(දියතලාව - ඩී.කේ.රත්න සහ හාලිඇල - කපිල චන්දන කුරුප්පු ආරච්චි )
ශ්‍රී ලංකාවෙන් වදවී යන ඉතා දුර්ලභ ගණයේ හම්බාවකු හාලිඇල නුගසෙවනගම ප්‍රදේශයේ නිවසකින් හමුවී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.
මෙම නිවසේ හිමිකරුවන් උදැසන බල්ලන් බුරන හඩ ඇසී සිදු කළ සොයා බැලීමේදී බල්ලන් සමග පොරබදිමින් සිටි අමුතුම සත්වයෙකු දැක උන් පලවා හැර බැලීමේදී මෙම හම්බාවා සොයා ගෙන ඇත.
බල්ලන් පලවා හැරියද බල්ලන්ගේ ග්‍රහණයට අසූවීම නිසා මෙම හම්බාවා බේරා ගන්නා අවස්ථාව වන විටත් මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
හම්බාවන් ශ්‍රී ලංකාවෙන් වඳවී යන ඉතා දුර්ලභ ගණයේ සත්ව විශේෂයක් බවත් පරිසරවේදීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd