අජන්ත කුමාර අගලකඩ
ඉදිරියේදී පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධවී එහි වගකීම් බාරගත යුතුය යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩිව සිටින බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් පස් දෙනකු දැනටමත් ආණ්ඩුව සමඟ සම්බන්ධවී සිටින අතර පක්ෂය සමඟ දැනට සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නව දෙනෙකි.
එයින්ද වැඩි දෙනකුගේ අදහස වී ඇත්තේ ශ්‍රීලනිපය සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධවී වගකීම බාර ගෙන රජයේ ඉදිරි කටයුතුවලට සහාය දිය යුතු බව යැයි දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd