IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘අලුත් ආණ්ඩුව කැබිනට් ඇමැතිධුර 30 ට අඩුවනවා’

හර්ෂණ තුෂාර සිල්වා, තරිඳු ජයවර්ධන 
 
 
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට අඩු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ආණ්ඩුවට පාර්ශව කිහිපයක්ම සම්බන්ධ බැවින් ඊට සියලු පක්ෂ හා පාර්ශව නියෝජනය වන පරිදි අමාත්‍යධුර පිරිනමන බවද ගුණවර්ධන මහතා කීය.
 
කොළඹ පදනම් ආයතනයේ මාධ්‍ය හමුව අවසානයේදී නව ආණ්ඩුව කැබිනට් අමාත්‍යධුර කීයකින් සමන්විත වේවි දැයි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.
 
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
 
“අපි යන්නේ කෙටි කාලයයි. පත්වන්නේ අන්තර්කාල ආණ්ඩුවක්. ඒ නිසා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30ටත් වඩා අඩු වෙනවා. කැබිනට් මණ්ඩලයත්, නියෝජ්‍ය අමාත්‍යවරුත් සමඟ සියල්ල 60ත් 70ත් වේවි. ඇතැම් විටෙක  එය ඊටත් අඩු වේවි. ඒ වගේම පාර්ශව කිහිපයක් සිටිනවා. ඒ සියලු දෙනා නියෝජනය විය යුතුයි. ඒ නිසා සියලු පාර්ශව නියෝජනය වන පරිදි අමාත්‍යධුර පිරිනැමීම කෙරෙහි සළකා බලා තිබෙනවා” යැයි ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය. 



අදහස් (9)

‘අලුත් ආණ්ඩුව කැබිනට් ඇමැතිධුර 30 ට අඩුවනවා’

de silva Sunday, 28 October 2018 08:29 AM

ඔන්න ඔන්න අනවශ්‍ය කතා කියනවා. ඕවා නොදී අලුත් ආණ්ඩුව හදන්නේ කොහොමද කියලා ඔබතුමා නිකන්වත් කල්පනා කළාද?

:       0       47

Perera Sunday, 28 October 2018 08:32 AM

ඔහොම පටන් අරන් පස්සේ නේ එක එකා වැඩි කරගෙන සීනි වලටත් ඇමතිකමක් දුන්නේ ඔයගොල්ලොම !!!

:       1       207

Nandalal DE SILVA - France Sunday, 28 October 2018 09:01 AM

ඔව් ඉතින්, කියනකොට ඔහොමයි කරනකොට තමා බලන්න ඕනේ! 2015 ට පෙර ඔබත් හිටපු රාජපක්ෂ පාලනවල එක එක වගුරු බිම්වලින් අල්ලාගෙන එක්රැස් කරගෙන හිටපු ගෙඹි ඇමැතින් කීයක් හිටියද කියා ඔබට අමතක උනාට, අපට නම් තාම මතකයේ තිබේ.....

:       23       59

Sanath Kandy Sunday, 28 October 2018 09:22 AM

19 වෙනි සංශෝධනය අනුව කොහොමත් ඊට වඩා දෙන්න බෑ. ඊළඟ අර්බුදය පටන් ගන්නේ එතැනින්. බලය තහවුරු කරගන්න ඇමතිකම් දීලා අනිත් පැත්තේ කට්ටිය බිලිබා ගන්න බෑ ආයේ. කෝටි දහයයි කොළඹින් ගෙයි දෙන්න වෙනවා.

:       0       117

NissankaSunday, 28 October 2018 09:37 AM

ඩුබායි ගිණුමේ සල්ලි ආපහු ගේන්න වෙයි වගේ එහෙනම්.

:       0       80

lakmal Sunday, 28 October 2018 09:49 AM

දැන් ඉතින් රට කෙසේ වෙතත්, තවත් සෙට් එකක් වරප්‍රසාද වලට කොටා ගනී. ඕක තමා ලංකාවේ දේශපාලනය!

:       0       22

sirimal Sunday, 28 October 2018 10:03 AM

ඒ ඉතින් ව්‍යවස්ථාවේ හැටියට වැඩේ ආරම්භ කරන කල් නේ.... ටික දවසක් යනකොට ඔය පෝලිමේ ඉඳගෙන අඬබෙර ගහපු කට්ටිය සේරටම සලකන්න වෙනවනේ. එතකොට ව්‍යවස්ථාවේ හැටියට වැඩ කෙරෙන එකක් නැහැ. ඔබතුමා වුනත් කට්ට කාගෙන මෙච්චර කාලයක් අල්ලාගෙන උන්නේ අත ලෙව කන්න බලාගෙන නෙවේනේ.

:       0       39

Mf Sunday, 28 October 2018 04:58 PM

පාර්ලිමේන්තුව කල්තැබීම ගැන කිසිම කතාවක් නැහැ.. පුදුමයි දිනේෂ්..

:       0       0

BamunuarachchiMonday, 29 October 2018 09:42 AM

මොකක්ද හදිස්සිය. රටේ වැඩ ටික කෙරෙනවානම් පාර්ලිමේන්තුව නොමැතිවීමෙන් දෙවන දීමනාවත් රටට ඉතිරිවෙනවානේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 122 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 423 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 337 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 261 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 661 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1319 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site