(හේමන්ත ද සිල්වා)
මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් වැසී ගියේය.
මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.






(හේමන්ත ද සිල්වා)
මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (28) සවස මුහුදු ජලයෙන් සහ මුහුදු වැලි වලින් වැසී ගියේය.
මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.






COMMENTS
ඉන්දුනීසියාවෙන් ආපු සුනාමියේ කොටසක් වෙන්න බැරිද?
සිකුරාදා ඉන්දුනීසියාවට බලපැවැත්වූ ප්‍රබල භූමිකම්පාව නිසා එරටට සුළු සුනාමියක් ඇතිවුණා. සමහරවිට අපේ රටේ ඇතිවූ මේ කෙටි මුහුද ගොඩගැලීම එහි පසු ප්‍රතිඵලයක් වෙන්න බැරිද? මුළු රටම හැඬවූ 2004 සුනාමි ඛේදවාචකය පැමිණියේත් එරටේ සිට මේ පළාතට නොවේද?
අද මේ ලියන මොහොතේ (ලංකාවේ වේලාවෙන් පාන්දර 2.30) ඉන්දුනීසියාවේ සුලවාසි දුපතට ආසන්නයේ සිදු වූ භූමිකම්පාවක් නිසා මීටර් තුනක් පමණ උස සුනාමි රැල්ලක් ගොඩබිම ආක්‍රමණය කර විශාල විනාශයක් වී තිබෙනවා. එය මීට පැය භාගයකට පමණ පෙර සිදු වූ නිසා ආපදාවට පත්වූවන් ගැන තවම තොරතුරු නැහැ. ලංකාවට ඒ සුනාමිය බලපෑවත් නැතත් වෙරළෙන් ඉවත් වෙලා ඉන්න එක ආරක්ෂාකාරියි.
ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් සමග 3m සුනාමියක්. කෝ අපේ සුනාමි එලාම් පද්ධතිය...
සුනාමියක් අයිසේ පොඩි සුනාමියක්...
ඉන්දුනීසියානු සුනාමියේ ප්‍රතිඵලයක්...
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් ඇතිවූ සුනාමියක් නේද ?
ඉන්දුනීසියාවේ සිදුවී ඇති හේතුව නිසා වූ දෙයක් නම් අපේ ආරක්ෂක වැඩපිළිවල මීට වඩා දියුුණු විය යුතුය.
සුනාමි අනතුරු අඟවන කුළුණුවල බැටරි හොරකම් කරන රටක්...
සුනාමි ඇවිත් අසල රටක 300ක් මැරෙනකම් අපේ අය ගාලු පාරට වතුර ඇවිත් කියල ඉන්නවා. පසුගිය සුනාමියට පසු බෝයාවල් හදල සුනාමි අනතුරු ඇගවීමේ නලා සවි කරලා තියෙන්නේ කිව්වා නේද? මෙහෙම වතුර එනකම් නලා කීයක් වැදුනද? ජාතික ආරක්ෂාවට මේවා අදාළ නැද්ද?
මේක මොක වුනත්, හරි නම් වගකිව යුතු ආයතන මේ සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි ප්‍රකාශයක් කල යුතයි. මේකේ ඉන්න අය හිතෙන දේ ඔහේ කියවනවා. මුළු රටටම වෙලා තියෙන්නේ මේ දේ තමයි. කිසිම දෙක ක්‍රමයක් නැහැ. එක එක්කෙනාට ඕනේ විදිහට ඔහේ තමන්ගේ ගමන පුළුවන් විදිහට යනවා.