(ඡායාරුපය - ශාන්ත රත්නායක)
විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා ඇමරිකා තානාපති කාර්යාලයට සන්දේශයක් බාරදුන්නේය.
එහිදී වෛද්‍ය සිසුහු හා දෙමාපියෝ ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උඝෝෂණයක් ද පැවැත්වූහ.





COMMENTS
ඔය කට්ටිය ඔකොම එකතුවෙලා දැන් යන්න අන්ගොඩට!
ඇත්තටම කඩවෙලා තියෙන්නෙ කාගෙ මානව හිමිකම්ද? රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ට ඉගනගන්න එපා කියල තහනමක් දැම්මද ආන්ඩුවෙන්? එක්සත් ජාතීන්ගේ සන්විදානයයි, ඇමරිකාවයි පලමුවෙන්ම සලකාබලන්නෙ සයිටම් එකේ සිසුන්ගෙ කඩවෙලා තියන මානවහිමිකම් ගැන.කාලෝ ෆොන්සේකා මහත්තයව ආයෙ ඉල්ලන්න ගිහින් නාගත්ත.මේකත් ඇදගෙන නෑමක් වේවි අනිවාර්යයෙන්. වෛද්‍ය සංගමේ එක දිගටම වැඩ අනාගන්න යන්නෙ.
ලංකාවේ ජනතාවට විහිලු සපයලා ඇති වෙලා දැන් පිටරටවලටත් විහිලු අපනයනය කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙන මේ කට්ටිය ගැන කනගාටුයි . .තව ටික කලකින් "ජි එම් ඕ ඒ එක සයිටම් එකට විරුද්ධ උනා වගේ "කියලා අලුත් ප්‍රස්තා පිරුලකුත් හැදේවි .
රෝගීනුත් මානව හිමිකම් යන දවසත් වැඩි දුර නෑ.
දැන් එහෙනම් ඔයගොල්ලන්ගේ ප්‍රාර්ථනා ඉටුවෙයි .
ඔයාල ගැන ලැජ්ජයි! එල්. ටී. ටී. හිතවාදින් වගේ අපේ ලක් මාතාවගේ ප්‍රතිරුපය ලෝකයා ඉදරියේ බාල්දු කරනවා. අපේ ප්‍රශ්න අපි විසදගමු !!!
මානව දයාවක් නැති දොස්තර මහතුන්ටත් මොන මානව හිමිකම්ද ?වැඩේ වැරදුනාට පස්සේ නිකන් තෙල් පුච්චා ගන්නවා .ඇමෙරිකාව යුරෝපය මානව හිමිකම් රකින්නේ ජනමාද්‍ය වලින් පමණක් බව මේ මහත්තුරු දන්නේ නැතිද ?
ජනතාවගේ මුදලින් ඉගනගෙන රෝගී ජනතාව ප්‍රාණ ඇපයට තබාගන්නා වෛද්‍යවරුන්ට එරෙහිව රෝගීන් මානව අයිතිවාසිකම් කොමිසම ඉදිරියට යායුතුයි. රාජ්‍ය දේපල විනාශකළ සිසු මැරයන්ට උපරිම දඬුවම් දිය යුතුයි .
විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙළක් කොහිද දැන් තියෙන්නේ? කවද්ද පොලිසිය හෝ වෙනත් හමුදාවක් විශ්වවිද්‍යාලක් ඇතුළට ගිහින් ළමයින්ව පන්නල දාල අධ්‍යාපනය නතර කලේ? ඇත්තටම වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දේශපාලන අතකොලු වෙලා,..මහපාර අවහිරකරමින් රජයේ දේපල විනාශ කරමින් ජනජීවිතය අවුල් කරමින් හැසිරෙන විට රජය සහ පොලිසිය විසින් එය පාලනය කිරීමයි.
GMOA එකේ වැටීම අත ලඟයි. මේ දේශපාලුවෝ ටික පස්සේ යන වෛද්‍ය ශිෂ්‍යයෝ මෝඩකම් අතහැරලා දැන්වත් ඉගෙනීමේ යෙදුනොත් තමන්ටත් රටටත් හොඳයි.
මානව හිමිකම් කැඩුනා කියල බටහිර රටවල දේශපාලන රැකවරණ ඉල්ලන්න පොටක් පාදගන්න හදනව වගෙයි.
අනේ,.. මේ රටේ පිටකොන්දක් තියෙන අය නැහැනේ... අපේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන එක එක අයට කඩේ යන මේ මාෆියාව අයින් කරන්න...
ඩොනල්ඩ් ට්‍රම්ප් බයවේවි මේ අයට...
හරියට කකුළුවෝ වාගේ ඇදේටනේ යන්නේ... අපේ මිනිස්සුන්ගේ මූලික මානුෂික අයිතිවාසිකම් කඩකරලා ඒ අයගේ අදහස මුදුන්පත් කරගන්න මානව හිමිකමට යනවාලු...
මානව දයාව පිරි වෛද්‍යවරුනි, කව්රු මොනව කිව්වත් ගනන් ගන්න එපා. හැමෝගෙම බුද්ධි මට්ටම් සමාන නැහැනේ. ඕනෑම රජයේ රෝහලක ප්‍රතිකාර ලබන කිසිම ලෙඩෙක් ඔබතුමන්ලාට හොඳ කියනව මිසක් බනින්නෙ නම් නැහැ. හොඳ වෙලා ගෙදර යන්නෙත් වැඳල. ඒ වගේ දේවල් සල්ලි වලට කඩේ යන හෝ ආන්ඩුවට කඩේ යන කට්ටියට නම් පෙන්නෙ නැහැ. ඒත් බහුතරයක් වෙච්ච අහින්සක මිනිස්සුන්ට නම් ඔබතුමන්ලාව පෙන්නෙ දෙවිවරු විදියට තමා. කොහොම උනත් ගොඩක් කට්ටියට සල්ලි දුන්න පලියට මොලේ දෙන්න බැහැනේ.
අතීතයේදී අපේ සිංහල වේද මහත්වරු අසරණ රෝගීන්ව ඇපයට ගත්තේ නෑ. අද ඔබලා ගැන අපිට කණගාටුයි. හැමෝටම දොස්තරලා වෙන්න පින නෑ. ඔබලාට මතු ආත්ම වලදී එම පින නැවත ලැබෙන්නේ නෑ. ඔබලා නියම දොස්තරලා නොවේ. ඔබලා කපටි ව්‍යාපාරිකයෝ