(ශාන්ත රත්නායක)
මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට පක්ෂව මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපිය පිරිසක් අද (26) කොළඹ ගංගාරාම විහාරස්ථානයේදි ආශිර්වාද බෝධි පුජාවක් පැවැත්වූහ.




(ශාන්ත රත්නායක)
මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට පක්ෂව මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපිය පිරිසක් අද (26) කොළඹ ගංගාරාම විහාරස්ථානයේදි ආශිර්වාද බෝධි පුජාවක් පැවැත්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දෙමාපිය අභිප්‍රාය දරුවන්ගේ යහපත්ය. සයිටම් හොර කඩය වැසේවා. සියලුම සුදුසුකම් ඇති දරුවන්ට යහපත උදෙසා රජයේ විශ්ව විද්‍යාල මෙම කරන ලද පිනෙන් ලැබේවා.
අපේ අසරණ දෙවි දේවතාවන්ටත් වෙලා තියෙන්නේ මාර අකරතැබ්බයක් !! එක කට්ටියක් පොල් ගහල කන්නලව් කරනවා අනික් කට්ටිය බෝධි පුජා කරලා කන්නලව් කරනවා !!! රැවුල සහ කැද දෙකම බේර ගන්න මාර ගේමක් දෙන්න වෙනවා!!!
මේ සංසාරෙදී සක්විතිලාගේ ගැටවලට අහුවෙන්නේ එපා කියලා ප්‍රාර්ථනා කරන්න.
සයිටම් සිසුවනි, මුළු ලෝකෙන්ම ඔබලා පිලිගද්දි ඔබලාට එරෙහි වන අපේ කුහක දොස්තර සංගමය ගැන කණගාටුයි, අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රය ඉදිරියට බාර ගැනීමට ඉන්නේ ඔබලයි,අසරණ ලෙඩුන් ඔබලා එන තුරු බලා සිටිනවා
දෙමවුපියනේ.... බෝධිපුජා තියලා බුදුන්වහන්සේට නින්දා නොකර, ඔබලා ගෙවූ මුදල් ඉල්ලන්න.
මේ දේවල් කරත් නැතත්, අවසානයේ සයිටම් නීත්‍යානුකුල වෙනවා නියතයි.
මේ වගේ කුහක අය සිටින රටක අපේ දරුවන් කිසි දිනෙක නොඉපදේවා!!! අනික අපායේ උනත් සත්‍යය කවදා හෝ ඉස්මතුවෙනවා. ඒක සිරි ලංකාවේ දොස්තරලට නවත්වන්න බැහැ.
වැඩි ජන මතය එදත් අදත් සයිටම් වැනි අනාගතයට අත්‍යවශ්‍ය ආයතනවලට පක්ෂව බව රහසක් නොවේ. එදත් අදත් රට ආපස්සට ඇද දැමීමට උද්ගොෂණය කරන සුළුතරයට එය නොවැටහීම අනාගත පරපුරේ කරුමයකි
අධයාපනයේ නිදහස සැම කෙනෙකුටම තිබිය යුතුයි. එයට එරෙහි වීම පැහැදිිවම කුහකකමයි. එය සයිටම් ද නැත්නම් වෙනත් ආයතනයක්ද කියන ගැටලුව ගැන නෙමෙයි මේ කමෙන්ට් එක. කෙසේ වෙතත් මූලික සුදුසුකම් සපුරා ඇත්නම් ඒ දරැවන්ට ඒ අයිතිය තිබිය යුතුයි. ප්‍රමිතිය නඩත්තු කල යුත්තේ රජය මගින්. කුහකයින්ගේ කථා වල තිබෙන්නේ ඇත්තට වඩා බොරුව
කුහකයන්ගේ ඉරිසියාව පරාජය වේවා. සයිටම් ළමයින්ගේ බලාපොරොත්තු ඉටු වේවා.
නිදහස් අධ්‍යාපනය සුරැකේවා. දැනුමෙන් හා බුද්ධියෙන් සුදුසුකම් ලත් දරුවන්ට නොමිලේ ඉගෙනුමට ඇති හැකියාව සුරැකේවා. දැනුමෙන් හා බුද්ධියෙන් සුදුසුකම් නොලත් එහෙත් ධනයෙන් සුදුසුකම්ලත් දරුවන්ට විදෙශ් රටවල අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබේවා,
හොදින් බලන්න මේ දෙමාපියන් දෙස. අන්තරේ සහ GMOA පෙන්වන ලෙස මේ අය කෝටිපතියන් නොවේ. සාධාරන මුදලක් ඉතිරිකර හෝ දේපලක් විකුණා, රජයේ විශ්ව විද්‍යාලය අහිමි වූ, සුදුසුකම් ඇති තම ශ්‍රී ලාංකික දරුවට, විදේශ රටකට නොයවා ඉගැන්වීමට වෙරදරන සහ එයට ඇති එකම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සහ කරන පිරිසකි. අනිත් සැම අංශයටම පෞද්ගලික අද්‍යාපනය සුදුසු නම්, එය වෛද්‍ය අධ්‍යාපනයට නුසුදුසු වන්නේ මන්ද? අපකලයුත්තේ සයිටම් හෝ වෙන යම් ආයතනයක් ප්‍රමිතිගත කිරීම නොවේද. වසරකට 1000 පමණ දරුවන් පිටරට වෛද්‍ය අද්‍යාපනය ලබා මෙරටට පැමිණීම එ්කට ප්‍රශ්නයක් නොවේ. මෙය කුහක කම. බිලියන ගණනක විදේශ විනිමයක් ඉතිරි වෙන අතර, දරුවනට තම රටේ සිට අද්‍යාපනය කල හැක. ඊට අමතරව අපට විදේශ දරුවනට (අඩුම වශයෙන් Asian රටවල්) අද්‍යාපනය ලබාදී අදායමක් උපයාගත හැක. කුහක නොවන්න.
මේ අපේම ළමයි. නොමිලේ ඉගෙනගත්තු අනුන්ට ඉර්සියා කරන, අනුන්ට කඩේ යන හැබැයි පුද්ගලික රෝහල්වල මුදලට රෝගීන් බලන හැතිකරේ තමයි මේ අහිංසක ළමයිට හරහට ඉන්නේ....
බෝධි පූජා වලින් ඇති පලේ මොකක්ද? එහෙම නම් ඕනෑම දෙයක් බෝධි පූජා වලින් ලබා ගන්න පුළුවන්නේද? බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට පෙර සියල්ල ඇත හරියේ බෝ ගහ අභියස. එවැනි ගසකට පූජා පවත්වන්නේ මොකද? ඔය වැඩ මිථ්‍යා මත. පොල් ගැසීම, බෝධිපූජා තැබීම, බෝධිය නැවීම, යන්තර මන්තර ගැන විශ්වාස තැබීම ඔක්කොම බුද්ධාගමට එකඟ ඒවා නොවෙයි. එවැනි දේ වලින් තමන් බලාපොරොතු වෙන දේවල් ලබා ගන්න පුළුවනම් ඔය හැටි මුදල් වියදම් කරලා සයිටම් එකට දැම්මේ මොකද? අද ප්‍රඥාවෙන් හිතන්න. ඔබලා වගේ උගත් අය මෙවැනි නුගත් දේ කරන්න එපා. මේවට වග කියන්න ඕනේ... උපාසක, උපාසිකාවන් නියම ධර්මය ගැන නොදන්නා කමින් එම අහිංසක අයගෙන් අපේ බොහෝ අය උපරිම ප්‍රයෝජනය ගන්නවා. බොහෝ අවස්ථාවල ධර්මය වාණිජ්‍ය කර තිබෙන්නේ එම ස්වාමින්වහසේලා. අද මුදල් නැතිව බණට වඩින අය සුළුතරයක් පමණ ඉන්නවා. කඨින පින්කම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ මුදල් ගරන්න අවසාන වශයෙන් මම කාරුණිකව ඉල්ලන්නේ ධර්මය ගැන පමණක් ප්‍රඥාව ඇති කරගෙන ඒ අනුව ජීවත් වෙන්න ඔබ සියළු දෙනාටම බුදු සරණයි.
කතා දෙකක් නැහැ. සයිටම් අවශ්‍යයි. කළ යුත්තේ විධිමත් ලෙස ළමයින් ඇතුළත් කරගැනීමට නීති සම්පාදනය කිරීමයි. එක ලකුණක හෝ ලකුණු කීපයක වෙනසක් නිසා අසරණ දරුවෝ තව අවුරුද්දක් කාලය කා දැමීම හෙන ගහන අපරාදයකි. ඔහොම යන්. යහපතක්ම වේවා! යනු මගේ එකම පැතුමයි. ( සැ: යු :- මගේ කිසිම දරුවෙක් සයිටම් හී ඉගෙනගන්නේ නැත)
ඔය හොර නඩේට බෝධිපූජා තියලා සෙත් පතන අයත් ඉන්නවා ...
හොර දේශපාලඥයන්ගේ දුෂන වලට ගස් ගල් වඳින, මිනිස්සුන්ට කන්න තියෙන පොල් ටික විනාශ කරන කකුල් දෙකේ හරක් ඉන්නා රටක් මේක.
ඔබ හිතන්නේ මුදල් ආපසු ගත්තම ඔක්කොම හරි කියලද? මේ සිසුන් අවුරුදු 7 ක් තිස්සේ ඉගෙන ගත්ත දැනුම , ඔවුන්ගේ තරුණ ජීවිතයට මොකද වෙන්නේ? මේ සිසුන්ට ගල් ගහන්න කලින් පොදු පරීක්ෂණයකට වාඩි කරවා ඔවුන්ගේ ප්‍රමිතිය පරීක්ෂා කරන්න. නුසුදුසු නම් මෙය වසා දමන්න.
තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං දේශයක අධ්‍යාපනය අවුල් කල සයිටම් මකරා බංග වේවා!
සයිටම් එකේ සිසුන්ට මහාචාර්යවරු 26 ක් , ආචාර්යවරු (දෙස් , විදෙස් ) මේ දරුවන්ට උගන්වනවා. දැනට රෝහල්වල කොච්චරනම් වැරදි වෙනවද? ඒ සයිටම් එකේ සිසුන්ගෙන්ද? කව්රුත් මතක තියාගන්න ස්ටේටස්වල අහිංසක මිනිසුන්ට එන්න වෛද්‍යවරුන්ට තියෙන සුදුසුකම් මොනවද? ඔවුන් බාහිර ඖෂධවේදී පාඨමාලාව කරපු අය... සහකාර වෛද්‍යවරු අවුරුදු 2 1/2, ඉගෙනගත්තේ කළුතර එන්.අයි.එච්.එස්. එකේ... ඔවුන් කී දෙනෙක්ට අසාධාරණකම් වෙලා තියෙනවද ? බොරුවට සයිටම් එකට ගරහන්න එපා. ජාත්‍යන්තර පාසල්වල ළමුන්ව මුහුදට තල්ලු කරන්නද ? හැමදාම හැමදෙනාවම රවට්ටන්න බැහැ.
අපි මේ පණ බයේ ඉන්නේ වැරදිලා වත් බෙහෙත් ගන්න වෙයිද කියලා...
පැන් වඩල මතක වස්ත්‍ර පූජාවක් කලා නම් වටිනවා !
ප්‍රසන්න ඇත්තම තමා, මෙතන එක ඡායාරූපෙකවත් බෙන්ස්,ප්‍රාඩෝ,මොන්ටෙරෝ මොනාත්ම පේන්න නෑනෙ. අනික සුදු පාට තමයි ඔක්කොම ඇදන් ඉන්නෙ. රත්තරං මාල,වළලු,කරාබු,බ්‍රේස්ලට්,හයි ෆයි ඇදුම් මොකුත්ම නෑ. පන්සලකට ආවත් ඒව නොදා එන්නෙ කව්ද හැබෑට? ඉවරවෙලා යන්න වෙන්නෙත් අර ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නැති සෙනග පිරුන බස් වල දොරේ හරි එල්ලිලනේ! මටත් දැන් නම් දුකයි. ප්‍රසන්න කීවට පස්සෙ මටත් මේක තේරුනේ. ඔබතුමාට විශේෂ හැකියාවක් තියනවා ඒ අතින් සන්තෝසයි
පිටරට යවන ළමයින්ගෙ වගේම සයිටම් දෙමාපියන් ගැනත් දන්නෝ දනිති කියල තමයි කියන්න තියෙන්නේ.චැනල් සෙන්ටර් වල සල්ලි මිටිත් දැකල තියෙනවා,සමහරුන්ගෙ ඒවට මොකද කරල තියෙන්නෙත් දන්නවා.ඒව දන්නැත්තන් ළමයගෙන් හරි අහගන්න.ඔන්න ඔහොමලු බමුණුකුලේ රැකගන්නෙ.මමත් මීට වඩා මිනිසුන් අතර ජීවත් වෙන්න උත්සාහ කරන්නම්,ඔබතුමත් ඒකම කරන්න,එතකොටවත් තේරේවි අතේ පත්තු වෙන බොරු කියල ජාතියක් තියෙනව කියලා.