IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මධ්‍යම කඳුකරයේ ජලාශ රැසක් වාන් දමයි

 

 

රංජිත් රාජපක්ෂ

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු  අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබු බවත් තවත් ජලාශ කිහිපයක් වාන් දැමීමට පටන්ගෙනත් තිබිණි.

වසර පහකට පසු මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් ද, කාසල්රි ජලාශය ගේට්ටු 12 මතින් ජලය වාන් දැමීමද සිදු විය.

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් , කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබු අතර , විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතී.

පැවති වර්ෂාවත් සමඟ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ මෙන්ම ඩෙවොන් දිය ඇල්ලේද පහළට කඩා හැලෙන ජල  ධාරිතාව ඉහළයාම නිසා එහි සුන්දරත්වය ඉහළ අගයක් ගනී.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම  පිටාර මට්ටම ඉක්මවා යාම නිසා  කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , සහ විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරු  පවසති.

 



අදහස් (4)

මධ්‍යම කඳුකරයේ ජලාශ රැසක් වාන් දමයි

ඇත්ත සත්‍යපාල Sunday, 19 August 2018 07:11 AM

වික්ටෝරියා රන්ටඹේ රන්දෙනිගල වැනි ජලාශ හැදීමට දැනුම දුන් හසල දැනුමැති භූ විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙක් තම ජිවිත කාලය පුරා කණගාටුවකින් හා බියකින් හිටියලු කවදා හෝ මේ මහා ජලාශයක බැම්ම පුපුරා නුවර ඇතුළු නගර රැසක් විනාශව ජිවිත රැසක් විනාශ වෙයි කියල. හේතුව ඒ එකක් ඉදිකර ඇති දුර්වල පොලොව නිසා. ඔහු කොතෙක් විරුද්ධ උවද එය දේශපාලන අධිකාරිය ප්‍රතික්ෂේප කලාලු.මහනුවර පදිංචිව සිටි එතුමා දළදා මාලිගාවට බෝම්බය ගැසූ මොහොතේ ඒ හඩ ඇසී එය ජලාශයක් පුපුරා ගිය බවට තිගැස්සී හෘර්ධයාබාධයක් හැදී එදිනම මිය ගියා. කුණු කන්ද කඩා වැටි ජනතාව මිය යන තෙක් නොදුටු රටක ජලාශයක් පුපුරා සුනාමි වියසනයට නොදෙවෙනි එකක් උවද කිසිවෙකුටත් ඒ ගැන වගක් නැති බව දනිමි. උනා හෝ නොවුනා එවැන්නක් සිදු උනොත් යටවිය හැකි ප්‍රදේශ හදුනා ගැනීම, අනතුරු හැගවීමේ ක්‍රමවේද සහ හානි අවම කර ගැනීම ගැන දැනුවත්කර තැබීම සිදුවීමකින් පසු කොමිසමක් පත් කිරීමට වඩා උචිතය.

:       1       16

Kumar (Gulf) Sunday, 19 August 2018 07:26 AM

කොච්චර වාන් දැම්මත් වැඩක් නෑ, තව මාස දෙකනින් කියය් ජලාශ වල වතුර මට්ටම පහත කියාලා, ඊළඟට කියය් විදුලිය කපන්න ඕනා කියාලා, ඊළඟට කියයි දැන් විදුලිය පුද්ගලික අංශයෙන් මිලට ගන්න ඕනා කියාලා, මේක මහා මාෆියාවක්. ජලාශවල ජලය හිතාමතාම අපතේ අරිනවා වෙන්න පුළුවන්.

:       27       135

tommySunday, 19 August 2018 10:15 AM

මා දන්නා තරමට මේ ජලාශවල වාන් දොරටු ක්‍රියා කරන්නේ ස්වයංක්‍රීයවයි. එමනිසා මේ වාන් දොරටු වසන්නේ හෝ විවෘත කරන්නේ කිසිවෙකුගේ අවශ්‍යතාව පරිදි නොවේ.

:       22       10

KumarMonday, 20 August 2018 01:14 AM

වික්ටෝරියා වාන් දොරටු ඉබේම ඇරෙන වග ඇත්ත නමුත් එය වැසීම කරන්න කෙන්කුවිසින් කරන්න ඕන.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site