(කාංචන කුමාර ආරියදාස)
ජීවිතයේ අවසන් ගමන යන ගමනේ අවදානමක් පවතින ජනතාවක් වෙසෙන ගම්මානයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ.
ඒ ගලේවෙල රන්වැඩියාව එම ගම්මානයයි.ගම්මානේ කොස්පොත ඇල මගේ පාලම කැඩී යෑමත් සමඟ වසර ගණනාවක සිට රන්වැඩියාව ප්‍රදේශයේ පවුල් හත්සියයක් පමණ දෙනා මෙහි එගොඩ-මෙගොඩ වනුයේ ඇළට බැසීමෙනි.
රන්වැඩියාව ගම්මානයේ පුද්ගලයකු මරණයට පත්වුහොත් ඔහුගේ මිනිය රැගෙන යාමට ඇත්තේද මේ අයුරින්මය.
එවැනි ඛේදජනක අවස්ථාවක් රන්වැඩිය ගම්මානයේදී ඊයේ (04) පස්වරුවේදී දකින්නට ලැබිණි.මිය අයකුගේ දේහයක් කොස්පොත පොදු සුසාන භූමියට ගෙන යාමට ගමිවාසීන්ට ගෙන යාමට සිදු වුයේ ඇලට බැසිමෙනි.
ඇතැම් වැසි දිනවලදී මේ මළගෙයක් සිදු වූ විට භූමදානය පවා කල් දමන බව ප්‍රදේශවාසීහු පවසති. දැනටමත් ගමේ මිනිස් ජිවිත දෙකක් මේ ඇලේ ගසාගෙන ගොස් අහිමි වී තිබෙන බව ගම්මු කියති .
ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ස්ථානයට නැවත වරක් පාලමක් ඉදිකර දෙන ලෙසයි.
ජනතා මුදල් වියදම් කරමින් මෙම ස්ථානයේ ඉදි කරනු ලැබූ පාලම මාස හයක් ඇතුළත කඩාගෙන ගිය බවත් කිසිම ප්‍රමිතියකින් තොරව අඩුම තරමේ යකඩ කැබැල්ලක් හෝ නොයොදා කොන්ත්‍රාත්කරුවන් විසින් පහළම ඉදිකළ බව ගම්මුන් පවසති.
ඉදිකිරීම් පිළිබඳව සහ පාලම කඩා ගෙන ගිය බව බලධාරීන්ට අවස්ථා ගණනාවකදී දැනුවත් කළ ද ඉන් කිසිදු පලක් නොවූ බවත් අඩුම තරමේ එම කොන්ත්‍රාත් කරුවාගෙන් හෝ විමසීමක් නොකොට පාලම කඩා ගෙන ගිය පසු කොන්ත්‍රාත්කරුගේ මුදල් ගෙවූ බවද ප්‍රදේශවාසීහූ පවසති.
පවුල් 700ක පමණ ජනතාව ඉතා ඉක්මනින් ගලේවෙල නගරයට පාසලට පන්සලට ආදී සියලු අවශ්‍යතා සඳහා මෙන්ම මරණයට මඟුලට දරු උපත් තියට සියලුම දේ සඳහා මෙම මාර්ගය භාවිතා කළ බව ඔවුහු පවසති.
ඒ සියලු දේ මේ වන විට අවධානම් ගමනක ඇල මගෙන් බැස ජලයේ ගමන් කළ යුතු බව ඔවුහු හඬා වැටෙමින් අප සමඟ පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට වියදම් කරන්න බැහැ......... රෝසි නෝනගේ සල්ලි හොයන්න ඕනේ....
අවුලක් නැහැ, තව ටික දිනකින් නැවත අලුතෙන් වාහන ගෙන්වීමට එක අයෙකුට මිලියන 45 හෝ 50 බැගින් තවත් ඇමැතින් 15 කට පමණ මුදල් වෙන් කල පසු ඔය ප්‍රශ්නයත් විසදී යනු ඇත.
මින් කියවෙන්නේ පාලකයා නොහොත් දේශපාලකයා යනු මහජන නියෝජිතයකු නොව ඡන්දදායකයා ගේ නාමයෙන් අසීමීත සැප විදිනා රැලකි. ඔවුන් උනන්දු තිරු බදු රහිත වාහන විකිනීම, නොමිලේ දුරකථන, බිලිපත්, සංග්‍රහ දීමනා, ඉන්දන දීමනා ඇතුලු තම වරප්‍රසාද ඉහළ දමාගැනීම පමණී.
ලෝකෙන් උතුම්ම රට ලංකාව කීවට ඉතියෝපියාව මීට හොදයි ද මන්දා ??
කණගාටුයි, රටේ බොහෝ ප්‍රදේශවල මෙවෙනි ඛේදජනක හා අනතුරු දායක තැන් තියනවා. එම පලාත්වල ඉන්න දේශපාලන්දයෝ මේවා දන්නවා. නමුත් කණගාටුයි ජනාතාවත් නැවත වරත් පත්කරන්නෙත් කිසි දෙයකට වටින්නෙති පුද්ගලයන්ව.
පොඩ්ඩක් ඉන්න රෝසිගේ වැසිකිලි හදල ඉවරවෙලා, සබීතා පායේ කුලී ගෙවල, අධිෂණ මන්ත්‍රී ලක්ෂ 2 ගානේ අමතරව ගෙවල,( දෙන ඒවා මදිවට ) මහා බැංකුවෙන් සිදු වූ පාඩුව බදු ගහල ජනතාවගෙන් පියව ගත්තට පස්සේ ඡන්දයක් ලග එන කොට පාලම හදන්න මුල් ගල තියල දෙන්නම්. නැද්ද හා.
ජනතා ප්‍රශ්න විසඳන්නේ කොහොමද දේශපාලකයෝ ඔවුනොවුන් අතරේ බල අරගලයක පැටලිලානේ.
මේ මරණය ඔය ගෙදරට ගෙනාවේ කොහොමද? මේ ගමට තියන එකම පාර ඕක වෙන්න බෑ. ලංකාවේ තරම් අඩියෙන් අඩිය ෂෝර්ට් කට්, පොඩි පොඩි අඩි පාරවල්, පාලම්, බෝක්කු තියෙන තරම් රටක් මුළු ලෝකෙම නෑ. ඕව ඔක්කොම හදන්න ලංකාවේ අනික් වැඩ ඔක්කොම නවත්වන්න ඕනේ.