Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 28 වන අඟහරුවාදා
(ශාන්ත රත්නායක)
මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට පක්ෂව මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපිය පිරිසක් අද (26) කොළඹ ගංගාරාම විහාරස්ථානයේදි ආශිර්වාද බෝධි පුජාවක් පැවැත්වූහ.
ONE SRILANKAN Tuesday, 26 September 2017 03:22 PM
මෙම දෙමාපිය අභිප්‍රාය දරුවන්ගේ යහපත්ය. සයිටම් හොර කඩය වැසේවා. සියලුම සුදුසුකම් ඇති දරුවන්ට යහපත උදෙසා රජයේ විශ්ව විද්‍යාල මෙම කරන ලද පිනෙන් ලැබේවා.
Reply : 2557 2663
Ruwan Wednesday, 27 September 2017 06:14 AM
මෙම දෙමාපියන්ගේ මෙන්ම අපගේ පැතුමද සයිටම් වැනි උසස් අධ්‍යාපන ආයතන තව තවත් මේ රටේ ඉදිකිරීමට යහපාලන රජයට ශක්තිය සහ දිරිය ලැබේව යන්නයි.
Reply : 21 1325
MOHAN Wednesday, 27 September 2017 06:23 AM
මේවා ඔක්කොම ආණ්ඩුවට ගත්තම නඩත්තු කරන්නේ කාගේ බූදලෙන්ද? ඔක්කොම පිනට ලැබෙනකම් බලාගෙන ඉන්න එපා.
Reply : 29 120
amila Wednesday, 27 September 2017 12:38 PM
බෝධි පුජා කර කර ඉඳලා හරි යන්නේ නෑ. අඩුගානේ ගෙවපු සල්ලි ටික වත් ගන්න ඔය හොර උපාධි කඩේ ලොක්කට විරුද්ධව නඩු දාන්න බලන්න කට්ටියම එකතුවෙලා....
2 32
amila Wednesday, 27 September 2017 12:52 PM
මාසෙකට මිලියන ගාණක් නෙවිල් මහත්තයාගේ ඉස්පිරිතාලෙට ගෙවනවා නඩත්තුවට කියලා. එකට තියෙන්නයි, නිදහස් අධ්‍යාපනයට නැතිවෙන්නයි විදිහක් නෑ නේද මහත්මයා?
0 4
Nanda Thursday, 28 September 2017 03:48 AM
සයිටම් දරුවන්ටද සයිටම් වසා ඒ වෙනුවට රජයේ වෛද්‍ය පීඨයකට සම්බන්ධ කර රජයේ වෛද්‍ය උපාධියකට යෑමට ඇති කාළෝචිත අවකාශය මේ කරන ලද පිනෙන් අත්වේවා පතමි.
Reply : 1 2
Ajith Nissanka Tuesday, 26 September 2017 03:43 PM
අපේ අසරණ දෙවි දේවතාවන්ටත් වෙලා තියෙන්නේ මාර අකරතැබ්බයක් !! එක කට්ටියක් පොල් ගහල කන්නලව් කරනවා අනික් කට්ටිය බෝධි පුජා කරලා කන්නලව් කරනවා !!! රැවුල සහ කැද දෙකම බේර ගන්න මාර ගේමක් දෙන්න වෙනවා!!!
Reply : 6 160
ධම්ම Tuesday, 26 September 2017 04:11 PM
මේ සංසාරෙදී සක්විතිලාගේ ගැටවලට අහුවෙන්නේ එපා කියලා ප්‍රාර්ථනා කරන්න.
Reply : 1042 1093
pushpa Tuesday, 26 September 2017 04:33 PM
සයිටම් සිසුවනි, මුළු ලෝකෙන්ම ඔබලා පිලිගද්දි ඔබලාට එරෙහි වන අපේ කුහක දොස්තර සංගමය ගැන කණගාටුයි, අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රය ඉදිරියට බාර ගැනීමට ඉන්නේ ඔබලයි,අසරණ ලෙඩුන් ඔබලා එන තුරු බලා සිටිනවා
Reply : 1451 2272
kamani perera Tuesday, 26 September 2017 08:15 PM
කොයි ලෝකෙන්ද එයාලව පිළිගන්නේ...? එංගලන්තයේ වෛද්‍ය සභාව , ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සභාව පවා මේ අයව පිළිගන්නේ නැහැ...
Reply : 34 55
gayan Tuesday, 26 September 2017 08:35 PM
මුළු ලෝකෙම පිලි ගන්නවා කියල කොහොමද දන්නේ ....
Reply : 1 57
buddika Wednesday, 27 September 2017 03:14 AM
බලාගෙන ඉදිමුකෝ අපි රාජිතගේ ලෙලි මැදවච්චියේ ඩිස්පෙන්සරියෙන් බෙහෙත් දෙන්න එයිද කියල, මේ දෙමවුපියන් රැවටුවා අර නාකි මිනිහ, පගාවට යටවෙන ඇමතිවරුන්ට පාගා දීල මේ ළමයි අසරණ කරා,
Reply : 1 12
daham Wednesday, 27 September 2017 03:20 AM
ඔබ වගේ ඔලමොට්ටල කට්ටිය තමයි වැඩි දෙනෙක්ම සයිටම් එකේ ඉන්නේ. ලෙඩ්ඩු නෙමෙයි මාරයා නම් බලා ගෙන ඉන්නේ ඔය බාගෙට දොස්තරලා එනකම්.
Reply : 26 54
one srilankan Wednesday, 27 September 2017 04:26 AM
පුෂ්ප බොරු කියන්න එපා මුළු ලෝකෙම සයිටම් පිළිඅරන් නැත. මේක හොර කඩයක්... දෙමාපියන් මෙන්ම, දරුවනුත් තම අභිප්‍රාය නිසා මඩ ගොහොරුවක වැටිලා. කණගාටුයි. අපි ප්‍රාර්ථනා කළ යුත්තේ... මෙම දරුවන්ට රජයේ විශ්ව විද්‍යාල විවෘත්ත වී, සයිටම් වැසී, හොර කඩය පවත්වා ගෙන යන්න උදව් කල අයට නීතිය ක්‍රියාත්මක කිරීමයි. ආණ්ඩුව.., සයිටම් වසා මෙම දරුවන්ට රජයේ විශ්ව විද්‍යාල අනිවාර්යයෙන්ම ලබාදී මෙම ප්‍රශ්නය විසඳන්න. නිදිකිරා වැටෙන බලධාරින් නින්දෙන් අවදි වී ක්‍රියා කල යුතුය. ප්‍රමාදය රටේ අනාගතය අඳුරට පත්වීමකි. සයිටම් සිසුන් සහ දෙමාපියන් මෙයට රජයට බලකළ යුතුය.
Reply : 85 115
chamara Wednesday, 27 September 2017 05:37 AM
මුළු ලෝකයෙන්ම සයිටම් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි .එය අතීතයට බල පැවැත්වෙන ලෙස ලියාපදිංචිය අවලංගු කරලා හමාරයි. ඒ ළමයින්ට නිසි වන්දියක් ලැබිලා මේ වගේ හොර ව්‍යාපාර වසා දානවනම් හොදයි තවත් ප්‍රශ්න ඇති වෙන්න කලියෙන්.
Reply : 193 225
priyasad Wednesday, 27 September 2017 06:12 AM
ඔබලාගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට ඉතින් තිසරණේ පිහිටම තමා. ලෙඩ්ඩුන්ට ආදරේ නම් වෙදකම් කරන්න නම් යන්න එපා
Reply : 57 126
amila Wednesday, 27 September 2017 12:55 PM
මානසික රෝගීන්ද බලන් ඉන්නේ? අපි මේ පණ බයේ ඉන්නවා වැරදිලාවත් බෙහෙත් ගන්න වෙයිද කියලා...
Reply : 1 12
kamani perera Tuesday, 26 September 2017 05:53 PM
දෙමවුපියනේ.... බෝධිපුජා තියලා බුදුන්වහන්සේට නින්දා නොකර, ඔබලා ගෙවූ මුදල් ඉල්ලන්න.
Reply : 920 310
naradha Tuesday, 26 September 2017 07:17 PM
මේ දේවල් කරත් නැතත්, අවසානයේ සයිටම් නීත්‍යානුකුල වෙනවා නියතයි.
Reply : 1206 1767
පුෂ්පකුමාර Tuesday, 26 September 2017 08:03 PM
මේ වගේ කුහක අය සිටින රටක අපේ දරුවන් කිසි දිනෙක නොඉපදේවා!!! අනික අපායේ උනත් සත්‍යය කවදා හෝ ඉස්මතුවෙනවා. ඒක සිරි ලංකාවේ දොස්තරලට නවත්වන්න බැහැ.
Reply : 24 1
Sumith Dharmawardana Tuesday, 26 September 2017 11:28 PM
වැඩි ජන මතය එදත් අදත් සයිටම් වැනි අනාගතයට අත්‍යවශ්‍ය ආයතනවලට පක්ෂව බව රහසක් නොවේ. එදත් අදත් රට ආපස්සට ඇද දැමීමට උද්ගොෂණය කරන සුළුතරයට එය නොවැටහීම අනාගත පරපුරේ කරුමයකි
Reply : 1 1
රන්ජත් බෝ ගොඩ Wednesday, 27 September 2017 12:28 AM
අධයාපනයේ නිදහස සැම කෙනෙකුටම තිබිය යුතුයි. එයට එරෙහි වීම පැහැදිිවම කුහකකමයි. එය සයිටම් ද නැත්නම් වෙනත් ආයතනයක්ද කියන ගැටලුව ගැන නෙමෙයි මේ කමෙන්ට් එක. කෙසේ වෙතත් මූලික සුදුසුකම් සපුරා ඇත්නම් ඒ දරැවන්ට ඒ අයිතිය තිබිය යුතුයි. ප්‍රමිතිය නඩත්තු කල යුත්තේ රජය මගින්. කුහකයින්ගේ කථා වල තිබෙන්නේ ඇත්තට වඩා බොරුව
Reply : 1 1
kanthi Wednesday, 27 September 2017 03:22 AM
කුහකයන්ගේ ඉරිසියාව පරාජය වේවා. සයිටම් ළමයින්ගේ බලාපොරොත්තු ඉටු වේවා.
Reply : 14 1
suran Wednesday, 27 September 2017 04:08 AM
නිදහස් අධ්‍යාපනය සුරැකේවා. දැනුමෙන් හා බුද්ධියෙන් සුදුසුකම් ලත් දරුවන්ට නොමිලේ ඉගෙනුමට ඇති හැකියාව සුරැකේවා. දැනුමෙන් හා බුද්ධියෙන් සුදුසුකම් නොලත් එහෙත් ධනයෙන් සුදුසුකම්ලත් දරුවන්ට විදෙශ් රටවල අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබේවා,
Reply : 1 2
Prasanna Wednesday, 27 September 2017 04:12 AM
හොදින් බලන්න මේ දෙමාපියන් දෙස. අන්තරේ සහ GMOA පෙන්වන ලෙස මේ අය කෝටිපතියන් නොවේ. සාධාරන මුදලක් ඉතිරිකර හෝ දේපලක් විකුණා, රජයේ විශ්ව විද්‍යාලය අහිමි වූ, සුදුසුකම් ඇති තම ශ්‍රී ලාංකික දරුවට, විදේශ රටකට නොයවා ඉගැන්වීමට වෙරදරන සහ එයට ඇති එකම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සහ කරන පිරිසකි. අනිත් සැම අංශයටම පෞද්ගලික අද්‍යාපනය සුදුසු නම්, එය වෛද්‍ය අධ්‍යාපනයට නුසුදුසු වන්නේ මන්ද? අපකලයුත්තේ සයිටම් හෝ වෙන යම් ආයතනයක් ප්‍රමිතිගත කිරීම නොවේද. වසරකට 1000 පමණ දරුවන් පිටරට වෛද්‍ය අද්‍යාපනය ලබා මෙරටට පැමිණීම එ්කට ප්‍රශ්නයක් නොවේ. මෙය කුහක කම. බිලියන ගණනක විදේශ විනිමයක් ඉතිරි වෙන අතර, දරුවනට තම රටේ සිට අද්‍යාපනය කල හැක. ඊට අමතරව අපට විදේශ දරුවනට (අඩුම වශයෙන් Asian රටවල්) අද්‍යාපනය ලබාදී අදායමක් උපයාගත හැක. කුහක නොවන්න.
Reply : 1 148
Sugath Wednesday, 27 September 2017 04:45 AM
මේ අපේම ළමයි. නොමිලේ ඉගෙනගත්තු අනුන්ට ඉර්සියා කරන, අනුන්ට කඩේ යන හැබැයි පුද්ගලික රෝහල්වල මුදලට රෝගීන් බලන හැතිකරේ තමයි මේ අහිංසක ළමයිට හරහට ඉන්නේ....
Reply : 1 38
jayendra Wednesday, 27 September 2017 05:04 AM
බෝධි පූජා වලින් ඇති පලේ මොකක්ද? එහෙම නම් ඕනෑම දෙයක් බෝධි පූජා වලින් ලබා ගන්න පුළුවන්නේද? බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට පෙර සියල්ල ඇත හරියේ බෝ ගහ අභියස. එවැනි ගසකට පූජා පවත්වන්නේ මොකද? ඔය වැඩ මිථ්‍යා මත. පොල් ගැසීම, බෝධිපූජා තැබීම, බෝධිය නැවීම, යන්තර මන්තර ගැන විශ්වාස තැබීම ඔක්කොම බුද්ධාගමට එකඟ ඒවා නොවෙයි. එවැනි දේ වලින් තමන් බලාපොරොතු වෙන දේවල් ලබා ගන්න පුළුවනම් ඔය හැටි මුදල් වියදම් කරලා සයිටම් එකට දැම්මේ මොකද? අද ප්‍රඥාවෙන් හිතන්න. ඔබලා වගේ උගත් අය මෙවැනි නුගත් දේ කරන්න එපා. මේවට වග කියන්න ඕනේ... උපාසක, උපාසිකාවන් නියම ධර්මය ගැන නොදන්නා කමින් එම අහිංසක අයගෙන් අපේ බොහෝ අය උපරිම ප්‍රයෝජනය ගන්නවා. බොහෝ අවස්ථාවල ධර්මය වාණිජ්‍ය කර තිබෙන්නේ එම ස්වාමින්වහසේලා. අද මුදල් නැතිව බණට වඩින අය සුළුතරයක් පමණ ඉන්නවා. කඨින පින්කම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ මුදල් ගරන්න අවසාන වශයෙන් මම කාරුණිකව ඉල්ලන්නේ ධර්මය ගැන පමණක් ප්‍රඥාව ඇති කරගෙන ඒ අනුව ජීවත් වෙන්න ඔබ සියළු දෙනාටම බුදු සරණයි.
Reply : 57 7
ruchi Wednesday, 27 September 2017 05:27 AM
කතා දෙකක් නැහැ. සයිටම් අවශ්‍යයි. කළ යුත්තේ විධිමත් ලෙස ළමයින් ඇතුළත් කරගැනීමට නීති සම්පාදනය කිරීමයි. එක ලකුණක හෝ ලකුණු කීපයක වෙනසක් නිසා අසරණ දරුවෝ තව අවුරුද්දක් කාලය කා දැමීම හෙන ගහන අපරාදයකි. ඔහොම යන්. යහපතක්ම වේවා! යනු මගේ එකම පැතුමයි. ( සැ: යු :- මගේ කිසිම දරුවෙක් සයිටම් හී ඉගෙනගන්නේ නැත)
Reply : 107 524
චාමර Wednesday, 27 September 2017 07:33 AM
සයිටම් ඉන්නේ ගොඩක්ම දොස්තරලගෙයි , දේශපාලකයන්ගෙයි ළමයි.. ඒ මිසක උසස් පෙළ ලකුණක් දෙකක් නැති වුන ළමයි නෙමෙයි. බහුතරයට සාමාන්‍ය සාමර්තවත් නෑලු.. කාටද කියන්න පුළුවන් උසස් පෙළ ලකුණක් දෙකක් මිස් වෙන ළමයට ලක්ෂ 120 ක් තියනවා කියලා සයිටම් යන්න. ඔයාලා සයිටම් වංචාව ගැන දැනුවත් මදි...
Reply : 363 232
naradha Wednesday, 27 September 2017 11:40 AM
"බහුතරයට සාමාන්‍ය සාමර්තවත් නෑලු." තව ටිකක් කල් යනකොට කියයි "බහුතරය පහේ පන්තියවත් පාස් වෙලා නෑලු" කියා!
3 118
nalin Thursday, 28 September 2017 10:03 AM
ඔබ හරියට දන්නේ නැතුව ප්‍රකාශ කරන බව පේනවා. කවුරුවත් කියන දේ අහල දොඩවන්න එපා.ලකුණක් දෙකක් මිස් වෙච්ච අය දේපල විකුණලා ඔතනට ගිහින් තියෙනවා. පුළුවන් නම් හොයල බලන්න. ඔයා වගේ අය ඉස්සර ඉඳන් ලංකාවේ ඉඳල තියෙනවා. ( කපුටෝ හත් දෙනා ගේ කතාව අහල තියෙනවද) සල්ලි ආපහු දීම විසඳුම නෙවෙයි. ළමයින්ට විභාගයක් තියල දැනුමේ තත්වය පරික්ෂා කරන්න. medical college ගිහිල්ලත් බෙහෙත් දීල ලෙඩ්ඩු නැතිවෙලා නැත්ද?
1 2
saman Wednesday, 27 September 2017 06:05 AM
ඔය හොර නඩේට බෝධිපූජා තියලා සෙත් පතන අයත් ඉන්නවා ...
Reply : 4 15
kumar (galf) Wednesday, 27 September 2017 06:19 AM
හොර දේශපාලඥයන්ගේ දුෂන වලට ගස් ගල් වඳින, මිනිස්සුන්ට කන්න තියෙන පොල් ටික විනාශ කරන කකුල් දෙකේ හරක් ඉන්නා රටක් මේක.
Reply : 0 47
ANURA Wednesday, 27 September 2017 06:28 AM
ඔබ හිතන්නේ මුදල් ආපසු ගත්තම ඔක්කොම හරි කියලද? මේ සිසුන් අවුරුදු 7 ක් තිස්සේ ඉගෙන ගත්ත දැනුම , ඔවුන්ගේ තරුණ ජීවිතයට මොකද වෙන්නේ? මේ සිසුන්ට ගල් ගහන්න කලින් පොදු පරීක්ෂණයකට වාඩි කරවා ඔවුන්ගේ ප්‍රමිතිය පරීක්ෂා කරන්න. නුසුදුසු නම් මෙය වසා දමන්න.
Reply : 3 121
amila Wednesday, 27 September 2017 12:47 PM
ඔතන තියෙන්නේ මුදල්මය ප්‍රශ්නයක් නේ.. පොදු විභාගය තමා AL. ඒක හරියට පාස් නොවී සල්ලි බලේට දොස්තරලා වෙන්න ගිහින් බැරි වුණාම සල්ලි ආපහු ගන්න එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ නේද?
Reply : 115 125
wedage Wednesday, 27 September 2017 06:48 AM
තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං දේශයක අධ්‍යාපනය අවුල් කල සයිටම් මකරා බංග වේවා!
Reply : 102 146
asoka Wednesday, 27 September 2017 09:37 AM
සයිටම් එකේ සිසුන්ට මහාචාර්යවරු 26 ක් , ආචාර්යවරු (දෙස් , විදෙස් ) මේ දරුවන්ට උගන්වනවා. දැනට රෝහල්වල කොච්චරනම් වැරදි වෙනවද? ඒ සයිටම් එකේ සිසුන්ගෙන්ද? කව්රුත් මතක තියාගන්න ස්ටේටස්වල අහිංසක මිනිසුන්ට එන්න වෛද්‍යවරුන්ට තියෙන සුදුසුකම් මොනවද? ඔවුන් බාහිර ඖෂධවේදී පාඨමාලාව කරපු අය... සහකාර වෛද්‍යවරු අවුරුදු 2 1/2, ඉගෙනගත්තේ කළුතර එන්.අයි.එච්.එස්. එකේ... ඔවුන් කී දෙනෙක්ට අසාධාරණකම් වෙලා තියෙනවද ? බොරුවට සයිටම් එකට ගරහන්න එපා. ජාත්‍යන්තර පාසල්වල ළමුන්ව මුහුදට තල්ලු කරන්නද ? හැමදාම හැමදෙනාවම රවට්ටන්න බැහැ.
Reply : 84 60
amila Wednesday, 27 September 2017 01:08 PM
අපි මේ පණ බයේ ඉන්නේ වැරදිලා වත් බෙහෙත් ගන්න වෙයිද කියලා...
Reply : 0 24
Rane Wednesday, 27 September 2017 02:25 PM
පැන් වඩල මතක වස්ත්‍ර පූජාවක් කලා නම් වටිනවා !
Reply : 0 3
ජගා Wednesday, 27 September 2017 06:55 PM
ප්‍රසන්න ඇත්තම තමා, මෙතන එක ඡායාරූපෙකවත් බෙන්ස්,ප්‍රාඩෝ,මොන්ටෙරෝ මොනාත්ම පේන්න නෑනෙ. අනික සුදු පාට තමයි ඔක්කොම ඇදන් ඉන්නෙ. රත්තරං මාල,වළලු,කරාබු,බ්‍රේස්ලට්,හයි ෆයි ඇදුම් මොකුත්ම නෑ. පන්සලකට ආවත් ඒව නොදා එන්නෙ කව්ද හැබෑට? ඉවරවෙලා යන්න වෙන්නෙත් අර ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නැති සෙනග පිරුන බස් වල දොරේ හරි එල්ලිලනේ! මටත් දැන් නම් දුකයි. ප්‍රසන්න කීවට පස්සෙ මටත් මේක තේරුනේ. ඔබතුමාට විශේෂ හැකියාවක් තියනවා ඒ අතින් සන්තෝසයි
Reply : 1 21
Prasanna Thursday, 28 September 2017 10:17 AM
ඔබට පෙනෙන්නේ බෙන්ස්, ප්‍රාඩෝ වල යන අය වගේද? අප ජීවත් වන්නේ මේ රටේ. අපි මිනිසුන් හඳුනනවා. පොඩ්ඩක් හොයලා බලන්න සයිටම් දෙමාපියන් ගැන. බහුතරය සාමාන්‍ය මිනිසුන්. මට පෞද්ගලිකව ආරක්ෂා කල යුතු නිසා තොරතුරු පැවසිය නොහැක. අද ලංකාවේ පිටරට ළමුන් යවන දෙමාපියන් ගැනත් සොයා බලන්න. ඔබට වැටහේවි මම කියන දෙය සත්‍ය බව. මිනිසුන් අතර ජීවත් වෙන්න. නොමිලේ ඉගෙන ගෙන මුදලට වෙදකම් කරන පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ළඟට ගියොත් මුදල් මිටි ද බලාගත හැක. මෙතන ප්‍රශ්නය සයිටම් නොවේ. බමුණුකුලය රැකගැනීම.
Reply : 2 3
ජගා Friday, 29 September 2017 04:19 AM
පිටරට යවන ළමයින්ගෙ වගේම සයිටම් දෙමාපියන් ගැනත් දන්නෝ දනිති කියල තමයි කියන්න තියෙන්නේ.චැනල් සෙන්ටර් වල සල්ලි මිටිත් දැකල තියෙනවා,සමහරුන්ගෙ ඒවට මොකද කරල තියෙන්නෙත් දන්නවා.ඒව දන්නැත්තන් ළමයගෙන් හරි අහගන්න.ඔන්න ඔහොමලු බමුණුකුලේ රැකගන්නෙ.මමත් මීට වඩා මිනිසුන් අතර ජීවත් වෙන්න උත්සාහ කරන්නම්,ඔබතුමත් ඒකම කරන්න,එතකොටවත් තේරේවි අතේ පත්තු වෙන බොරු කියල ජාතියක් තියෙනව කියලා.
Reply : 2 0