(ජයරත්න වික්‍රමාරච්චි)
වසර දෙකක පමණ කාලයක් නියඟයෙන් පීඩාවට පත්ව උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 10ක පවුල් 2531ක පුද්ගලයන් 8709ක් සඳහා තවදුරටත් පානීය ජලය බෙදාහැරීම සිදු කෙරෙන බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක බාලසූරිය මහතා පැවසීය.
එම කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකයට අනුව රඹාවැව ග්‍රාම නිලධාරි වසමේ පවුල් 247ක පුද්ගලයන් 758ක්, මුරුක්කු වටවන පවුල් 240ක් පුද්ගලයන් 850ක්, කරුවලගස්වැව පවුල් 460ක් පුද්ගලයන් 1298ක්, පහරිය පවුල් 247ක් පුද්ගලයන් 731ක්, තේවනුවර පවුල් 329ක පුද්ගලයන් 1198ක්, කුඹුක්වැව පවුල් 285ක් පුද්ගලයන් 835ක්, පාවට්ටාමඩුව පවුල් 35ක පුද්ගලයන් 106ක්, තබ්බෝව උතුර පවුල් 500ක් පුද්ගලයන් 2400ක්, තබ්බෝව උතුර පවුල් 168ක පුද්ගලයන් 473ක් සහ අලුත්ගම ග්‍රාම නිලධාරි වසමේ පවුල් 20ක පුද්ගලයන් 60ක් සඳහා දැනට පානීය ජලය බෙදා හැරේ.
මේ සදහා ජල බවුසර් 2ක් යොදා ගෙන ඇත. එමගින් දිනකට පානීය ජලය ලීටර් 14,000ක් නිකුත් කෙරේ.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම නිලධාරි වසම් 26ක් ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහවනය කපා ගම්මාන හදමු. හෝටල් හදමු. නිවාඩු නිකේතන හදමු.