(ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)
තම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවෝ පිරිසක් අද(11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ.
ඔවුහු ඕල්කට් මාවතේ ගමනාගමනය අවහිර කරමින් පාරේ වාඩිවී සිටිති.






(ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)
තම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවෝ පිරිසක් අද(11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ.
ඔවුහු ඕල්කට් මාවතේ ගමනාගමනය අවහිර කරමින් පාරේ වාඩිවී සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට තියෙන්නේ මේක පාලනය කරන්නයි.
තමුන් සේවය කරපු කාලය සහ එයට ලැබුණු සියලු දීමනා ගැනත් ප්‍රසිද්ධ කලා නම් නේද හොඳ? තවද එම කාලය වැඩ කරපු වෙනත් අයවලුන්ට ලැබෙන දීමනා ගැනත් සංසංන්දනය කලානම් හොඳයි නේද?
මේ මොකද්ද මේ සෙල්ලම. තමන්ගේ ඉල්ලීම් ලැබුනේ නැති වුනාම මෙහෙම පාරවල්වල ගමනාගමනය ඇන හිටීම හරිද. මේවා සාමාන්‍යයෙන් සාකච්චා මාර්ගයෙන් විසදා ගත යුතුය. මෙයින් වන්නේ අපේ දුප්පත් ආර්ථිකයට තවත් බැට දීමයි.
මේ ගොල්ලෝ රණ විරුවෝ වුණාට දැන් වැටෙන්නේ කඩාකප්පල් කාරයින්ගේ ගොඩටනේ ....
දැන් නම් කෙලින්නේ පිස්සු. මේ ඔක්කොම පඩි නඩි අරන් මිනිසුන්ට වද දෙනවා. ඒ කාලෙක හිටියා නම් මේ අයට ලැබෙන්නේ පොලුපාර තමයි.
අනේ ඇත්තමයි මේ මිනිස්සුන්ගේ මොලේ තියන්න ඕනේ තැන නෙවෙයි තියෙන්නේ මම හිතන්නේ. මොලේ යටට ගිහින්. සාමාන්‍ය පොදු ජනතාවගේ ගමනාගමනය කඩාකප්පල් කරලා මුළුරටේම උදේ වරුව නාස්ති කරන මේ මිනිස්සුන්ව යවලා දාන්න ඕනේ. මෙයාල රණවිරුවෝ නෙමේ. මෝඩයෝනේ...
මේ ගැන රජය සමඟ සාකච්ඡා කළාට වැඩක් වුණේ නැහැ. මේ රණවිරුවෝ ඉන්පසුව උපවාස කළා. ගුටි කෑවා. ජලප්‍රහාර වලට මුහුණ දුන්නා. පසුව ජනාධිපතිතුමාගේ පොරොන්දුව ලැබීමෙන් පසුව රණවිරුවෝ විසිර ගියා. අදටත් ඒ පොරොන්දුව ඉටුවෙලා නැහැ. මේ උදවිය ආබාධිත වුණේ අපි වෙනුවෙන් සටන් කරලා මිසක් ඔවුන්ගේ පෞද්ගලික දේපල ආරක්ෂා කරගන්න සටන් කරලා නමෙයි. අපේ කුහකයන්ට මේවා මතක නැහැ. ඉගෙන ගන්න විනිසුරුතුමාගෙන්වත් කොහොමද තමන් වෙනුවෙන් දිවිදුන් විරුවෙකුට සලකන විදිය? මරුණා නම්, මේ තරම් දුක්විඳින්න වෙන්නේ නැහැ. මේ උදවියට ප්‍රතිකාර වලට කොතරම් වැයවෙනවද ?
අර ඒ දවස්වල හිටපු ලේකම්තුමා මොනවත් කරලා නැද්ද? රට රටවල්වල ගිහිල්ලා සංදර්ශන පවත්වලා එකතු කරපු සල්ලි කෝ? මිලානෝ නගරයේ තිබුන සංදර්ශනයට අපිත් අවංකවම දායක වුණා... රණවිරුවෝ ගැන අනුකම්පාවෙන්.
මේ සැබෑ රණවිරුවෝ නොවේ. රස්සාවක් නැතිකමට හමුදාවට බැදුණු පිරිසක්.. රටට, ජාතියට සැබෑ ලෙස ආදරය කල සැබෑ රණවිරුවෝ මෙසේ අවිනීතව හැසිරෙමින් රණවිරුවාගේ ගරුත්වය කෙලෙසන්නේ නැත.
අපේ රටේ තරම් මුල අමතක වෙන ගුණමකු ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.. ඒකයි මේ වගේ අදහස් පල කරලා තියෙන්නේ. මේ මිනිස්සු කියන්න පුළුවන් හැම විදිහටම මේ ගැන රජයට කිව්වා. එත් ගණන් ගත්තේ නැති තැන තමයි මෙහෙම ක්‍රියාමාර්ගයකට යොමු වෙලා තියෙන්නේ..
ඉහත බොහෝ ප්‍රතිචාර දැක්කාම මට මතක් උනේ ගුත්තිලයේ "දියෙහි යන දණ්ඩට..පිහිටක් වෙතත් පෙරසිට.." කවියයි.
අබාධිත රණවිරුවන්ට පඩි තුනක් ලැබෙනවා. 1 මාසික වැටුප සහ අදාල සියලුම දීමනා රුපියල් 60000ක් පමණ. 2. විශ්‍රාම වැටුප රුපියල් 35000ක් පමණ. 3 අබාධිත දීමනාව රුපියල් 15000ක් පමණ වන අතර මෙය අාබාධයේ බරපතලකම අනුව වෙනස්වේ. මීට අමතරව අවුරුද්දකට කීප වතාවක් ඔවුන්ගේ පාසල් යන ළමුන් සඳහා ද්‍රව්‍යමය ආධාරද ලැබේ. නමුත් යුද්ධයේ ඉදිරි පෙළ සටන් කොට අබාධිත නොවූ වචනයේ පරිසමාප්තියෙන්ම රණවිරුවන් වූ වීරයන්ට ලැබෙන්නේ රුපියල් 35000/- කට අඩු විශ්‍රාම වැටුප පමණකි.