(ගයාන් අමරසේකර)
දුම්රියන් වල වෙළදාම් කරන වෙළදුන්ට පවතින රජය යටතේ එම වෙළදාම තහනම් කිරිමට එරෙහිව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ සංවිධානය අද (9) කොළඹ එක්සත් ජාතීන්ගේ ශ්‍රී කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.
දුම්රියවල වෙළදාම් කරන වෙළඳුන් අල්ලා ඔවුන්ව උසාවියට ඉදිරිපත් කර දඩ ගසන බවත් පැවතුන රජය යටතේ රැකියාවට හැඳුනුම්පතක් සහ ජැකට්ටුවක් ලබාදී රැකියාව ස්ථාවර කළ බවත් දැන් එවැන්නක් සිදු නොවීම නිසා එයට විරෝධය දක්වන බවත් සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ජනපති නිවසට සංදේශයක් ද බාරදුන්නේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මේ තීරණය නම් ඉතා හොඳයි. දුම්රියවල, බස්වල ගමන් ගන්නා ජනතාවට මොවුන් ඇත්තෙන්ම ලොකු කරදරයක්. ජනතාවට කරදරයක් නොවන අයුරින් වෙනයම් ආකාරයකට මොවුන්ගේ ප්‍රශ්න විසඳා දෙන්න.
සෙනග පිරුණු දුම්රියක යන්නම ඕන මේ අයගෙන් තියන කරදරයයි, හයිකාරකමුයි බලාගන්න, මේ තහනම ඉතා හොඳ වැඩක්, කෙසේ නමුත් මේ මිනිස්සුන්ටත් සාධාරණයක් ඉටුවිය යුතුයි.
දුම්රියේ වඩේ විකුණන, මගින් හට විශාල කරදරයක් වූ මෙම කට්ටිය, එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් භාර දීම මට නොතේරේ. ඔවුන් යා යුත්තේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ සාමාන්‍යධිකාරී වෙත නොවේද ?
මගීන් හට අවහිරයක් වෙන මෙවැනි නීති විරෝධී ක්‍රියාවකට, ජනාධිපති ගෙන් සහ එක්සත් ජාතීන්ගෙන් සහනයක් ඉල්ලන මෙවැනි අය ඇත්තේ ලංකාවේ පමණයි , අර පාසල් ඇඳුමින් ඉන්න දරුවා ලලැජ්ජාවෙන් මුණ වහගෙන ඉන්නවා පව්. මොවුන්ට දුම්රිය ස්ථානවල වෙළඳ කුටි දිය යුතුයි.
පොදු මගී ප්‍රවාහන වල වෙළදාමට කිසිසේත් ඉඩ දිය යතු නැත . මේක මගීන්ට මහා කරදරයක් ..... මේ අයට වෙන විකල්පයක් සලකා බලන්න .....
ඇත්තටම සමහර වෙලාවට මොවුන් හරිම කරදරයක්. නමුත් දුම්රිය ආපන ශාලාවලට වඩා අඩු මුදලකට මගීන්ට මොවුන්ගෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකිය. මේනිසා මොවුන්ට සුදුසු කොන්දේසි පනවා මෙම සේවාව විධිමත් කර ජනතාවට කරදරයක් නොවන පරිදි පවත්වාගෙන යනවනම් හොඳයි. උදාහරණයක් ලෙස තෝරාගත් දුම්රිය ස්ථානවල මොවුන්ට යම් ඉඩකඩක් වෙළද කුටි සඳහා ලබාදීම, තදබද නොමැති වේලාවල දුම්රිය තුල වෙළදාමට අවසර දීම, දුරගමන් සේවා වැනි තෝරාගත් දුම්රියවල පමණක් වෙළදාම් කිරීමට අවසර දීම, ආහාරවල තත්වය ඉහල මට්ටමින් පවත්වා ගැනීම සදහා නීති පැනවීම, මගීන්ට ආචාරශීලි වීම, පිරිසිදු නියමිත ඇඳුමක් නියම කිරීම, වෙලදාම් කරන කාලය තුල භාවිත කිරීමට යම් හැදුනුම්පතක් ලබාදීම වැනි කරුණුද ඇතුලත් ආචාර ධර්ම පද්ධතියක් ද මොවුන්ට ලබා දියයුතුය. කෙසේ නමුත් යාචකයන්නම් පොදු මගී ප්‍රවාහන සේවා වලින් ඉවත් කල යුතුමය,
කරදරයක් බව නම් සැබවි, නමුදු තම දහදිය මහන්සියෙන් රටට බරක් නොවී තම ජීවිකාව කිරීමට ඇති අයිතිය නැති කිරීමට මගේ බලවත් විරෝධය.
මේ අයට සුදුසු වෙනත් ආකාරයක වෙළඳාමකට නගර ආශ්‍රිතව කුටි හදා දෙන්න. දුම්රියේ වෙළඳාම තහනම් කල එකට අපේ ප්‍රණාමය. මෙවැනි වෙළඳාම් අතේ බංගලිදේශය වගේ රටවලන් පමණයි. දුම්රිය තුල හොඳ බෝජනාගාර සේවයක් පටන් ගන්න. ටිකක් මිල වැඩි වුණාට කමක් නැහැ. අහාර පිරිසිදුව දෙන්න.
මොවුන්ට ස්ටේෂන් වල විතරක් වෙළඳාම් කරන්න දෙන්න පුළුවන්... ඒත් දුම්රියේ වෙළඳාමට ඉඩනොදිය යුතුයි. අනෙක මේවායේ සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. පිරිසිදුත් නැහැ. අනෙක දුම්රියේ සිඟාකෑම පවා විදේශිකයින් හමුවේ රට හෑල්ලුවට පත් වෙනවා.