(මොහොමඩ් ආසික්)
මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු වන ආගමික සංසිද්ධීන් පිළිබදව මුස්ලිම් නොවන පිරිස් වලට අවබෝධයක් ලබා ගැනීම සඳහාත් ජාතින් අතර සහජීවනය ඇති කිරීම සඳහාත් අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානය සියලු ජනතාව වෙත අද (28) දවස පුරා විවෘතව තැබිණි.
මෙහිදී සිංහල දෙමළ ජනතාව සමඟ මුස්ලිම් කාන්තාවෝ ද විශාල පිරිසක් පැමිණ මුස්ලිම් දේවස්ථානය තුළ දෛනිකව සිදු වන ආගමික වැඳුම් පිදුම් සිදු වන ආකාරය දැක බලා ගත්හ.
මෙහිදී ඔවුන්ට මුස්ලිම් සංස්කෘතියට අනන්‍යවූ සංස්කෘතිකාංගයන් දැක බලා ගැනීමටත් ආහාර පානවල රස බැලීමටත් අවස්ථාව ලැබිණි.
සාමාන්‍යයෙන් මුස්ලිම් දේවස්ථානයක වන්දනා කිරීම සඳහා යාමට අවසර ඇත්තේ මුස්ලිම් පිරිමි අයට පමණක් වන බැවින් මුස්ලිම් කාන්තාවෝද මෙම අවස්ථාවට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගියම යහපති! - බුදුන් වහන්සේ
මේ ක්‍රමයට තමා මැදපෙරදිග දහස් ගණනින් දෙනා ඉස්ලාම් වලට හරවා ගන්නේ...... වැඩිපුරම මේ උගුලට අහුවෙන්නේ ගෘහ සේවිකාවෝ හා අඩු ආදායම් ලබන මැදපෙරදිග සේවකයෝ.
මේක තනිකර ප්‍රෝඩාවක්. මේවා ඇතුලේ මුකුත් නැති බව ඕන කෙනෙක් දන්නවා.
මේක ගොඩක් හොඳ දෙයක්.
කෑදෑත්තා බොරු කියන්නෙ..
අහුවෙන්න එපා ඕවාට
මම මේ රට සිංහල රට කියන්නෙක් උනාට හැම ආගමකටම ගරු කරන්නෙක්.
සිංහල හා දමිළ කාන්තාවන්ට එක් ආහාර මේසයකුත් මුස්ලිම් අයට තවත් ආහාර මේසයකුත් ලෙස වෙන් කරල තිබිල නැද්ද.. ?
මේ රටේ සම හරක් ඇත්තද බොරුද දන්නෙත් නැහැ හැබැයි හැමදේම දන්නවා වගේ හැම දේටම විරුද්ධ වෙන්න විතරයි දන්නේ.
කබ්බෝ නොවෙයි හොඳ වැදගත් සිංහලයෝ ගීහින් තියන්නේ, කුල කාන්තාවෝත් ඉන්නවා
අකුරණ ටව්මෙ සිංහලයෙකුට කඩයක් දාගන්නත් දෙන්න කියන්නකො පුලුවන්නම්.
ජයසිංහගේ ගේ අදහසට සියට සියයක් එකගවෙමි. මගේ ගමත් අකුරණට ඉතා ලගින් පිහිටා ඇත. අපිට මේ කට්ටියගෙන් තියන ප්‍රශ්න දන්නේ අපි.
මෙතැන ලියලා තිබෙන්නේ මොන මිනිස්සුද කියලා හිතෙනවා. සමහරු කුල කාන්තාවන් තෝරලා තිබෙන්නේ ඇඳුමෙන්..
බෞද්ධ බැතිමතුනි, සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ " කාලාමයින්ට" දේශනාකළ " කාලාම සුත්‍රය" තම ජීවිතයට ධර්මයෙන් ගලපා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් ගැටළුවක් ඇතිවේද යන්න සොයාබලන්න. තෙරුවන් සරණයි !!
හම්බයෝ පනසලකට එනවද? නැහැ මොකද අල්ලාහ් දෙවියන් විස්වාස නොකරන අය කාෆර් ලා හෙවත් බොරුකාරයෝ හැටයට හංවඩු ගහනවා.
මෙතන කමෙන්ට් කරන සමහර අයට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. මොකද කොයිදේ කලත් එයලගේ සුපුරුදු මඩ ප්‍රචාරයම කරගෙන යනවා. පල්ලියට අනිත් ජාතීන්ට යන්න දෙන්නේ නෑ කියල කාලයක් කෑගැහුවා. දැන් තව අමුතු කතා හදාගෙන ආයෙත් ප්‍රශ්නයක් පටන් ගන්නවා.
කොහොමත් මේ ගැන කල්පනාවෙන් ඉන්නවනම් හොඳයි. මේවා දීර්ගකාලීන සැලසුම්.
බෞද්ධ සැදැහැවත් පින්වත් මහත්මියනි ,මහත්වරුනි. අප සම්මා සම්බුදු වහන්සේ "කාලාමවරුන්ට" දේශනා කල " කාලාම සුත්‍රය " අනුව යම්කෙනෙක් කීවාට , දුටුවා කීවාට, පොතක පතක ලියාතිබුනාට එය පිලිනොගන්න, එය දහමට ගලපා, අවබෝධයෙන් පිළිගැනීම හෝ නොගැනීම කලයුතුයි. ඒ අනුව මෙයද සොයාබැලීම කරන්න. තෙරුවන් සරණයි.
සහජීවනය ඇයි අරාබියට නැත්තේ ? ලංකාවට විතරද ? ඇයි අපේ දේශපාලකයෝ මැදිහත් වෙන්නේ නැත්තේ එහෙ පන්සල් ඉදි කරන්න අපේ වැඩ කරන මිනිස්සු වෙනුවෙන් . මං හිතන්නේ හැමදේකම දෙපැත්තක් තියෙන්න ඕනේ
සිංහලයා මෝඩයා.
පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ
සමගිය පිණිස විතරක් කලානම් කිසිම වරදක් නැහැ. නමුත්, පල්ලියට ගිය අක්කිලා,නංගිලා, ඇන්ටිලා ටික දවසක් ගියාම කළු ගෝනි බිල්ලා ඇඳුමට මාරුවෙන්න නම් එපා ඔන්න.ඔසරිය ඇඳපු නුවර කට්ටියත් ගිහිල්ල තියෙනවනේ.අකුරණ පැත්තේ ඉන්න මිනිස්සු දන්නවනේ එහෙ තත්වේ.
සාමය, සහජීවනය, මනුෂ්‍යත්වය මතු තරගෙන මේ කරන වෙනසට කවුුරුත් සුභ පතමු....දැන් පන්සල, කිතු පල්ලිය, දේවාලය සියලු දෙනාට විවෘතයි...සාමය මනුස්සකම රජයා කුහකකම පලවාහරිමු.....