හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලමේ ප්‍රාදේශීය රෝහල් කිහිපයක රෙදි පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කරන ලොන්ඩරිකරුවකු නිසි ක්‍රමවේදයෙන් බැහැරව එම කටයුත්ත සිදු කරනා බව ප්‍රදේශවාසීහු කියති.
එම ලොන්ඩරියට සම්බන්ධ කම්කරුවන් කිහිප දෙනකු රෝහල්වලින් පිරිසිදු කිරීමට ලබා දෙන රෙදි පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ හයේ කනුව මී ඔයට නුදුරින් වු ඉතාම අපිරිසිදු දුර්වර්ණ වු ජලය ඇති ස්ථානයකින් සේදීම් කරන අයුරු එහි යන ඕනෑම කෙනකුට දැක ගත හැකිය.
ලොන්ඩරිකරුට මීට පෙර අසව්ථාවක දී ද මහජන පරීක්ෂකවරුන් අවවාද කර ඇතැයි දැනගන්නට තිබේ.




COMMENTS
මේ වැඩේට සුදුසු අපේ රටේ ජනමාධ්‍ය ඇමැතිවරු. ඔවුන් කුණු අයින් කරල වැඩේ හරියට කරනවා.