IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හකීම් - රිෂාද් වැට උඩ

(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)  

ප්‍රධාන පක්ෂ දෙකේ පාර්ලිමේන්තු බහුතර බලය පෙන්වීමේ මෙහෙයුමේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති රාවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාද් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය දෙන්නේ කිනම් පාර්ශ්වයකට ද යන්න තීරණය නොකර තවමත් වැටඋඩ ප්‍රතිපත්තියක සිටින බව වාර්තා වේ.  

ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කර මන්ත්‍රී ධුර හයක් ද, තනිව තරග කර එක් මන්ත්‍රී ධුරයක්ද වශයෙන් මන්ත්‍රී ධුර 7 ක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමිව ඇති අතර එජාපය සමඟ තරග කර දිනාගත් මන්ත්‍රී ධුර 5ක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට හිමිව ඇත.  


එම මන්ත්‍රීවරුන් 12 දෙනාගේ සහාය ලබාගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂයත් රිෂාද් බදියුදීන් හා රාවුෆ් හකීම් යන මහත්වරුන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත.  
එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින බව වාර්තා වේ.  


මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ගිය සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.  
මෙම පක්ෂ දෙක මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් ආණ්ඩුවට එක්වන්නේ නම් ප්‍රධානපෙළේ කැබිනට් අමාත්‍ය ධුර දෙකක් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් පිරිනැමීම සම්බන්ධයෙන් ද දැනටමත් සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාන් කාරියප්පන් මහතා ප්‍රකාශ කළේ තම පක්ෂය කිසිදු තීරණයකට එළඹී නැති බවයි. මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදෙනවා දැයි කළ විමසීමේදී යළිත් ඔහු ප්‍රකාශ කළේ එවැනි තීන්දුවක් ගෙන නැති බවයි.  


මේ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සහය දැක්වීමට එකඟතාව පළකර ඇතැයි වාර්තාවේ.  


ඉකුත් මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 106 ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඊ.පී.ඩී.පී. සංවිධානයේ මන්ත්‍රී ධුරයද සමඟ මන්ත්‍රී ධුර 96 ක් හිමිව ඇත.  


එජාපය නියෝජනය කරන විජයදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ, දුනේෂ් ගන්කන්ද, වඩිවෙල් සුරේෂ්, එස්.බී. නාවින්න සහ එස්. වියලේන්දරන් යන මන්ත්‍රීවරුන් 7 දෙනා ඇමැති ධුර ලබා ආණ්ඩුවට එක්ව ඇති බැවින් ආණ්ඩුවේ මන්ත්‍රී ධුර ගණන 103 දක්වා ඉහළ ගොස් ඇත. එජාපයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද සන්ධානයට සහාය දැක්වීමට එකඟව ඇති බැවින්, ආණ්ඩුවේ මන්ත්‍රී ධුර ගණන 104 දක්වා ඉහළ යනු ඇත.  


එජාපය සමඟ සිටි මන්ත්‍රීවරුන් 6 දෙනකු සන්ධානයට සහාය දැක්වීම නිසා එජාපයෙ මන්ත්‍රීවරුන් ගණන 99 දක්වා අඩුවී ඇත. 

 

 



අදහස් (0)

හකීම් - රිෂාද් වැට උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 573 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site