(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ රජයේ රක්ෂිත කැළෑවට ගෙන ගොස් දමන අතර ඒවා වන අලීන්ගේ ආහාර බවට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකිවිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන පිපිඤ්ඤා, තක්කාලි, වම්බටු, නෝකෝල්, රාබු, නිවිති, දඹල ආදී එළවළු වර්ග රැසක් දිනපතා ඉවත් කිරීමට සිදුව තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
එළවළු තොග විශාල වශයෙන් අද (5) අලුයම දඹුල්ල මහනගර සභාවේ ටිපර් රථ මඟින් දඹුල්ල රජයේ රක්ෂිතයට ගෙන ගොස් දැමීම සිදු විණි.




COMMENTS
අපි ඡන්දෙ දීලා යවන මිනිස්සුන්ට මේවා පේන්නෙ නැද්ද? කොහොමද ඉතින් ආර්ථික සංවර්ධනයක් වාර්ගික සංහිඳියාවක් ඇතිවෙන්නෙ? මේ එළවලු බොහොමයක් එන්නෙ යාපනේ ගොවියන්ගෙන්.
අලින්ට දෙනවනම් ප්ලාස්ටික් උර අයින් කරලා එළවලු බාන්න. නැත්නම් අහිංසක සත්තු මැරෙනවා.
කාවහරි දමලා උරටික අයින් කරලා අලින්ට දුන්නා නම් එ්ක ලොකු දෙයක්....
ආර්ථික විද්‍යාව ගැන තියා සා.පෙ වත් සමත් නැති අය රටේ පාලනයට පත් කරගත්තම ඔහොම තමයි. පොල් ගෙඩියත් රටින් ගෙන්වනවා කිව්වම අප්පුඩි ගහන ඡන්ද දායකයෝ ඉන්න රටක්නේ මේක. රටින් ඔක්කොම ගෙන්වන්න දඟලනවා විතරයි.. අතිරික්තය රට පටවන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ.
සෙසු බොහෝ පළාත්වල එළවළු ඉහළ මිලට අලෙවි වෙද්දී, එළවලු ගන්න සල්ලි නැති දුප්පතුන් - දුප්පත් දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙද්දී, දවසට, වේලට එළවලු වර්ග 5ක් කන්න කියල පෝෂණවේදීන් කියද්දී මේ පුංචි රටේ කිමි 200 - 300 ක් දුරට එළවලු ටිකක් යවන්න ක්‍රමවේදයක් හදන්න බැරි නොහැකියාව, නොසැලකිල්ල තම එකම සුදුසුකම කරගත් ජනාධිපතිවරු අගමැතිවරු මැති ඇමතිවරුන්ට අදාළ නිලධාරීන්ට සහ ඒ අයට ගරු කියලා මුලින් ලියන - කියන හැමෝම දූපත් ගෙම්බෝ වගේ අපි තමයි පොරවල් කියලා හිතාගෙන ඉන්නේ !!!
මේවා පොලීතින් මලුපිටින් සතුන්ට කන්න දීලා පරිසරයත්, සතුනුත් වනසන්නේ නැතිව කොම්පෝස්ට් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුයි.
මෙතන එළවළු විසි කරනවා. අපිට එළවළු ගන්න ගියාම එලොව පේනවා. මේ ක්‍රමයේ වැරැද්දක්... කෝ එදා අය-වැයෙන් ගෙනාපු එළවළු කල් තබා ගතහැකි සීතල ගබඩා? මේ රටේ කවද්ද හරි දෙයක් කෙරෙන්නේ?
ඕවා ඔක්කෝටම කෘමිනාශක බෙහෙත් ගහලා කෑවා නම් අලිත් ඉවරයි.
මේක නම් විශාල නාස්තියක්.. දවසට එක් වේලකින් යැපෙ මිනිසුනුත් ඉන්නවා.. අපිට සැබෑ නායකයෙක් ඉන්නවාද?
අැයි මේ එළවලු කොළඹ පැත්තට ගෙන්න බැරි. මෙහෙ එළවලු ගිනි ගණන්. මොනවද ආණ්ඩුව කළමනාකරණය කරන්නේ? එළවලු නැතුව නගරවල මිනිස්සු ලෙවකනවා මෙහෙ විසි කරනවා.
වෙන රටවල්වල රක්ෂිතයකට කොළ කෑල්ලක්වත් දාන්න දෙන්නේ නෑ. මෙහෙම පාලනයක් නැතුව කෑම දාන එකෙන් සත්තු මැරෙනවා. බලධාරීන්ට මේක නොපෙනෙන එක රටේ අවාසනාවක්...
පොලිතීන් පරිසරයට... දඬුවම් නැද්ද? පරිසර අමාත්‍යාංශය කොහේද?
පරිසර ඇමති තාම පත්තරය බලලා නැත.
අම්මප මේවා දැක්කහම පුදුම හිතෙනවා මේ තරමට දුක් මහන්සිවෙලා වගාකරලා මේ විදිහට විනාශකරනවා ඒ මදිවට ප්ලාස්ටික් බැග් එක්කම සත්තුන්ට දාලා කන්නදෙනවා මේ ගැන සොයා බලන්නට නිළධාරීන් නැද්ද රට පාලනය කරන මැති , ඇමති වරුන් නිදිද ? පරිසරයත් විනාස වෙන බවක් පෙන්නේ නැද්ද ? මේ එළවලු වෙන ප්‍රදේශ වලට ලබාදෙන්නට වෙන ක්‍රමයක් නැද්ද? අනේ අපේ රටට වෙන දේවල් .
මේවා කාල අලින්ටත් වකුගඩු රෝග හැදෙයිද දන්නේ නැ අසරණ සත්තු
පරිසර ඇමතිතුමාගේ ඇස පේන්නෙ නැද්ද මේ අහිංසක සතුන්ට කරන විනාශය .
මේ අපරාධය කරන්න එපා. මේ වැඩෙන් ගොවීන්ටත් පාඩුයි. සත්ව ජීවිත වලටත්, පරිසරයටත් හානිදායකයි හිටපු ආරක්ෂක ලේකම් තුමා එදා කල දේ හරි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය තුමනි, වහාම හමුදා නිලධාරීන් සහ වාහන යොදවා මෙම ගොවීන්ගේ එළවලු අපේ ගම්වල පොළ වලට එවන්න වැඩ පිළිවෙලක් සකසන්න. මේ මහා අපරාධය තවදුරටත් කරන්න දෙන්න එපා. අපේ ගම්වල එළවලු ගිනි ගණන්. තමුන්නාන්සේලා මැතිවරණයෙන් පැරදුනේ, මේවගේ දේවල් දැකල අහක බලාගෙන ගිය නිසයි. ගොවීන් ගැනත් පාරිභෝගිකයා ගැනත් මේ වෙලාවේ හිතල හරි වැඩක් කරන්න. .
මේවා නම් හෙණ ගහන අපරාධ , මේ මිනිස්සු කණ කර උකස් තියලා ගොඩක් අමාරුවෙන් මේවා වගා කරලා අන්තිමට විකුණගන්න බැරුව අපතේ දානවා ..ඒත් සමහර පැති වල මිනිස්සුන්ට කන්න දෙයක් නැතුව තුන් වේල බඩගින්නෙ වේලෙනවා. ඇයි මේවට නිසි විසදුමක් දීලා ගොවියටයි පාරිභෝගිකයන්ටයි සාධාරණයක් කරන්න බැරි..?
මෙහෙමත් මෝඩයෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෙතුව ඇති.
මෙතන ඉස්සර ලොකු දළ ඇතෙක් හිටයා. කෝ පීනන්නේ නෑනේ දැන්..