පසුගිය දිනවල සිරියාව තුළ මතුව ඇති ගැටලුව දඩමීමා කරගනිමින් ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය යන රටවල් සිරියාවට ප්‍රහාර දියත් කිරීමට විරුද්ධව සමාජවාදී තරුණ සංගමය අද (23) ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ඡායාරූප ඉෂාන් සංජීව




පසුගිය දිනවල සිරියාව තුළ මතුව ඇති ගැටලුව දඩමීමා කරගනිමින් ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය යන රටවල් සිරියාවට ප්‍රහාර දියත් කිරීමට විරුද්ධව සමාජවාදී තරුණ සංගමය අද (23) ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ඡායාරූප ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට කරන්න තරම් වෙන ප්‍රයෝජනවත් දෙයක් නැද්ද? ප්‍රභාකරන් අපිට කෙලපු කාලේවත් මේ මිනිස්සුන්ට මෙහෙම උවමනාවක් තිබුනේ නැහැනේ! කවුරු කාට ගැහුවත් අපට මොකටද, අපේ ආණ්ඩුව අපට මෙහෙම බදු ගහනකොට?
අසමගි වුනාම ඔන්න වෙන දේ, සිරියාට විතරක් නොවේ ලංකාවටත් ඔය දේමයි. ආයෙත් නම් යුද්දයක් එපා. එක එක රටවල් වල ඇඟිලි ගැහිල්ලේ ඉවරයක් නැහැ. ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය විතරක් නොවෙයිනේ, අනිත් පැත්තෙන් රුසියාවයි, ඉරානයයි. මේක දැන් සිරියාවේ ප්‍රශ්නයක් නොවේ. හොඳ වෙලාවට ලංකාව මුහුදින් වටවෙලා තිබුනේ. නැත්නම් මේ කපෙටවත් යුද්දේ ඉවරයක් කරන්න බැරිවෙනවා.
අපේ මුස්ලිම් සහෝදරවරු කිසිවෙක් මෙයට සම්බන්දවෙලා නැහැ වගේ
ගෙවල් වල වැඩක් නැති මිනිස්සු. සිරියාවෙනුත් එයි පදිංචිවෙන්න එච්චරයි අඩු....
සිරියාවේ වෙනදේ අපිට විතරක් නෙමෙයි ලෝකෙටම අදාලයි , මොකද අද සිරියාවට වෙන දේ තව අවුරුදු කිහිපයකින් අපිට වෙන්න පුළුවන් , බටහිර රටවල් එකතුවෙලා කැත්තෙන් බැරිනම් පොරවෙන හරි තමන්ට අවශ්‍ය දේ කරන්න සැරසෙන එකක තමයි සිරියාවේ අද වෙන්නේ, මේකට UN එකෙන් වත් වෙන කිසිම රටක් වත් නැහැ විරුද්ධ වෙන්න හැකියාවක් තියන.
අනේ කොල්ල නේ මොකද ඔබලට වෙලා තියෙන්නෙ? නිකරුනේ කාලය නාස්ති නොකර පළමුව මෙ රට ගොඩනගාගෙන ඉන්න, ඊට පස්සෙ සිරියාව ගැන බලමු.
දැන් ඔන්නම කියලා නවත්වයි. මාත් දැක්කා දහයක් විතර රතු කොඩි ටිකක් උස්සන් ඉන්නවා.
ඒ කියන්නේ මේ කට්ටිය රුසියාව බෝම්බ දාන එකට කැමති කියලද?
ඇමෙරිකාව දුන්න බදු සහනය ඉවත් කරාවි. කෝ ජනතා නියෝජිතයෝ.
අපරාදේ තව ටිකක් කලින් උද්ඝෝෂණ කරන්න තිබුනේ. එහම උනානම් ඔය ගහන එක නවත්ත ගන්න තිබුනා.
අනේ මෙහෙමත් මෝඩයෝ ටිකක්. රුසියාවයි සිරියානු හමුදායි රටේ මිනිස්සු දාස් ගණනින් මරණ එකට විරෝධය පලකරන්නයි ඇමෙරිකාව ඇතුළු රටවල් ගුවන් ප්‍රහාර එල්ලකලේ. නැතුව සාමාන්‍ය ජනයාට හනිකරන්න නොවෙයි.
එක දවසකට දොස්තර වර්ජන, එක දවසකට හෙදියෝ වර්ජන, මේ ලිස්ට් එක ලියන්න ගියොත් මේ තිරුවේ ඉඩ මදි වෙනවා. අපිට මේ තිබෙන ප්‍රශ්න ටික බේර ගන්න බැරුව ඉන්න කොට මේගොල්ල පටන්ගන්නවා අනුන්ගේ ප්‍රශ්න වලටත් මෙහෙ පාරවල් වහගෙන උද්ගෝෂණ කරන්න. මේගොල්ලො හිතන් ඉන්නේ කොළඹ කියන්නේ ලෝකයේම උද්ගෝෂණ වල අගනුවර කියලා. ලංකාවේ අපිට නිදහසේ කොළඹ පාරක ගමනක් යන්න බැහැ මාර්ග තදබද , අපේ කොළඹ ජීවත්වෙන රස්සාවක් කරන මිනිසුන්ගෙන් කාලයෙන් දවසට පැය 3-4 ගෙවෙන්නේ මගට. දැන් හිතෙනවා යුධ කාලේ මෙහෙම කරදර තිබුනේ නැහැනේ කොටි කාල බෝම්බ තබන බයට කව්රුවත් එකට රැස් වෙලා මෙහෙම දේවල් කලේ නැහැ ,
ඔය දෙමුපියන්ගෙන් කකා නාස්තිකරන කාලයේ හොද නැද්ද වත්තේ පිටියේ අල බතල ටිකක් හැදුවනම්
පුදුමේ කියන්නේ මේ ජවීපෙ එකට මියන්මාර්වල බංග්ලාදේශ්වල බෞද්ධයෝ මරනකොට ඒවා පෙනුනේ නැති එකනේ.
දැන් අත තියන්න එපා කියලා ඒ මිනිස්සු සරණාගතයෝ වෙලා ආවම ආයේ පෙළපාලි ගිහින් කෑ ගහනවා වෙන වැඩක් නැත්නම් අර මඩ පිරිච්ච වැව් ටික හාරන්න.
මේ රටේ උදේට කන්න නැතුව පාසල් යන ළමයි ඉන්නවා. පාසලට යන්න අඩුගානේ සෙරෙප්පු කුට්ටමක් නැති අය ඉන්නවා. ගුරුවරු නැති පාසල් තියෙනවා. අඩුම ගානේ සනීපාරක්ෂක පහසුකම් නැති පාසල් තියෙනවා. ගරා වැටෙන පාසල් තියෙනවා. උදේට කෑවම දවල්ට, රෑට තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද කියලා හිතන මිනිස්සු ඉන්නවා. රස්සාවක් නැතුව ලතැවෙන කට්ටිය ඉන්නවා. මේ වගේ අග ඉඳන් මුලට ප්‍රශ්න තියෙන රටක්... ස්ය්ර්යව ගැන හිතන්න කලින් තමන්ගේ රටේ දුක් විඳින පුදගලයින් වෙනුවෙන් පාරට බහින්න.
මේ වගේ කාලය-කන්නන්ට මේ රටේ දවස ගානේ මරා දාන වනාන්තර වෙනුවෙන් පාරට බහින්න බැරි වුනාට අනුන්ගේ ඇහේ කෙන්ද පේනවා. මොවුන් දන්නේ නැහැ මේ ගතකරන මොහොතක් පාසා ලංකාව වායු දුෂණය සහ ජලය ඇතුළු පරිසර දුෂණයේ දශක ගාණක් ඉදිරියට යමින් ඉන්නවයි කියලා. කාගේ හරි කුණු කොන්ත්‍රාත් එකක්නේ ඔය ඉතින් කරන්නේ...