හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආරච්චිකට්ටුව මහමාඑළිය වැවේ වැව්බැම්ම ස්ථාන තුනකින් අද දහවල් කැඩී යාමත් සමඟ සේරුකැලේ පල්ලම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවතී ගිය බව පුත්තලම ආපදා කළමණාකරණ එකකය පවසයි.
පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් .ආර් .එන් .කේ අලහකොන් මහතා පැවසුවේ අධික වර්ෂාව හේතුවෙන් මහමාඑළිය වැවට ඉහළ වැව් වලින් අධික ලෙස ගලා ආ ජලය දරා ගැනීමට නොහැකි වීමේන් මෙම බැම්ම කැඩී යන්නට ඇති බවයි.
කෙසේ නමුත් මෙයට පෙර 2016 වසරේද පැවති වාර්ෂාව හේතුවෙන් මහමාඑළිය වැවේ බැම්ම කැඩී යාමේ අවධානමක් තිබියදි පුත්තලම ආපදා කළමනාකරණ එකකයේ සහයෙන් යූද හමුදාවේ 200 දෙනකු පමන යොදවා වැලි කොට්ට ගසා බැම්ම ආරක්ෂා කිරිමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් .එන් .චිත්‍රානන්ද මහතා කටයුතු කර තිබිණි.
2016 වසරේදි එක් ස්ථානයක අවධානම තිබුනද මෙවර ස්ථාන තුනකින් අවධානම පැවතීම නිසා වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට නොහැකි වී තිබුණි.
වැව් බැම්ම කැඩී යාමෙන් විජය කටුපොත , බත්තුළුඔය ඇතුළු ගම්මාන ගණනාවක් ජලයෙන් යට විට.



COMMENTS
ලංකාවට හදිසි ආරක්ෂණ රෙගුලාසි ඕනෑ. මා තේරුම් ගත් පරිදි ඉංජිනේරුවරුන්ගේ ජල සංසදය විසින් අමාත්යංශ කිහිපයකට ආරක්ෂක ලේකම්ට උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන් මෙම වැදගත් ජාතික වේලි ආරක්ෂාව පිළිබඳ ගැටලුව තවමත් සැලකිල්ලට ගෙන නොමැත.
දුෂක පාලකින් නිසා ස්වබාවධර්මය ජනතාවට එරෙහිවෙලා. බුදු දහමේ පාලකයන් රටක් පාලනය කලයුතු විදිය පැහැදිලි කරලා තියෙනවා. ජනතාවගේ මෝඩ / අවස්ථාවාදී කතිර ගැහිල්ලේ වරද
බන්දුල කියන කතාව ඇත්ත. අද ඉන්න අමාත්‍යංශ ලේකම්ලා මැට්ටෝ. ඉංජිනේරුවෝ කියන දේවල් ගනන්ගන්නෙත් නැහැ. තේරෙන්නෙත් නැහැ. මේ ලේකම්ලා හුඟ දෙනෙක් කළා අංශයේ ඉගෙනගත් අය. හරියට ඔලුව ඉදිමගෙන නිලධරිවාදය ඔලුව උඩ තියාගෙන ඉන්නේ. දේශපාලුවන්ට කඩේ යන එකයි සල්ලි පාගා ගහන එකයි තමයි හුඟ දෙනෙක් කරන්නේ
හැම දේටම දේශපාලකයින්ට පමණක් දොස් කීමට පමණයි හැමෝම පුරුදු වී සිටින්නේ.රටක දේශපාලකයන් පත් කරන්නේ කළමනාකරණය කරන්න මිස, වෘත්තිමය වැඩ කරන්න නොවේ. ඒකට තමයි විවිධ අමාත්‍යංශ වලට වෘත්කයින් පත් කරන්නේ.ඒ වෘතිකයින් තමයි දේශපලකයින්ව ඒ සඳහා දැනුවත් කළයුතු වන්නේ. මොකක්දෝ කරුමෙකට, අපේ රටේ රාජ්‍ය ආයතනවල බහුතර වෘතිකයන් වැඩ බැරි ටාසන්ලා. මේ වෘතිකයන්ගේ නිමණශීලී හැකියාව බිංදුවයි. හැමදේම දන්නවා යයි සිතා අලුතින් යමක් අධ්‍යනය කිරීමක් නැහැ. නව දැනුම හා නව තාක්ෂණ ක්‍රම වේදවලට කිසිදු ඉඩක් මේ ශ්‍රී ලංකාව තුල නැහැ. දක්ෂයෝ පැත්තකට විසිවෙලා කබ්බෝ රජකරන රටක් මේක. ඔවුන්ගේ මේ නොහැකියාව නිසා තමයි, මේ අය විවිධ මාෆියා කල්ලි පිහිටුවා ගෙන ඔවුන්ගේ බලය පෙන්වන්නේ. එතනදී, දක්ෂයෝ විතරක් නෙමේ, අවංක දේශපාලකයෙක් වුණත් අසරණයි.
බන්දුල ඇතුළු පිරිස කියන කතාව සියයට සියයක් හරි. අමාත්‍යංශ වල සිටින සමහර වෘත්තිකයින් තමන්ගේ වාසිය තකාම දේශපාලන අතකොලු බවට පත්වෙලා. මේ අය නිසා 'වැඩක් කළ හැකි' අයටත් කරබාගෙන ඉන්නට සිදුවෙලා. දැනට වසර විසිපහකට පමණ ඉහතදී මා පරිසර අමාත්‍යංශයේ වැඩ කරද්දී එවකට සිටි වැඩබලන ලේකම් පාලි සංස්කෘත උපාධියක් කළ කෙනෙක්. ඔහුට පරිසරය ගැන දැනුමක් තිබුනෙම නැහැ. අද තත්ත්වය ඊටත් වඩා දුර්වලයි වගෙයි පෙනෙන්නේ.