(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එකඟතාවකට පැමිණ ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපයේ සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන පෙළේ අමාත්‍යධුරයකද වෙනසක් සිදුවනු ඇතැයි වාර්තාවේ.
මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනය ඉතා නුදුරේදී ස්ථිර වශයෙන්ම සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
කැබිනට් සංශෝධනය සමඟ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වෙනසක් ද සිදු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
කැබිනට් සංශෝධනයට අගමැතිවරයාත්, ආණ්ඩුවේ දේශපාලන පක්ෂත් එකඟ වී ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා ඊට කිසිවකුගේ විරුද්ධත්වයක් නැතැයි කීවේය.
ආණ්ඩුවේ සහ රටේ යහපත සඳහා කැබිනට් සංශෝධනයක් සිදුකිරීම ආණ්ඩුව බලයට පත් කළ පාර්ශ්වවල, සංවිධානවල පොදු ඉල්ලීමක් බවට පත්ව තිබෙන බව කී ජනාධිපතිවරයා, ඒ ගැන කිසිවකුත් කලබල විය යුතු නැති බව සඳහන් කළේය.
ඇමැති සංශෝධනය හා අමාත්‍යංශ ලේකම්වරුන් වෙනස් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍ය මණ්ඩල අමත්‍යංශ ලේකම්වරු වගේම ස්ථා සභාපතිවරු අධ්යක්ෂ මණ්ඩල වලත් කාර්ය සාධනය සලකා බලා වෙනස්කම් කිරීම ඕනීම රජයක් කලයුතු දෙයක් අමත්‍යංශවල තීරණ ක්‍රියාත්මක වෙන්නේ ආයතන ප්‍රධානීන් මගින් ජනතාවට ආයතන සේවකයන්ට හා රටට උපරිම ප්‍රතිපල ලැබිය යුතුයි
දේශපාලකයන්ගේ බල අරගලය නිසාවෙන් රටේ සංවර්ධනය සම්පුර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා .
මේවට තමයි කටින් බතල කියන්නේ, හැමදාම බාලගිරි.
ඇමති මාරුවට හොදම කාලය
මහජනතාව පුටු ටික පෙරලලා දෙයි . ටිකක් ඉවසන්න
ඕකත් අර දිවුලපිටියේ පස් හොරකමට සම්බන්ධ නිලධාරීන්ට දඩුවම් කලා වගේ, ගෝල්ෆේස් ගිය අයට තිබ්බ විනය පරීක්ෂණය වගේ එකක් වේවිද ?