හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
ව්‍යාවස්ථා විරෝධිව මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයැවීමෙන් හලාවත මුන්නේශ්වරම පුද බිමේදි අද ( 10 දා ) දහවල් දේව කන්නලවක් පැවැතිවිණි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් රංජිත් මද්දුමබණ්ඩාර හා දයා ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිය පාක්ෂකයින් පිරිසක් ද සමග එම දේව කන්නලව්වට එක් වුහ. ප්‍රථමයෙන් ඔවුහු මුන්නේශ්වරම පුද බිමේ පිහිටි ගණදෙවි කෝවිලටත් අනතුරුව ඊශ්වර මහා දේවාලය හා ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලටත් ගොස් පුද පූජාවක් පවත්වා ව්‍යවස්ථාව ආරක්ෂා කරණ ලෙසින් ඉල්ලා පොල් ගැසුහ.
මේ පිරිස අතර සමහරු ව්‍යවස්ථාව රැක දෙන ලෙසට ඉල්ලා පුවරු ඔසවා ගෙන සිටිනු ද දැක ගත හැකි විය.
මෙම දේව කන්නලව්වට හිටපු මැතිඇමතිවරුන් වන නලින් බණ්ඩාර දිලිප වෙද ආරච්චි පාලිත රංගේ බන්ඩාර පාලිත තෙවරප්පෙරුම හෙක්ටර් අප්පුහාමි සහ ශාන්ත සිසිර කුමාර අබේසේකර යන මහත්වරු එක්ව සිටියහ .
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් දේව කන්නලව්වක්
d.upul Saturday, 10 November 2018 10:47 AM
දෙපැත්තෙම අය පොල් ගහනවා. දෙවියොත් නන්නත්තාරයි.
jayak Saturday, 10 November 2018 11:28 AM
අනේ මෙහෙමත් හරකුත් පාර්ලිමේන්තු යවන්නේ අපේ මෝඩ මිනිස්සු... තමයි.
Chaminda Saturday, 10 November 2018 12:12 PM
දෙවියන්ටත් ඡන්ද කාඩ් එකක් දුන්න නම් හරි.
laksitha parisiya Saturday, 10 November 2018 12:48 PM
ජයක් හරි ...
isurandi Sunday, 11 November 2018 04:24 AM
දෙවියන්ට මේවා ඇහෙනවනම් කොච්චර එකක්ද. එහෙනම් පළමුවෙන්ම මේ රට සුන්නද්ධූලි කරලා කරන පව් වැඩ...
lawariya Sunday, 11 November 2018 09:09 AM
පොල් ගහල වැඩක් නැහැ.
vidya Monday, 12 November 2018 04:08 AM
ඉන්දියාවේ මිනිස්සු මේවට හිනා වෙනවා
chris Monday, 12 November 2018 06:35 AM
ජනතාවට සේවය කලානම් දෙවියෝ ඔයාලට වදීවි මිනිසුන් ඔයාලට ඡන්දය දාවි