(අජන්ත කුමාර අගලකඩ)
ආන්දෝලනයට ලක්ව තිබෙන" ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මේ මස අගදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එම වාර්තාව මේ මස 30, 31 සහ ලබන මස 1 වැනිදා යන දින තුනේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැළකිල්ලට ගනිමින් මෙම අතුරු වාර්තාව සකස් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd