IMG-LOGO

සිරියා ප්‍රහාරවලට එරෙහිව කොළඹදී විරෝධතාවක්

පසුගිය දිනවල සිරියාව තුළ මතුව ඇති ගැටලුව දඩමීමා කරගනිමින් ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය යන රටවල් සිරියාවට ප්‍රහාර දියත් කිරීමට විරුද්ධව සමාජවාදී තරුණ සංගමය අද (23) ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
 
ඡායාරූප  ඉෂාන් සංජීව



අදහස් (19)

සිරියා ප්‍රහාරවලට එරෙහිව කොළඹදී විරෝධතාවක්

rocky Monday, 23 April 2018 01:18 PM

මේ මිනිස්සුන්ට කරන්න තරම් වෙන ප්‍රයෝජනවත් දෙයක් නැද්ද? ප්‍රභාකරන් අපිට කෙලපු කාලේවත් මේ මිනිස්සුන්ට මෙහෙම උවමනාවක් තිබුනේ නැහැනේ! කවුරු කාට ගැහුවත් අපට මොකටද, අපේ ආණ්ඩුව අපට මෙහෙම බදු ගහනකොට?

:       1330       728

MissakaTuesday, 24 April 2018 01:36 AM

මසුරන් වටිනා කතාවක් Rocky . ඇත්තම කිවොත් මේ කට්ටිය වචනයකින් වත් යුද්ධ කාලේදී උදව් නොකරපු අය.

:       55       104

MatipahanaTuesday, 24 April 2018 07:38 AM

හැම අසාධාරනයකටම විරුද්ධව උද්ගෝෂණය කරන්න ඕන. අයිතිවාසිකම් බන්දේසියක තියලා දෙන්නේ නෑ කවුරුවත්. එහෙම සටන් කරලා ලබාගත්ත දේවල් තමයි ආණ්ඩු ටික ටික ආපහු නැති කරලා දාන්නේ. ඇමරිකාව මෙහෙට ගහන්න ආවොත්, ඇමරිකාවේම ඉන්න මිනිස්සුම තමයි එකට විරුද්දව පෙළපාලි යන්නේ. එයාලටම විතරයි ඒක නවත්තන්න පුළුවන්. ලෝකේ පුරාම සාමාන්‍ය අපි වගේ මිනිස්සුට ම තමයි ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ.

:       0       32

menna Monday, 23 April 2018 01:36 PM

අසමගි වුනාම ඔන්න වෙන දේ, සිරියාට විතරක් නොවේ ලංකාවටත් ඔය දේමයි. ආයෙත් නම් යුද්දයක් එපා. එක එක රටවල් වල ඇඟිලි ගැහිල්ලේ ඉවරයක් නැහැ. ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය විතරක් නොවෙයිනේ, අනිත් පැත්තෙන් රුසියාවයි, ඉරානයයි. මේක දැන් සිරියාවේ ප්‍රශ්නයක් නොවේ. හොඳ වෙලාවට ලංකාව මුහුදින් වටවෙලා තිබුනේ. නැත්නම් මේ කපෙටවත් යුද්දේ ඉවරයක් කරන්න බැරිවෙනවා.

:       82       697

ajith Monday, 23 April 2018 01:51 PM

අපේ මුස්ලිම් සහෝදරවරු කිසිවෙක් මෙයට සම්බන්දවෙලා නැහැ වගේ

:       264       307

nalaka Monday, 23 April 2018 02:48 PM

ගෙවල් වල වැඩක් නැති මිනිස්සු. සිරියාවෙනුත් එයි පදිංචිවෙන්න එච්චරයි අඩු....

:       222       134

Ajit Tuesday, 24 April 2018 01:44 AM

සිරියාවේ වෙනදේ අපිට විතරක් නෙමෙයි ලෝකෙටම අදාලයි , මොකද අද සිරියාවට වෙන දේ තව අවුරුදු කිහිපයකින් අපිට වෙන්න පුළුවන් , බටහිර රටවල් එකතුවෙලා කැත්තෙන් බැරිනම් පොරවෙන හරි තමන්ට අවශ්‍ය දේ කරන්න සැරසෙන එකක තමයි සිරියාවේ අද වෙන්නේ, මේකට UN එකෙන් වත් වෙන කිසිම රටක් වත් නැහැ විරුද්ධ වෙන්න හැකියාවක් තියන.

:       10       115

chris Tuesday, 24 April 2018 02:52 AM

අනේ කොල්ල නේ මොකද ඔබලට වෙලා තියෙන්නෙ? නිකරුනේ කාලය නාස්ති නොකර පළමුව මෙ රට ගොඩනගාගෙන ඉන්න, ඊට පස්සෙ සිරියාව ගැන බලමු.

:       15       101

sudesh Tuesday, 24 April 2018 03:23 AM

දැන් ඔන්නම කියලා නවත්වයි. මාත් දැක්කා දහයක් විතර රතු කොඩි ටිකක් උස්සන් ඉන්නවා.

:       24       37

ලුම්බිණි Tuesday, 24 April 2018 03:37 AM

ඒ කියන්නේ මේ කට්ටිය රුසියාව බෝම්බ දාන එකට කැමති කියලද?

:       11       16

Roshan Tuesday, 24 April 2018 04:24 AM

ඇමෙරිකාව දුන්න බදු සහනය ඉවත් කරාවි. කෝ ජනතා නියෝජිතයෝ.

:       2       20

mohan Tuesday, 24 April 2018 04:45 AM

අපරාදේ තව ටිකක් කලින් උද්ඝෝෂණ කරන්න තිබුනේ. එහම උනානම් ඔය ගහන එක නවත්ත ගන්න තිබුනා.

:       1       54

කුමාර් (ගල්ෆ්) Tuesday, 24 April 2018 06:11 AM

අනේ මෙහෙමත් මෝඩයෝ ටිකක්. රුසියාවයි සිරියානු හමුදායි රටේ මිනිස්සු දාස් ගණනින් මරණ එකට විරෝධය පලකරන්නයි ඇමෙරිකාව ඇතුළු රටවල් ගුවන් ප්‍රහාර එල්ලකලේ. නැතුව සාමාන්‍ය ජනයාට හනිකරන්න නොවෙයි.

:       97       37

de silva Tuesday, 24 April 2018 06:29 AM

එක දවසකට දොස්තර වර්ජන, එක දවසකට හෙදියෝ වර්ජන, මේ ලිස්ට් එක ලියන්න ගියොත් මේ තිරුවේ ඉඩ මදි වෙනවා. අපිට මේ තිබෙන ප්‍රශ්න ටික බේර ගන්න බැරුව ඉන්න කොට මේගොල්ල පටන්ගන්නවා අනුන්ගේ ප්‍රශ්න වලටත් මෙහෙ පාරවල් වහගෙන උද්ගෝෂණ කරන්න. මේගොල්ලො හිතන් ඉන්නේ කොළඹ කියන්නේ ලෝකයේම උද්ගෝෂණ වල අගනුවර කියලා. ලංකාවේ අපිට නිදහසේ කොළඹ පාරක ගමනක් යන්න බැහැ මාර්ග තදබද , අපේ කොළඹ ජීවත්වෙන රස්සාවක් කරන මිනිසුන්ගෙන් කාලයෙන් දවසට පැය 3-4 ගෙවෙන්නේ මගට. දැන් හිතෙනවා යුධ කාලේ මෙහෙම කරදර තිබුනේ නැහැනේ කොටි කාල බෝම්බ තබන බයට කව්රුවත් එකට රැස් වෙලා මෙහෙම දේවල් කලේ නැහැ ,

:       1       24

prabha Tuesday, 24 April 2018 10:34 AM

ඔය දෙමුපියන්ගෙන් කකා නාස්තිකරන කාලයේ හොද නැද්ද වත්තේ පිටියේ අල බතල ටිකක් හැදුවනම්

:       1       12

susantha Tuesday, 24 April 2018 03:19 PM

පුදුමේ කියන්නේ මේ ජවීපෙ එකට මියන්මාර්වල බංග්ලාදේශ්වල බෞද්ධයෝ මරනකොට ඒවා පෙනුනේ නැති එකනේ.

:       2       6

lal Wednesday, 25 April 2018 08:38 AM

දැන් අත තියන්න එපා කියලා ඒ මිනිස්සු සරණාගතයෝ වෙලා ආවම ආයේ පෙළපාලි ගිහින් කෑ ගහනවා වෙන වැඩක් නැත්නම් අර මඩ පිරිච්ච වැව් ටික හාරන්න.

:       1       0

theshan Wednesday, 25 April 2018 09:40 AM

මේ රටේ උදේට කන්න නැතුව පාසල් යන ළමයි ඉන්නවා. පාසලට යන්න අඩුගානේ සෙරෙප්පු කුට්ටමක් නැති අය ඉන්නවා. ගුරුවරු නැති පාසල් තියෙනවා. අඩුම ගානේ සනීපාරක්ෂක පහසුකම් නැති පාසල් තියෙනවා. ගරා වැටෙන පාසල් තියෙනවා. උදේට කෑවම දවල්ට, රෑට තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද කියලා හිතන මිනිස්සු ඉන්නවා. රස්සාවක් නැතුව ලතැවෙන කට්ටිය ඉන්නවා. මේ වගේ අග ඉඳන් මුලට ප්‍රශ්න තියෙන රටක්... ස්ය්ර්යව ගැන හිතන්න කලින් තමන්ගේ රටේ දුක් විඳින පුදගලයින් වෙනුවෙන් පාරට බහින්න.

:       1       1

රජින්ද Wednesday, 25 April 2018 01:44 PM

මේ වගේ කාලය-කන්නන්ට මේ රටේ දවස ගානේ මරා දාන වනාන්තර වෙනුවෙන් පාරට බහින්න බැරි වුනාට අනුන්ගේ ඇහේ කෙන්ද පේනවා. මොවුන් දන්නේ නැහැ මේ ගතකරන මොහොතක් පාසා ලංකාව වායු දුෂණය සහ ජලය ඇතුළු පරිසර දුෂණයේ දශක ගාණක් ඉදිරියට යමින් ඉන්නවයි කියලා. කාගේ හරි කුණු කොන්ත්‍රාත් එකක්නේ ඔය ඉතින් කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 37 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site