(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට විදේශ ගෙවුම් ශේෂයේ ඇතිව තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස ඉන්දීය සංචිත බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 400ක (රුපියල් කෝටි 8000ක පමණ) ණය මුදලක් ලබාගැනීමට රජය තීරණය කර ඇත.
මෙම ණය මුදල මාස 9ක කාලයක් තුළ නැවත ගෙවීමේ පදනම මත ලබාගැනෙනු ඇත.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයට බරපතළ පහරක් එල්ල වී ඇති අතර, එය මෙරට විදේශ ගෙවුම් ශේෂයට දැඩිව බලපා තිබේ.
විදේශ ගෙවුම් ශේෂයේ ඇතිවිය හැකි අර්බුදයට කෙටිකාලීන විසඳුමක් ලෙස මෙම ණය මුදල කඩිනමින් ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd