉන්දීය රජය පවසයි.
(අල්ජසීරා)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාව සංචාරක වීසා අත්හිටුවයි
ගොන් වස්සා Thursday, 12 March 2020 08:29 AM
ඇයි තාම ලංකාව මේක කරන් නැත්තේ.
Champa Thursday, 12 March 2020 11:09 AM
ඇමරිකාවත් යුරෝපයෙන් එන සංචාරකයන් නවත්තලා. ඒ ගැන යුරෝපය කේන්තියෙන් ඉන්නේ. ඇමරිකාව, ඉතාලිය, ඉන්දියාව, චීනය, කොරියාව, බ්‍රිතාන්‍යය වැනි රටවලින් අපේ රටට එන සෑම සංචාරකයෙක්වම ගුවන් තොටුපොළේදී චෙක් කරනවා වගේම අනිවාර්ය දින 14ක් නිරෝධායනකට ලක් කළ යුතුයි. කලින් ලිව්වා වගේ ඒ වෙනුවෙන් මුදලක් අය කළ හැකියි ට්‍රැවල් ඉන්ෂුවරන්ස් වලට වැටෙන විදිහට.