
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
ඉස්සන් පොකුණක් සකස් කිරීමට අනවසරයෙන් ආනවිලුන්දාව කුරුළු අභය භුමියට ඇතුල් වී ඩෝසර් යන්ත්‍රයක් යොදා බිම සකස් කිරිමේ සිද්ධියෙන් පසු සංවිධානය වූ පරිසරවේදීන් කණ්ඩායමක් වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව විනාශ කර තිබූ භුමියෙහි රුක් රෝපණ ව්‍යාපාරයක් අද (19) සිදු කරන ලදී.
වයඹ පරිසර හඬ සංවිධානය මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊට වනජීවි දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්, හරිත පරපුර සංවිධානය සහ ආනවිලුන්දන්පත්තු රැම්සා තෙත් බිම සුරැකීමේ සංවිධානය සහයෝගය ලබා දී තිබුණි.
වයඹ පරිසර හඬ සංවිධානයේ සභාපති විල්පොත පේමානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පරිසරවේදීන් මෙම අවස්ථාවට එක්වී ඉස්සන් කොටුවකට සකස් කළ භුමිය අසල බිමෙහි විවිධ වර්ගයේ කඩොලාන පැල වර්ග රෝපනය කළ බව වයඹ පරිසර හඬ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහභාගි වූ සැමට යහපතක්ම වේවා ...!!! මෙය විනාශ කිරීමට සහභාගී වූ පාපතරයින්ට ඉක්මණින්ම වැලිගම් යාමට වැඩ සිද්ධ වේවා..!!!
ඔය පරිසරවේදියොත් එක්ක රට දියුණු කරන්න බෑ.. ජනාධිපතිතුමනි, පුළුවන් තරම් කැලෑ කපලා ඔබතුමා පාරවල් හදන්න.
හොඳයි.. ඒත් ඔය විදියටම විල්පත්තුව කපද්දි කරන්න බැරි වුනේ ඇයි කියන එකයි ප්‍රශ්නය. ප්‍රොෆයිල් වල රවුම් දාගෙන මැරෙන්න හදපු බුකිය දෙවනත් කරපු කීබෝඩ් වීරයෝ නගුට පස්ස ගහගෙන මංතීරු නීතිය ගැන ප්‍රශස්ති කියනවා. මල් ගවුම් ඇන්ද දිගංචියා එහෙම ආගිය අතක් නෑ.
මේ අයට තමයි " දැයේ දරුවෝ " කියන්නේ. ඔබ මේ වවන කඩොලාන ගස් ලොකු මහත්වී සොබාදහම් මාතාවට ජිවන හුස්ම දෙනවා.. සොබාදහම් අම්මා ඒ ලබන හුස්ම අපිට පිඹිනවා.. ජීවත් වෙන්නට. ඔබසැම රටට ණය නැති දරුවන්...!!! මෙවැනි පරිසරය රැකගැනීමේ කාර්යයන් තවතවත් කරමින්, දේශපාලුවන් විසින් ගස් වැද්දන් සහ මස් වැද්දන් ලවා විනාශකරන මේ රටේ පරිසරය අරක්ෂා කරගනිමින් සුන්දර පරිසර පද්ධතියක් අනාගතයේ උපදින ඔබගේ දුපුතුන්ට සාදා තැබීමට ඔබසැමට දිරිය ශක්තිය වගේම දෙවියන්ගේ පිහිටත් බුදුන්ගේ සරණත් ලැබේවා. ඔබසැමට බොහොමත්ම ස්තුතියි..!!!
ආනවිලුන්දාවේ කුරුලු අභය භූමියට කළ විනාශයෙන්, හිත් වේදනාවෙන් සිටි සියලුදෙනාටම මෙම දසුන නම් සතුට ගෙන දෙන්නක්.. මෙයට දායක වූ සියලු දෙනාටම ස්තූතියි. ඩෝසර් යන්ත්‍රවල ශබ්දයට බයේ, සී.සී. කඩ පියාඹා ගිය කුරුල්ලනේ, නුඹලාට ඒ මූසල සිදුවීම සිදුවුණු දවස්වල මොනවා සිතෙන්නට ඇද්ද?. "අපෙන් නුඹලාට කරදරක් තිබෙනවද? ඇයි අපට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ...? නුඹලාට ඉස්සන් කන්න ඕනෙම නම්, ඔය රට වටේටම මුහුද තියෙන්නේ... කලපු තියෙන්නේ, අල්ලගෙන කන්නකෝ, අපේ නිජභූමියට රින්ගලා අපව අනාථ කරන්නේ නැතුව. "එයාලා එහෙම හිතලා ඈතට, ඈතට ඉගිල්ලිලා යන්නම යන්න ඇති...
CB ට තරහා යාවිද දන්නේ නැහැ මේවා දැකලා...?
කිසිදේකට බයවෙන්න එපා. ඉස්සන් බෝ කරන්න, ගල් කඩන්න, වැලි ගොඩ දාන්න ස්ථාන ගැසට් කරළම දෙයි ළඟදිම... කිව්වොත් කිව්වාම තමයි. අර මන්ත්‍රීලාට කාර් පර්මිට් දෙන්නේ නැහැ.. සියලුම ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා කිව්වා වගේ. මතකයිනේ?
ගස් අපට ඔක්සිජන් ලබාදෙනවා... කාබන් ඩයොක්සයිඩ් අරගෙන.. අපේ පරම යුතුකම වන්නේ දරුවන් මෙන් ගස් ආරක්ෂා කිරීමයි.
මෙහෙම තමයි විය යුත්තේ, ආණ්ඩුව නොසැලකිලි නම් ජනතාවට පාරට බහින්න වෙනවා. මොකද මේ ආණ්ඩුව පත්කෙරුවේ ජනතාවනේ..
රටේ ආර්ථිකය වර්ධනය කිරීමේදී වනය එළි පෙහෙළි වීම වැළැක්විය නොහැකි දෙයක්... උදාහරණයක් ලෙස, පසුගිය සියවසේ මුල් භාගයේදී කොළඹ ප්‍රධාන නගරයට දකුණින්, ගාල්ල දක්වාවූ භූමිභාගය වනගහනින් සහ වනසතුන්ගෙන් පිරි ප්‍රදේශයක් විය. අද එම ප්‍රදේශයේ තිබූ සියලු වනාන්තර ඉවත් කර මං මාවත් සැදී, රටේ ජනගහනයෙන් අධිකතම ප්‍රදේශයක් බවට පත්වී ඇත. අද බොහෝ පරසරවේදීන් යයි කියාගන්න උදවිය ජීවත් වන්නේ මෙම ප්‍රදේශවලයි. එබැවින්, මෙවැනි ප්‍රදේශවල ව්‍යාපාර ආරම්භ කිරීමේදී පරිසරය සමග යම් සමතුලිතතාවක් පැවැත්වීම හැර, එම ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වසා දැමීම සිදු නොකළ යුතු දෙයකි.
මෙම කටයුත්ත අපි සියලු දෙනාම අගය කළ යුතුයි. රට පුරාම වන විනාශයන් කරමින් 'වියත් මග' 'කියත් මග' වෙමින් තිබියදී මෙහෙම වත් අය ඉන්න එක රටට ආඩම්බරයක්.