( රොමේෂ් මධුෂංඛ)
ජලය නොමැති වීමෙන් මිය යාමට ආසන්නව සිටි මසුන් බේරා ජලය ඇති ළිං තුළට දැමීමේ ක්‍රියාවක නිරත වීමට වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ තරුණ පාසල් සිසුන් පිරිසක් පසුගියදා කටයුතු කළේය.
වවුනියාව මඩුකන්ද වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැවේ ජලය ඉවත් කිරීමට කොන්ත්‍රාත්කරුවන් විසින් පියවර ගැනීම හේතුවෙන් වැවේ ඉතිරි වූ මසුන් ඉතිරි වූ ජලයට වී සිටියද පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් ඉතිරි ජලයද සිඳී යාම නිසා ඉතිරි මසුන් මිය යාමේ අවදානමක්ව පැවතුණි.
මේ හේතුව නිසාවෙන් මඩුකන්ද ග්‍රාමයේ සිටි තරුණ පාසල් ළමුන් පිරිසක් විසින් මඩුකන්ද වැවේ ඉතිරිව සිටි සියලු මසුන් අල්ලා විශාල බඳුනකට දමා ප්‍රදේශයේ නොසිඳෙන ළිඳකට දැමීමට පියවර ගෙන තිබුණි.
මේ අනුව ලූලන්, කාවයියන්, තෙප්පිලියන්, අංගුට්ටන් , හුන්ගන් ආදි මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා ජලය ඇති ළිඳකට දැමීම ප්‍රදේශවාසීන්ගේද ප්‍රසාදයකට ලක් වූ ක්‍රියාවක් විය
.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ තරුණ පාසල් සිසුන් කළ මේ සත් ක්‍රියාව අපේ අනෙක් දරුවනුත් ආදර්ශයට ගන්නවා නම් ඉතා වටිනවා.
හරි හොඳ වැඩක් , මේ මාළු ජීවත්වුනොත් තමයි. තවත් මාළු වැඩිවෙන්නේ. බුද්දිමත්.
සාධු සාධු සාධු
නිියමයි
ලිඳක සිටිය හැකි උපරිම මසුන් ප්‍රමාණය ඇත. වැඩි වූ විට සිදුවන්නේ ලිඳ භාවිත කල නොහැකි තරමට අපිරිසිදු වී සියලුම මසුන් මැරී යාමයි
වටින වැඩක්. ඒත් ඔය ලිඳේ ඒ මාලුන්ට කන්න ආහාර තියෙනවාද?
මම අදහන ධර්මයට අනුව මෙය මහා පුණ්‍ය කර්මයකි.
උපදින හැම අාත්මෙකටම අත්වෙන මහත් වූ පිනක්... හැම ජීවිතයක්ම වටිනවා.. සතාට උගේ ජීවිතේ වටිනවා.. ජීවිතයක් යම් කරදරේකින්ම මුදා ගන්න කළ පින හුගක් වටිනා දෙයක්....
හොඳ යහපත් ක්‍රියාවක් ඔබ සියලු දෙනාට අල්ලාහ් දෙවි පිහිටයි.....
බොහොම වටිනා සත් ක්‍රියාවක්. පුතේ නුඹලාට මෙලොවදීම මේ රැස්කළ පින් වලින් ඔබලාගේ ජිවිතවලට හොදක් මිස අවැඩක් නොවෙන බව ස්ථිරය...
මම අහල තියන විදියට මෙවෙනි මාළුන්ට ජලය නොතිබුනත් මඩ යටට වී කාලයක් ජීවත් විය හැකිය බොහෝ අප්‍රිකානු රටවල මෙය සිදුවන දෙයකි. මේ මසුන් ඊළඟ වැස්සට වැව පිරෙන තුරු මඩ යටට වී සිට නැවත මතුපිටට පිවිසෙයි. නමුත් මෙසේ කුඩා බිම් ප්‍රමාණයකට කොටු වූ පසු වෙනත් සතුන් සහ මිනිසුන්ගේ ආහාරයට ගොදුරු වීමේ අවදානම ඇත.
පාසලේ දහය වසරට එද්දිම කොහේ හරි අගු පිලකට රිංගලා මත් පෙත්තක්, දුන්කොල කෑල්ලක්, බීඩියක්, බොන්න පුරුදුවෙලා ඉන්න සමාජයක මෙවැනි යහපත් වැඩ මහත් ඉහළින් අගය කල යුතුයි. එය ගමක, පාසලක දෙමාපියන් එකතුවෙලා කල යුතු වැඩක් මොකද අද පාසල් යන පිරිමි ළමුන්ගෙන් 50%ට වඩා ඉහත දුසිරිතට අැබ්බැහි වෙලා ඉන්නේ. දරුවා සමජයේ වැඩිපුර දක්නට අැති පැත්තට තමා අනුවර්ථනය වෙන්නේ. එ් නිසා යහපත අගය කල යුතුයි. හැබැයි දරුවනේ මේ මාළු වතුර නැතිව පොලොව යට වසරක් දෙකක් ඉන්න පුලුවන් වෙන විදියට අනුවර්ථනය වෙන මාළු. වතුර අාවම අය උඩට එනවා. මේ ලිඳේ උන්ට අාහාර හා ඔක්සිජන් ගැටළුවක් එයි. මොනා වුනත් ඔබගේ චේතනාව යහපත්.