(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ රිලවුන්ට සහ වන අලින්ට කෙසෙල් ගෙඩි තොග පිටින් ලබාදීම අද (25 ) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සැල් සේවකයන් කිහිප දෙනෙකු එක්ව සිදු කරනු ලැබීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් සේවකයෙකු වන සුදත් ප්‍රියන්ත මහතා සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු එක්ව ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කිරීමට ගෙනවිත් තිබූ ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝ 20000ක් පමණ රුපියල් 30,000 ක මිලකට ලබාගෙන ඒවා රක්ෂිතයේ වන අලින්ට සහ රිලවුන්ට ලබා දීම ඔවුන් විසින් සිදු කරනු ලැබූහ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කුඩා ලොරි රථ දෙකකින් දඹුල්ල මහ නගර සභාව මගින් පවත්වාගෙන යන කුණු කසල ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ ස්ථානයේ රැඳී සිටින වන අලින්ට මේවා ලබා දුන් අතර එම ආසන්නයේ සිටි රිලවුන්ට ද කෙසෙල් ගෙඩි කන් පිටින් ලබා දීම සිදු කරනු ලැබීය.
වන අලින් 10 දෙනෙකුට අධික පිරිසක් එම ස්ථානයට පැමිණ කෙසෙල් ගෙඩි භුක්තිවිදින අයුරු දැක ගැනීමට හැකිවිය.





COMMENTS
අපගේ දෙවියන් කළ විශ්මිත වැඩකි...
වනසතුන් ගෙදරට ගෙන්නන්න පුරුදු කරවීම පින් සිදුවෙන වැඩක් කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා.
එතකොට කිලෝ එකක්ම රු. 1.50යි. වගා කරුවන් තවමත් ජීවත් වෙනවලුද?
මේ මහත්වරුන්ගේ චේතනාව කෙතරම් කාරුණික වුණත් මේක නම් වගකීම් රහිත ඉතාම වැරදි වැඩක්. වනසතුන් ජීවත්වෙන්නේ, විශේෂයෙන් අලි ඇතුන්, කෙසෙල් ගෙඩි කාලා නෙවේ. කුණු ගොඩකට වනසතුන් පැමිණෙන එක වළක්වනවා වෙනුවට ඔවුන්ට එතැනට පැමිණ එහි තියෙන දහ ජරාව කන්නට පුරුදු කරන එකනම් කිසිසේත්ම අනුමත කල හැකි දෙයක් නොවේ. කළයුත්තේ සියලුදෙනාම එකතුවී මෙවැනි ජරාව දාන තැන්වලට වනසතුන්ට එන්නට නොහැකි වෙන අන්දමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි.
සතුන්ට ආහාර දීම හොඳ දෙයක්. ඒත්, ඒ සතුන් මේ ආකාරයට සැමදා පැමිණීමට පුරුදු වුවහොත් තත්ත්වය කෙබඳු වේවිද? මේ ආහාර දීම මතක්වී වෙළෙඳ පොළවල් වලට පැන බලෙන් කාවි... එතකොට මේ බෙදූ මිනිසුන් ඒකට වගකියනවද?
මේකේ අදහස් දාපු සමහර රාලලා මොනවා කිව්වත් ඔබතුමන්ලා කරලා තියෙන්නේ උතුම් ක්‍රියාවක්... බඩගින්නේ ඉන්න සතුන් වවාගෙන කන්නද?
අමුතුම විදිහේ දානපතියෝ ලංකාවේ ඉන්නේ. කැලෑවේ ඉන්න අලින්ට කන්න දෙන්න ඕන නම් ඒ ගැන දන්නා අයගෙන් උපදෙස් ගන්න තිබුණා. සත්තු වත්තක වුණත් සතුන්ට කන්න දෙන්න අපට ඕන විදියට බැහැ. යම් විදියකින් මේ අලි ලෙඩ වුනොත් කවුද වග කියන්නේ? මේකත් හරියට මාලිගාවත්තේ සල්ලි බෙදුවා වගේ වැඩක්...
කුසගිනි නිවීමට සතෙකුට හෝ ආහාරයක් දීම ඉතාම හොඳ සත්ක්‍රියාවක්... එහෙත් වන සතුන් සමග අප ගණුදෙනු කළ යුත්තේ ඉතාමත්ම කල්පනාවෙන් බව නම් සඳහන් කළ යුතුමයා. මක්නිසාදයත් වනසතුන්ගේ ආහාර සොයාගෙන කෑමේ දිනචර්යාවට මෙය බාධාවක් වියහැක. සමහරවිට වැඩිදෙනෙකු අපගේ මෙම අදහස්වලට එකඟ නොවෙනු ඇත.
මේක පිස්සු වැඩක්. මේ අලින්ව ආමරුවේ දානවා හිඟා කන්න පුරුදු කරලා.
ප්‍රදීප්, ජීවිතේට කෙසෙල් ඇඹුල් කෙසෙල් කිලෝවක් සල්ලි වලට අරගෙන නෑ වගේ...
කවුරු කවුරුත් කයිවාරු ගැහැව්වට ගොවියාට තමයි හැමදාම නස්පැත්ති සිදුවන්නේ... දෙයියට හරියට කළමනාකරණය කරගන්න බැරි නිසා තමයි මිනිහට දුන්නේ එම වගකීම. ඒත් බැරිවුණා නම් කාටද කියන්නේ...?
මේ කරලා තියෙන්නේ හොඳ චේතනාවෙන් තමයි. හැබැයි මිල බලන්න. රු. 1.50. මම ඉන්නේ ඉඹුල්ගොඩ-ගම්පහ. එක ඇඹුල් ගෙඩියක් රු. 3-4. බඩු බෙදාහැරීම ගැන රජවරුන්ගේ කයියෙන් වැඩක් නැහැ නේද? ගොවීන් වහ බොන එක කියන්න දෙයක්ද? ප්‍රගතිශීලී රජයක් කියන්නේ කොහොමද? උග්‍ර ධනවාදය මීට වඩා හොඳයි.
"දන්සැල" යන වචනය මෙතැනට උචිත නොවුණත් මේකත් එවැනිම උසස් ක්‍රියාවක් බව පේනවා. කොහොම වුණත් නිදැල්ලේ හැසිරෙන වනසතුන්ට මේ විදියට ආහාර සැපයීම මගින් වෙනත් කරදර පසුවට ඇති වෙන්නත් පුළුවන් කියලා මගේ සීයා කියනවා. අලි රංචුපිටින් කෙසෙල් ගෙඩි කන්න ගම් වැදුනොත්, එහෙම නැත්නම් රිලා, වඳුරෝ පවුල් පිටින් ගම්වල පිළුම් ගහන්න ආවොත් ගම්වැසියන්ට දෙවියන්ගේම පිහිටයි කියා එයා කියනවා. ආච්චි අහන්නේ මේ කෙසෙල් තොගය රජය (නො) බෙදන අසරණ මහජනයාට දුන්නානම් මීට වඩා හොඳ නැද්ද කියලයි. ඒත් ඉතින් කෙහෙල් ගෙඩියෙන් බඩ පුරෝගන්න එකත් ඇඟට ගුණ නැහැ කියා ගමේ ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් හැටියට බොහෝ කාලයක් වැජබුණ මගේ සීයාගේ මතයයි...
කලින් වතාවෙත් මෙම පවතින රජය බලයේ තියෙන කොට අලින්ට කන්න දුන්නා නේද? හමුදාව පවා යොදාගෙන වතුර සපයපු විදිය ලෝකය පුරාම ප්‍රවෘත්තියක් වුණා. නමුත් පසුගිය අවුරුදු පහට අලිඇතුන් එකසිය ගණනක් පන්න පන්නා ගණන් කරකර මරා දැමුවේ ඡන්දය දිනන්නනේ. කෝ ඉතින් දිනුවාද? මේ අසරණ සතුන්ට කන්න දෙනවා වගේ පුණ්‍ය ක්‍රියාවන් අගය කරන්න ඕනා. මේ සතුන් රැකිලා ඉන්න නිසා විදෙස් සංචාරකයන් පැමිණීම මගින් ලංකාවට කෝටි ගණනක විදේශ විනිමයකුත් ලැබෙනවා.
අපිට සුද්දා අරක්කු බොන්න පුරුදු කරපු හැටි මතක් වුණා.
පාර්ලිමේන්තුවේ ඉන්න අලි ටිකටත් ඔය කුණු වුණු කෙහෙල් කැන් දුන්නා නම් කොච්චර පිංද?