( රොමේෂ් මධුෂංඛ)
පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.
මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ දේව මෙහෙය වෙනුවෙන් සිදු කෙරෙන පළමු දේව මෙහෙය ඊයේ (01) දිනයේදී ආරම්භ වූ අතර අවසන් දේව මෙහෙය එලඹෙන 08 වනදා පැවත්වෙයි.
ඒ අනුව 01 වනදා සිට 08 වනදා දක්වා පැවත්වෙන දේව මෙහයන් වෙනුවෙන් පළමු දෙව මෙහය වන මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය ඊයේ (01) දින සවස් කාලයේදී සිදුවූ අතර මුලතිව් සිලාවත්ත මුහුදු තීරයේදී මෙම දේව මෙහෙය සිදු විණි,
සිලාවත්ත මුහුදු තීරයේ විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිත කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව ඉදිරිපිට පිහිටි පහන් දැල්වීම සිදු කරන අතර මෙ පහන දින හතක් පුරාවට මුහුදු ජලයෙන් දැල්වීම විශේෂ වෙයි.
කොරෝනා අවදානම හේතුවෙන් මෙවර වට්ට්‍රාපලෙයි කෝවිලේ දේව මෙහෙයන් වෙනුවෙන් පසුගය වසර වලදී මෙන් විශාල බැතිමතුන් පිරිසක් සහභාගි කරනොගන්නා ලෙසට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් විසින්කෝවිල් භාරකාර මණ්ඩලයට දැනුම් දී ඇති අතරම දේව මෙහෙයන් පැවත්වෙන අතරද මුලතිව් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයන් පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව එලඹෙන 08 වනදා දක්වා මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දේව මෙහෙයන් ඉතා ආරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිදු කිරීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් සූදානම් වෙයි.




COMMENTS
පන්සල්, පල්ලි බැහැ හැබැයි...
"පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින්" කියන්නේ මාස්ක් එක බෙල්ලට දාගන්න එකට නම්, මීටරයේ පරතරය නොව සෙන්ටිමීටරයේ පරතරයත් සැහෙ නම් ඔබ පවසන දෙය අපට පිළිගැනීමට සිදුවේ.
දෙවියන් මිනිසුන්ව මැවුවද??? නැතිනම් මිනිසුන් විසින් දෙවිවරුන්ව මැවුවද??? දෙවියෝ පස්සෙ දවසම ගියත් නැතත් වෙන්න ඕනේ දේ ජිවිතයේ සිදු වෙනවා නේද? මොහොතක් සිතන්න........දෙවිවරු පසුපස නොගොස් තමන්ගේ වටිනා කාලය තමන්ගේ අදරනියන් වෙනුවෙන් සහ සමාජ සත්කාරයන් සදහා යොදවන්න. බලන්න කොරෝනා ආවට පසු මේ ලෝකෙට අදිපති වූ සර්වබලදාරි දෙවියනුත් ආගිය අතක් නොමැත. දැන් ඔහුව බේරාගැනීමට මිනිසුන් වචන මාලාවක් සාදාගෙන ඇත. බලන්න හදවතට එකගව, කොරෝනා පාලනයට එක් එක් ආණ්ඩු, ඩොක්ටස්ලා, ආරක්ෂක නිලදාරීන් කොතරම් කැපකිරීම් කරලා මෙය පාලනය කළත් අපේ මිනිස්සු ලකුණු ටික දෙන්නෙ කාටද???? ජීවිතේට ඇහැකට දැකල නැති දේවියට නේද. මේ ලෝකයේ බිහිවූ සමහර ආගම් මිනිසුන් මත හොදින් හෝ නරකින් පටවන ලදී. එය දැන් පරම්පරාවෙන්, පරම්පරාවට අඩු වැඩි වශයෙන් මිනිසුන් ඉදිරියට ඇදගෙන යනවා. ආගමක් ඇදහිය යුත්තෙ තර්කානු වටපිටාවක් තුල මිස පරම්පරාවෙන් ලැබෙන නිසා නොවේ. එවිටයි තමන්ගේ ආගමේ නිරුවත පේන්න ගන්නේ.
මට හරි දුකක් ඇතිවෙනවා මේ මිනිස්සු ගැන...
ඉතා හොඳ වැඩක්...